අද ඇතැම් රූපවාහිනි හා එෆ්. එම්. පවුල් බිඳවට්‌ටනවා
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විඡේසිංහ

යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල

ජනමාධ්‍ය ජනතාවගේ යහපත තකා තිබිය යුතු වුවත් අද සමහර රූපවාහිනි නාලිකා සහ එෆ් එම් නාලිකා මගින් විකාශය කරන වැඩ සටහන්වලින් සිදුවන්නේ පවුල් සංස්‌ථාව බිඳ වැටීමයි. රූපවාහිනියේ යන ඇතැම් ටෙලි නාට්‍ය ගෙදර ප්‍රශ්න හදා ගන්න හැටි හරි අපූරුවට කියා දෙනවා යෑයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විඡේසිංහ මහතා පැවැසීය.

මාකෙහෙල්වල හේරත් මහතා විසින් රචනා කරන ලද සඳකිඳුරිය කෙටි කතා පොත දොරට වැඩුමේ උත්සවයට එක්‌වෙමින් හෙතෙම මෙම අදහස්‌ පළ කළේය. මාවනැල්ල සමුපකාර මන්දිර ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණි.

සමාජයට ආදරය කරන ජනමාධ්‍යයට ජනතාවගේ දැවෙන ප්‍රශ්න මග හරින්න බැහැ. සඳකිඳුරිය පොතේ ලේඛකයා ගිනිගත් සමාජය සමනය කරන්න මේ පොත තුළින් පාඨකයාට දැනුම ලබාදී තිබෙනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.