හොඳින් මිරිස්‌ වැව්වොත් චීනයට සවාරියක්‌

තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති මිරිස්‌ වගා වැඩසටහනට අවශ්‍ය ආධාර ලබාදීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සූදානමින් සිටින බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ දිස්‌ත්‍රික්‌ කළමනාකාරවරයා සඳහන් කළේය. දැනට ආරම්භ කර ඇති මිරිස්‌ ගෙවතු වගා වැඩසටහනට සහන රැසක්‌ ලබාදී ඇති බව පැවසූ දිස්‌ත්‍රික්‌ කළමනාකාරවරයා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ හොඳම මිරිස්‌ ගෙවත්ත හිමි ගොවියාට චීන සංචාරයක්‌ ලබාදෙන බවද පැවසීය.

මුළු රටම චීනකරණයට පත්වෙමින් පවතින මේ අවස්‌ථාවේ චීනයට ගොස්‌ පැමිණියොත් හොඳ චීනෙකු වී ඔවුන් සමග කරට කර වැඩ කළ හැකිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.