සෙනොක්‌ සහ අයිෂර් සමගින්
ව්‍යාපාරික ලොවේ ඉදිරියටම යන
NEM කන්ස්‌ට්‍රක්‌ෂන්



සෙනොක්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකාර සමාගමක්‌ මෙන්ම දිවයිනේ මුල් පෙළේ ඉදිකිරීම් සමාගමක්‌ වන NEM කන්ට්‍රක්‌ෂන් (පෞද්.) සමාගම නවතම "අයිෂර්" ට්‍රක්‌ රථ 43 ක්‌ මිලදී ගැනීම මෙහිදී සිදුවිය. ඊට අදාළ යතුරු භාරදීම සංකේතවත් කරමින් VECV ලංකා පෞද්ගලික සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු රාඡේෂ් කුමාරන් (දකුණේ සිට දෙවැන්නා), කුමාර් මෙන්ඩිස්‌ (දකුණු කෙළවර), සහකාර සාමාන්‍යාධිකාරි (වාණිජ වාහන), සෙනොක්‌ ටේ්‍රඩ් කම්බයින් (පෞද්.) සමාගම සහ ජෙරාඩ් ප්‍රනාන්දු (වම් කෙළවර), කළමනාකාර අධ්‍යක්‍ෂ, සෙනොක්‌ ටේ්‍රඩ් කම්බයින් යන මහත්වරු NEM කන්ස්‌ට්‍රක්‌ෂන් (පෞද්.) සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ රාජා නානායක්‌කාර (වමේ සිට දෙවැන්න) මහතා සංකේත යතුර භාරදුන් අයුරු.

ඡායා( ජූඩ් ඩෙන්සිල් පතිරාජ

වොල්වෝ සමූහ ව්‍යාපාරය සහ අයිෂර් එක්‌ව බැඳුණු VE කොමර්ෂල් වෙහිකල්ස්‌ ලංකා ලිමිටඩ් සහ එම සමාගමේ බලයලත් වෙළෙඳ නියෝජිත සෙනොක්‌ ටේ්‍රඩ් කම්බයින් ප්‍රයිවෙට්‌ ලිමිටඩ් විසින් NEM සභාපති රාජා නානායක්‌කාර මහතා වෙත එම සමාගම විසින් මිලදී ගත් අයිෂර් ටෙරා 16 ටිපර් රථ 43 ක යතුරු භාරදීමේ උත්සවය පසුගියදා පවත්වන ලදි.

මෙම උත්සවයේදී VE කොමර්ෂල් වෙහිකල්ස්‌ (VECV) ආයතනයේ මෙරට ප්‍රධානී රාඡේෂ් කුමරන් මහතා පැවැසුවේ මෙම අවස්‌ථාව VE කොමර්ෂල් වෙහිකල් ලංකා ලිමිටඩ් සහ සෙනොක්‌ ටේ්‍රඩ් කම්බයින් ආයතනය විසින් ඇරැඹූ ස්‌වර්ණමය ගමනක විශිෂ්ට මූලාරම්භය බවයි. භෑඵ කන්ස්‌ට්‍රක්‌ෂන් විසින් මෙම ව්‍යාපාරික සබඳතාවය ඇරැඹුයේ 2006 වසරේ ටෙරා 16 ටිපර් රථ ඇණවුම් කිරීමෙනි. එම ට්‍රක්‌ රථ ඉතා විශාල ව්‍යාපෘති සඳහා භාවිතා කරන වැඩි කාර්යක්‍ෂමතාවයක්‌ ඇති ට්‍රක්‌ රථ වන අතර ඒවායේ සුපිරි නිමාව සහ අනර්ඝත්වයත් අයිෂර් වෙළෙඳ නාමයත් නිසා ඉතා සුවිශේෂ බවක්‌ උසුලයි.

එම ව්‍යාපෘති අතර ඉදිකිරීම් කටයුතු ජල සැපයුම්, වාරි මාර්ග වැනි ව්‍යාපෘති තිබේ. NEM කන්ස්‌ට්‍රක්‌ෂන් ආයතනයේ සභාපති වන රාජා නානායක්‌කාර මහතා වරලත් සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස වසර 35 කට අධික කාලයක්‌ ක්‍ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයකු වන අතර NEM කන්ස්‌ට්‍රක්‌ෂන් විසින් සිදුකරනු ලැබූ ව්‍යාපෘතීන් ඉතා සාර්ථක ලෙස මෙහෙයවමින් මෙම ආයතනය වෙත ළඟාකරදී ඇති කීර්තිය අතිමහත්ය. රාජා නානායක්‌කාර මහතා සිය අදහස්‌ දක්‌වමින් පැවැසුවේ ඉතා විශ්වාසවන්ත සහ කාර්යක්‍ෂම ප්‍රවාහන කටයුතු මගින් මෙම ක්‍ෂේත්‍රය ඉතා සුවිශේෂ මට්‌ටමකට ගෙන යා හැකි අතර ඒ සඳහා අයිෂර් ටිපර් සහ ට්‍රක්‌ රථ මගින් වැඩි කාර්යක්‍ෂමතාවයක්‌ සහ විශාල ඉතිරියක්‌ ලබාදෙමින් හොඳ සහයෝගයක්‌ ලබාදෙන බවයි.

NEM කන්ස්‌ට්‍රක්‌ෂන් කර්මාන්ත ශාලා කළමනාකරු එම්. කිත්සිරි මහතා සඳහන් කළේ ඉදිකිරීම් උපකරණ සහ බෙදා හැරීම් පිළිබඳ සහ ව්‍යාපාරික ලොවේ තවත් දිශාවන් වෙත පැතිරී ගිය වඩා ස්‌ථාවර සමාගමක්‌ වන සෙනොක්‌ ටේ්‍රඩ් කම්බයින් විසින් අයිෂර් සමාගමේ බෙදාහැරීම් සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම ගැන අප ඉතා සතුටට පත් වී සිටින බවයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.