2010 සිට 2012 තෙක්‌ ගාල්ලේ
ක්‍ෂය රෝගීන් 1582ක්‌ වර්තා වෙලා


වංචාවල කලහේ කුමාරදාස ලියනගේ

2010-2012 තුන් අවුරුදු කාලය තුළ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ක්‍ෂය රෝගීන් 1582 ක්‌ වාර්තා වී ඇති බව ගාල්ල දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්. එස්‌. විඡේවික්‍රම මහතා පවසයි.

2010 වර්ෂයේ ගාල්ල දිසාවෙන් ක්‍ෂය රෝගීන් 600 ක්‌ වාර්තා විය. 2011 වර්ෂයේදී එම සංඛ්‍යාව 484 දක්‌වා අඩුවී ඇත. එම සංඛ්‍යාව 2012 දී 492 දක්‌වා ඉහළ ගොස්‌ ඇත්තේ සුළු ප්‍රමාණයකිනි. මෙම වර්ෂයේ මෙතෙක්‌ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව ගණන් බලා නැති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා, රෝගය වැළැක්‌වීම සඳහා රෝහල් කීපයකදී සෙම පරීක්‌ෂා කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යන බව පැවැසීය.

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ගාල්ල සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී පවත්වන ලද දිස්‌ත්‍රික්‌ සම්න්ධීකරණ කමිටුවේදී වෛද්‍ය ඩබ්ලිව්. එස්‌. විඡේවික්‍රම මහතා මෙම කරුණු අනාවරණය කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.