ඔස්‌ටේ්‍රලියාවට පැන යැම සහ
ලංකාවේ පාරවල හිඟාකෑම


ආණ්‌ඩුව කොයි තරම් එපා කිව්වත්, ඔස්‌ටේ්‍රලියානු තානාපති කාර්යාලය කොයි තරම් දැන්වීම් දැමුවත් මිනිසුන් රට පැනීමට ගන්නා උත්සාහය අබමල් රේණු අරික්‌කාලකින්වත් අඩු වන්නේ නැත. බෝට්‌ටුවල නැගී ඔස්‌ටේ්‍රලියාවට පැනීමට උත්සාහ කරන ජනයා වළක්‌වනු පිණිස ඔස්‌ටේ්‍රලියන් තානාපති කාර්යාලය බර ගණනක්‌ වියදම් කරයි. "ඔස්‌ටේ්‍රලියාවට එන්න එපාá ඔබ පිටුවහල් කරනු ලැබේá පැපුවා නිව්ගිනියා යවනු ලැබේá නවුරු රාජ්‍යයේ පදිංචි කරවනු ලැබේ..." යනාදී වශයෙන් දිනපතාද සතිපතා ද පුවත්පත්වලින් සහ රූපවාහිනියෙන් දැන්වීම් ප්‍රචාරය කෙරෙයි. නවුරු රාජ්‍යය යනු අසංවර්ධිත වනාන්තරයකි. පැපුවා නිව්ගිනියාව වෙනස්‌ වන්නේ එයින් ස්‌වල්පයකිනිs. කැලයෙන් විශාල ගස්‌ කපාගෙන ඒවා කරේ තබාගෙන දිවයන ඉතා උස කලු මිනිසුන් පැපුවා සහ නවුරු රාජ්‍යවල ඉතා සුලභ දර්ශන වෙති. බෝට්‌ටුවෙන් ඔස්‌ටේ්‍රලියාවට බැසීමට තැත් කර එරට වෙරළාරක්‍ෂක පොලිසියට හසුවන zහොර වැසියන්Z පැපුවා නිව්ගිනියා සහ නවුරු රාජ්‍යවල පදිංචි කළ පසු බොහෝ විට සිදුවන්නේ පෙර කී පරිදි ගස්‌ කර තබාගෙන දිවෙන ගොන්නටම එකතු වීමට ය. ඒ හැර එම ගස්‌ ඉරා ලෑලි නිපදවන කම්හල්වල කළමනාකාර අධ්‍යක්‍ෂ තනතුරු, සභාපති තනතුරු, පිරිස්‌ පාලක තනතුරු ඔවුනට ලැබෙන්නේ නැත. එසේම අඩුම තරමේ එම කම්හල්වල ලියන්නන්ගේ තනතුරවත් ඔවුනට ලැබෙන්නේ නැත. අපේ මිනිසුන් ඇමරිකාවට පනින්නේ ඇයි? පහසු ජීවිත ගත කරනු පිණිස ය. එහෙත්, තම රටට පිටරටින් එන එකා නිව්යෝර්ක්‌ නගරයේ චීන කඩවල බඩු කිරනු දැකීමට ඇමරිකන් ආණ්‌ඩුව කැමැති නැත. ඔවුන් කැමැති වන්නේ එම මිනිසුන් නගරයෙන් බොහෝ ඈත පිහිටි ජනපදවලට ගොස්‌ එහි තිබෙන අක්‌කර දහස්‌ ගණන් විශාල තැනිතලා සී සා තිරිඟු වපුරනු දැකීමට ය. එහෙත් අපේ ජනයා එයට කැමැතිද? නැත. ඔවුන්ගේ නිරන්තර අවශ්‍යතාව වන්නේ එම තිරිඟු වතු හිමි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ වීමට ය.

ඔස්‌ටේ්‍රලියාවට හෝ වෙනත් රටකට පැනයැම සඳහා බේරුවලට පැමිණ සිටි කුඩා දරුවන් ඇතුළු 46 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌ පෙරේදා (07 දා) අලුයම දෙකට අත්අඩංගුවට ගත්තේ යෑයි කියන පුවතක්‌ ඊයේ (08 දා) "දිවයිනේ" පළ විය. ඔවුන් පිටරට යැමට සූදානම් වුණේ බෝට්‌ටුවකිනි. බෝට්‌ටුවකින් ඔස්‌ටේ්‍රලියාවට යැමට අවම වශයෙන් එක්‌ පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 15 ක්‌ වත් අය කරනු ලැබේ. මේ බෝට්‌ටු ගමන ඉතා භයානක ය. පළමුකොට ඔවුන් ඒ ඒ රටවල සමුද්‍ර සීමාව තරණය කරන විට සමුද්‍ර සීමාරක්‍ෂක පොලිසියෙන් වෙඩි කන්නට සිදු වේ. දෙවනුව මුහුදු කොල්ලකාරයන්ගෙන් වෙඩි කෑමට සිදු වේ. තෙවනුව කණ්‌ඩායම තුළ ස්‌ත්‍රීන් සහ ළමයින් සිටිත් නම් දූෂණය වන්නට සිදු වේ. අන්තිමේදී ජීවිතයේ එක්‌ වතාවක්‌ පමණක්‌ මහ සයුර මැදදී තම මව විසින් දක්‌නා ලද සහ යළි කවදාවත් දක්‌නට නොලැබෙන මුහුදු කොල්ලකාරයකුට පියා කියන්නට දරුවකුට සිදු වේ. මිනිසුන් මේ ගමන් යන්නේ මෙකී අවදානම් දැන - දැන ය. එහෙත් එබඳු විපතක්‌ තමන්ට සිදු නොවේ යෑයි ඔවුහු කල්පනා කරති. මේ සූදුව ඉතා භයානක සහ නරක සූදුවකි. මේ සූදුව කෙළවන දුෂ්ට මුදලාලිලා මිනිසුන් විශාල පිරිසක්‌ මේ රටේ වෙති. හතලිස්‌ දෙනකුගෙන් යුතු පිරිසක්‌ ඔස්‌ටේ්‍රලියාවට ගෙන යැමේ කොන්තරාත්තුව ලබාගන්නා බෝට්‌ටු ඩ්‍රයිවර් ඒ සඳහා රුපියල් හතලිස්‌ ලක්‍ෂයක්‌ අය කරයි. කණ්‌ඩායමේ අරක්‌කැමියා ලෙස යන පුද්ගලයාට රුපියල් ලක්‍ෂ 10 ක්‌ ගෙවනු ලැබේ. මේ දෙදෙනාම යන්නේ ද ආපසු එනු පිණිස නොව ඔස්‌ටේ්‍රලියාවේ ම නවතිනු පිණිස ය. ඔවුන් ඒ රටේ වැඩ කර හරි හම්බ කරන මුදලත් ලංකාවට එවීම ඔවුන්ගේ අරමුණ ය. බෝට්‌ටුව අයිතිකාරයා මේ දෙදෙනාට මුදල් දෙන්නේ තම පිරිස ඔස්‌ටේ්‍රලියාවට ගොඩ බැස්‌සවූ පසු ය. මේ සියලු කරුණු අනුව, මේ ගමන අපායට යන ගමනක්‌ බව කියමු. ඔස්‌ටේ්‍රලියාවට වඩා ශ්‍රී ලංකාවේ හිඟාකෑම හොඳ බව වැටහෙන විට ආපසු ලංකාවට යැමට බැරි තරමට තත්ත්වය පරිහානියට පත්ව ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.