අන්සතු බැංකු කාඩ් පතකින්
මුදල් සොරාගත් කත අල්ලන්න පරීක්‌ෂණ




බළන්ගොඩ නගරයේ බැංකුවකින් ඒ. ටී.එම්. කාඩ්පත උපයෝගි කර ගනිමින් අන්සතු ගිණුමක තිබූ මුළු මුදලම (රු. 59500) ලබාගත් තරුණ කාන්තාවක්‌ අත්අඩංගුවට ගැනීමට බළන්ගොඩ පොලිසිය පරීක්‌ෂණ අරඹා තිබේ.

සිද්ධිය මෙසේය. බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය ඒ.ටී.එම්. කාඩ්පතින් සිය ගිණුමෙන් රුපියල් 2500 ක්‌ ලබාගෙන ඇත. පසුව බැංකු කාඩ්පත නොමැති බව දැනගත්තේ දින කීපයකට පසුවය. තමා ඒ.ටී.එම්. යන්ත්‍රයට යොමු කළ කාඩ්පත ආපසු නොගත් බව සිහියට නැඟී බැංකුවට විත් සිද්ධිය ප්‍රකාශ කළේය. ඒ වන විට ඔහුගේ ගිණුමේ තිබූ ඉතිරි සියලුම මුදල කවුරුන් හෝ ගෙන ඇති බව පැහැදිලි විය. බැංකුවේ සවිකර ඇති කැමරාවේ සටහන් පරිදි කාන්තාවක්‌ මුදල් ලබා ගෙන ඇති බව තහවුරු වුවත් මෙකී තැනැත්තිය තාමත් පොලිසියට සොයා ගැනීමට නොහැකි වී ඇත. වංචාකාරී අන්දමින් මෙකී කාන්තාව මුදල් ලබා ගන්නා අයුරු මෙම ඡායාරූපයෙන් දැක්‌වේ. බළන්ගොඩ පොලිසිය පරීක්‌ෂණ මෙහෙයවයි.

බළන්ගොඩ - එන්. එච්. පියසේන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.