ඇමැති පේෂල කෙවිට අතට ගනී

තලාව - එප්පාවල. රත්න බී. ඒකනායක

"වාර විභාගයේදී දරුවන්ට හරියට ප්‍රශ්න පත්‍රයක්‌ වත් හදාගන්නට බැරි ඇමැති, අධ්‍යක්‍ෂකවරු, ගුරුවරු" ඔය විදියටයි. ගැටලුවේ පතුල නොදකින ඇතැම් මවුපියන් කියන්නෙ. ඇමැති ප්‍රශ්න පත්‍ර හදන්නෙ නෑ. ඒ ඒ වගකිව යුතු තනතුරු දරන අධ්‍යක්‍ෂවරුන්ට තමයි මේ රාජකාරිය පැවරිලා තියෙන්නෙ. ඒ අය හරි විදියට ඇඟට අරගෙන කැපවීමෙන් මේ වැඩේ කරල නෑ. එහෙම නං එවැනි නිලධාරීන් තවදුරටත් මේ තනතුරුවල තියා ගත යුතුද?

ඒ විතරක්‌ නෙවෙයි. උතුරු මැද පළාතේ කලාපීය අධ්‍යාපන කාර්යාලවල පවත්නා ගුරු උපදේශක පුරප්පාඩු සඳහා සුදුස්‌සන් තෝරා ගැනීමට පසුගිය 20 වැනි දා තරග විභාගයක්‌ පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. එම අයදුම්කරුවන්ට ප්‍රවේශපත්‍ර යවා තිබූ නමුත් ඒවායේ විභාග මධ්‍යස්‌ථාන සඳහන් කර නෑ. ඉතින් කොහොමද විභාගයට වාඩි වෙන්නේ? මෙයින් විභාග අපේක්‍ෂකයන් බලවත් අපහසුතාවන්ට පත්වුණා. මේකනං මහ පුදුම අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්‌.

එකක්‌ද දෙකක්‌ද" කළොත් වැඩක්‌ ඒකෙ දෙබලක්‌. මෙම වැරදිවලට වගකිවයුතු සියලුම නිලධාරීන්ට විධිමත් විනයානුකූල පරීක්‍ෂණයක්‌ පවත්වනවා. වැරදිකරුවන් වන අයට දැඩි ක්‍රියා මාර්ගයක්‌ ගන්නවා යෑයි පළාත් අධ්‍යාපන සංස්‌කෘතික හා තාක්‍ෂණ කටයුතු භාර අමාත්‍ය පේශල ජයරත්න බණ්‌ඩාර මහතා - සිය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කළේය.

රජරට අධ්‍යාපනය බිඳ වැටිලා. පාඩුව ඉගෙන ගන්නා දුවා දරුවන්ට. දුවා දරුවන්ගෙ මවුපියන්ට. බිඳ වැටුණ තැනින් අධ්‍යාපනය ගොඩ අරගෙන යථාවත් කරන්න ගියාම මග දිගට දෙබල්, බොරු වළවල්. බොරුවළවල් කපල වැඩ කඩාකප්පල් කිරීමෙන් පාඩු වෙන්නෙ රජරට දුවා දරුවන්ටයි. ඒකට තවදුරටත් ඉඩ දෙන්න බෑ. වැරදි කළ සියලු නිලධාරීන්ට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා යෑයි ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.