අඹන්ගඟ දෙපස කුඹුක්‌ ගස්‌
විනාශ කරන තුරු බලධාරීහු මර නින්දේ


ජයන්තිපුර - උඩගෙදර

පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සහ වස්‌ගොමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව ගලා බසින අඹන්ගඟෙහි දෙපස රූස්‌ස, කුඹුක්‌ ගස්‌ කපා විනාශ කිරීමේ සංහාරයක්‌ සිදුවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු හෙළිදරව් කරති.

මෙම මහ වන සංහාරයට ගොදුරු වූ රෑස්‌ස කුඹුක්‌ ගස්‌ සියයක්‌ පමණ මේ වන විටත් කපා බිම හෙළා ඇති බවත් කිසිදු වගකිවයුතු අංශයක්‌ මෙම වන සංහාරය මැඬලීමට ඉදිරිපත් නොවන බවත් ඔවුහු චෝදනා කරති.

මේ අන්දමින් දිඹුලාගල ඓතිහාසික හඳපාන්විල විහාරස්‌ථානයට යාබද හඳපාන්විල්ලුවෙහිද විශාල කුඹුක්‌ ගස්‌ කපා හොර රහසේ විකිණීමේ ජාවාරමක්‌ පවතින බවටද තොරතුරු ලැබී තිබේ.

මෙම වන සංහාරය නිසා අඹන්ගඟෙහි සහ හඳපාන්විල්ලුවෙහි ජෛව විවිධත්වයට විශාල තර්ජනයක්‌ එල්ල වී ඇතැයි පරිසර සංවිධාන පෙන්වා දෙති.

වහා මෙම වන සංහාරය නැවැත්වීමට පියවර ගන්නැයි ද පරිසර සංවිධාන හා ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.