"ගෙදරට කිරි " ව්‍යාපෘතිය මාතර පුරවරයෙන් ඇරඹෙයි

ජාතික කෘෂි ව්‍යාපාර මණ්‌ඩලය මඟින් පිරිනමන ලබන ජාතික කෘෂිව්‍යාපාර සම්මාන උළෙල 2013 පසුගිය අගෝස්‌තු 25 වැනිදා මහත් අභිමානයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එහි දී ශ්‍රී ලංකාවේ විශාල පරිමාණයේ කිරි සැකසුම් කරුට හිමි රන් සම්මානයට මෙවර හිමිකම් දැරුවේ ලකී ලංකා මිල්ක්‌ ප්‍රොසෙසින් සමාගමයි.

පුරා වසර 22 ක්‌ අඛණ්‌ඩව කිරි ගොවි ප්‍රජාව හා අත්වැල් බැඳගෙන කිරි නිෂ්පාදන කර්මාන්තයේ නියෑලෙන ලකී ලංකා මිල්ක්‌ ප්‍රොසෙසින් සමාගම ශ්‍රී ලංකා පශු සම්පත් මණ්‌ඩලය පිරිනමණ ලබන හොඳම කිරි සැකසුම්කරු සම්මානය සමඟින් අවස්‌ථා ගණනාවක දීම සම්මාන විශාල ප්‍රමාණයක්‌ දිනාගත් අතර, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්‌ඩලය මඟින් පිරිනමන ලද වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයාට ලැබෙන ප්ලැටිනම් සම්මානයෙන් ද 2011 වසරේ දී ලකී ලංකා මිල්ක්‌ ප්‍රොසෙසින් සමාගම පිදුම් ලැබුවේ "ජාතියේ කිරි මවට " ලබා දෙන ගෞරවය ඇගයීමට පත් කරමිනි.

අවස්‌ථාවන් ගණනාවක දීම සම්මානයෙන් පිදුම් ලැබූ ලකී ලංකා මිල්ක්‌ ප්‍රොසෙසින් සමාගම විසින් දියර කිරි පරිභෝජනය ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල දිරි ගැන්වීම උදෙසා අලුතින්ම හදුන්වා දෙනු ලැබූ ව්‍යාපෘතිය වන්නේ "ගෙදරට කිරි" ව්‍යපෘතියයි. මෙම ව්‍යාපෘතිය මේ වන විටත් මාතර නගරය කේනද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති අතර 2013 දෙසැම්බර් 31 වන දා වන විට ලංකාව පුරා ආවරණය වන පරිදි, ගෙදරට කිරි අලෙවි සැල් 1000 ක්‌ ඔස්‌සේ නැවුම් එළකිරි ලංකාව පුරා බෙදා හැරීමට "ජාතියේ කිරි මව " ලෙස ලකී ලංකා මිල්ක්‌ ප්‍රොසෙසින් සමාගම සැලසුම් කර ඇත. ගුණාත්මක බවින් හා තත්ත්වයෙන් ඉහල නැවුම් කිරි රට පුරා බෙදාහරින්නේ අප සමාගම සතු, තත්ත්ව ආරක්‍ෂණ ඒකකයේ සුවිශේෂී තත්ත්ව පරීක්‍ෂාවට ලක්‌කර අනුකූලතාව සහතික කිරීමෙනි. නැවුම් එළකිරි බෙදා හැරීමේ ව්‍යාපෘතියට ප්ලාස්‌ටික්‌ බෝතල් සහ පොලිතින් යොදා නොගන්නා නිසා මෙන්ම කිරි රැගෙන යැමට පිරිසිදු වීදුරු බෝතල් පමණක්‌ම යොදා ගැනීමෙන් ගෙදරට කිරි ව්‍යාපෘතිය 100% පිරිසර හිතකාමී ව්‍යාපෘතියක්‌ බවත් සුවිශේෂී වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.