ක්‍රෂර් යන්ත්‍ර සඳහා අවශ්‍ය සියලූ
අමතර කොටස්‌ ඩිප්ටා ජෙනරල් ටේ්‍රඩින්
පුද්ගලික සමාගමෙන්


ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය කළුගල් නිෂ්පාදනය කෙරෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඉහළ ප්‍රමිතියෙන් යුත් අනර්ඝ අමතර කොටස්‌ ආනයනය කර බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ ආයතනයක්‌ ලෙස ඩිප්ටා ජෙනරල් ටේ්‍රඩින් පුද්ගලික සමාගම (GIPTA GENERAL TRADING (PVT) LTD) ගනුදෙනුකරුවන් අතර දිගු කාලීන විශ්වාසය දිනා සිටී.

රට පුරා අද වේගවත් සංවර්ධනයක්‌ සිදු කෙරෙන අතර එහිදී මහාමාර්ග, අධිවේගී මාර්ග, ග්‍රාමීය කොන්ක්‍රීට්‌ මාර්ග සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස කළුගල් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

පවතින ඉල්ලුම සපුරාලීමේදී කළුගල් නිෂ්පාදකයන් වෙනදාට වඩා කළුගල් නිෂ්පාදනය කළ යුතුයි. යන්ත්‍රානුසාරයෙන් කළුගල් නිෂ්පාදනය කිරීමේදී ක්‍රෂර් යන්ත්‍ර සඳහා අමතර කොටස්‌ අවශ්‍ය වේ.

ලාභෙට, ප්‍රමිතියකින් තොර, කල් නොපවත්නා අමතර කොටස්‌ වෙළෙඳපොළේ ඕනෑ තරම් තිබුණත් ව්‍යාපාරිකයන් සොයන්නේ අනර්ඝත්වයෙන් උසස්‌ සාධාරණ මිලකින් යුතු කල්පවත්නා අමතර කොටස්‌ය.

සාධාරණ මිලට අනර්ඝත්වයෙන් උසස්‌ නියමිත ප්‍රමිතියෙන් යුත් ක්‍රෂර් යන්ත්‍ර සඳහා අවශ්‍ය සියලු අමතර කොටස්‌ එකම වහළක්‌ යටදී මිලදී ගැනීමට නම් ඔබ යායුත්තේ පිළියන්දල, බෝකුන්දර, පාසල් මාවතේ අංක 3/2 දරන ස්‌ථානයේ පිහිටි ඩිප්ටා ජෙනරල් ටේ්‍රඩින් පුද්ගලික සමාගම වෙතයි.

මෙම ආයතනය තුළින් කළුගල් කැඩීමේ කර්මාන්තයට අවශ්‍ය ජෝ ක්‍රෂර්, ජෝ ප්ලේට්‌, කන්වේයර් බෙල්ට්‌ ටොගල් ප්ලේට්‌, කන්වෙයර් රෝලර් දැල්, ඉම්පැක්‌ට්‌, ග්‍රයින්ඩින් වීල් කටින් වීල් වෙල්ඩින් කූරු ඇතුළු සියලු අමතර කොටස්‌ ලබාගැනීමේ හැකියාව තිබේ.

පාරිභෝගිකයන් වෙනුවෙන් නිරන්තර කැපවීමෙන් කටයුතු කරන ඩිප්ටා ජෙනරාල් පුද්ගලික සමාගමේ සුහදශීලී සේවාව සැපයෙන අතර තමන්ට අවශ්‍ය අමතර කොටස්‌ දුරකථන ඔස්‌සේ ඇනවුම් කර ඕනෑම ස්‌ථානයකට ගෙන්වා ගැනීමේ හැකියාව ද ඇත.

එමෙන්ම ගල්මෝල් යන්ත්‍ර සහ අමතර කොටස්‌ ඇනවුම් මත ආනයනය කර දීමේ සේවාවක්‌ ද ක්‍රියාත්මක කෙරේ.

බෙදාහැරීමේ ජාලයකින් සමන්විත ඩිප්ටා ජෙනරල් ටේ්‍රඩින් පුද්ගලික සමාගම කඩිනම් සේවාවක්‌ සලසන ආයතනයක්‌ ලෙස ගනුදෙනුකාර භවතුන්ගේ නොමද විශ්වාසය දිනා සිටිති.

ක්‍ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් බහුල ගනුදෙනුකාර භවතුන්ගේ අපිරිමිත විශ්වාසයට පාත්‍ර වී ඇති ඩිප්ටා ජෙනරල් ටේ්‍රඩින් වෙතින් වෙළෙඳපොළේ තරගකාරී මිල ගණන් සැසදීමේ දී පහසුම මිල ගණන්වලට අනර්ඝත්වයෙන් ඉහළ අමතර කොටස්‌ මෙහිදී මිලදී ගැනීSමේ හැකියාව පවතී. ඔබ වරක්‌ මෙම ආයතනයට ගොඩවැදී බලන්න.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.