2013 ඔක්තෝබර් 09 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

'හලෝ..කොහෙද ඉන්නේ..?'
මර්වින්ගේ ගෝලයෝ දෙදෙනෙක්‌ අතුරුදන්

ඇමැති මර්වින් සිල්වා මහතාගේ සමීප සගයකු සහ "පිබි දෙන කැලණිය" සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ කිරිබත්ගොඩ තිලක්‌ තවත් පුද්ගලයකු සමග කැසිනෝ සූදු ක්‍රීඩා කිරීම සඳහා කැසිනෝ හලකට ගොස්‌ එමින් සිටියදී ඊයේ (08) අලුයම කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේදී දෙදෙනාම අතුරුදන් වී තිබේ.


ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නාට එරෙහිව
දෙමළ සන්ධාන ආධාරකරුවෝ
විග්නේශ්වරන්ගේ පඹයකු පුළුස්‌සති

දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන් ධන්ගේ හා එම්.ඒ. සුමන්තිරන් ගේ පඹයින්ද පුළුස්‌සා විරෝධය පළ කර ඇත.

හමුදාවේ ඉහළ තනතුරු දරන ආදි ශිෂ්‍යයින්ට
කර්නල්/මේජර් විදුහල් පතිවරුන් ආචාර නොකළ යුතුයි

- ඇමැති බන්දුල ගුණවර්ධන

විදුහල්පතිවරු පනස්‌නව දෙනකුට මේ වන විට හමුදා මේජර් හා කර්නල් තනතුරු පිරිනමා ඇතැයිද එය වැටුප් හා දීමනා රහිත තනතුරක්‌ යෑයිද ඇමැතිවරයා කීය.

හීලෑ අලි ලියාපදිංචියට නව නීති එයි

හීලෑ අලි ඇතුන් ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා නව නීති හඳුන්වාදෙන බව වනජීවී සංරක්‍ෂණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පැවැසීය.

තහනම් උත්තේජක ගන්නා ක්‍රීඩකයන් හිරේ යවන පනතක්‌

තහනම් උත්තේජක භාවිත කර ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට මහාධි කරණය හමුවේ අධිචෝදනා නඟා වසර දෙකකට නොවැඩි සිර දඬුවම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය නීති සම්පාදනය කර ඇත.

එජාප උත්තරීතර මණ්‌ඩලයට ප්‍රධාන වගකීම් 4ක්‌

ඒ අනුව දිගින් දිගටම මැති වරණවලින් පරාජයට පත්වන එජාපය දිනන මඟකට අවතීර්ණ කරවීම, ආසන සංවිධායකවරුන්ගේ සහ පක්‍ෂ සංවිධාන කටයුතු අධීක්‍ෂණය,

සූදු පහසුකම් සහිත කොළඹ හෝටල් දෙකේ
ගැසට්‌ පත්‍ර මැතිසබයට

සුඛෝපභෝගී හෝටල, සම්මේලන මධ්‍යස්‌ථාන, විවේකය, විනෝ දාස්‌වාදය මෙන්ම සූදු සහ ඔට්‌ටු ඇල්ලීමේ පහසුකම්වලින් ද සාප්පු සංකීර්ණයකින් ද, සුඛෝපභෝගී තට්‌ටු නිවාස පෙළකින් සහ......

ගැසට්‌ පත්‍ර දෙක විපක්‍ෂ යේ මේස මත නොතැ බීම ගැන පරීක්‍ෂණයක්‌ පවත්වනවා - කථානායක

සූදු සහ ඔට්‌ටු ඇල්ලීමේ පහසුකම් සහිත සුඛෝපභෝගී හෝටල් සංකීර්ණ දෙකක්‌ කොම්පඤ්ඤවීදියේ සහ කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ ඉදිකිරීමට අදාළ ගැසට්‌ පත්‍ර දෙක විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ මේස මත නොතැබීම.....

චේ සමරුව වෙනුවෙන්..

චේ සමරුව නිමිත්තෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය මෙහෙයවන රථ පෙළපාළිය ඊයේ කොළඹ හයිඩ්පාක්‌ පිටියෙන් ආරම්භ වූ අයුරු. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු නායකයෝද ඊට එක්‌වූහ.
සිරිසෝම සුසෙව්හේවා

බණ්‌ඩාරවෙලට
අයිස්‌ වැස්‌සක්‌

එම වර්ෂාව අයිස්‌ කැට විශාල ලෙස දක්‌නට ලැබුණු අතර බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ පාසල් දරුවන් අයිස්‌ කැට අහුලනු දක්‌නට ලැබුණි. වැස්‌ස විනාඩි 5 කට වැඩි කාලයක්‌ පැවතුනු බව ප්‍රදේශවාසීහු පවසති.

ඇතින්නගේ පහරින් අලියා මරුට

රඹුක්‌කන පින්නවල අලි අනාථාගාරයේ සිටි සංඛ නමැති අලියාට රම්‍යා නමැති ඇතින්න පහර දීම නිසා ඊයේ (07 දා) පෙරවරුවේ " සංඛ" ඇතා මරණයට පත්විය.

මිනිස්‌ ජීවිත 6 ක්‌ හා වගාබිම් වැනසූ
නියපොත්තාට වැඩ වරදී


දැනට දිවයිනෙන්ම හමුවී සිටින ඉතාමත් දරුණු ගනයේ වල් අලියකු බව වල් අලි ඇල්ලීමේ ඒකකයේ නිලධාරීහු ප්‍රකාශ කරති.

වයඹ සංවර්ධන ගමනේදී හිතවතුන් අනවශ්‍යයි : වැඩ කරන අය අවශ්‍යයි - මහ ඇමැති දයාසිරි ජයසේකර කියයි

රාජ්‍ය නිලධාරීන් හැම විටම ශක්‌තිමත්ව සිටිය යුතු බවත් වයඹ පළාත් සභාවට වැඩකරන නිලධාරීන් අවශ්‍ය බවත් වැඩකරන්නේ නැතුව කොයිතරම් හිතවත් වුවත් තමාට අවශ්‍ය නොවන බවත්.....

රනිල්, කරු සජිත්
හමුව කල් යයි

සජිත් ප්‍රෙAමදාස මහතාගේ ඉල්ලීමක්‌ මත එය ලබන සතිය දක්‌වා කල් දැමීමට එජාපය තීරණය කර ඇත.

මාංචු නොදමා පුටුවක වාඩිකරවා සිටියදී
බන්ධනාගාර නිලධාරීන් ගෙන් මිදී අපරාධ
සැකකරුවෙක්‌ උසාවියෙන් පලායයි

එම සිරකරුට මාංචු යොදා නොමැති අතර ඔහුව අධිකරණයේ රිමාන්ඩ් සිර මැදිරියේද රඳවා නොමැත.

ආණ්‌ඩුවේ කොන්ත්‍රාත් ඉටුකරන්නන් නිසා
මාතරදී අනවශ්‍ය ගැටුමක්‌ ඇතිවුණා

- එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක

එක්‌සත් ජාතික පක්‍ෂයේ පවතින අභ්‍යන්තර ප්‍රශ්න සාකච්ඡා කළ යුත්තේ මහ පාරේ නොවන බව මාතරදී පසුගිය 05 වැනිදා ඇතිවූ ගැටුමෙන් පැහැදිලිsව ඔප්පු වූ බව එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

රංගන ශිල්පි ජගත් චමිලට නව නිවසක්‌


මොරටුව සොයිසාපුර ඉදිවූ ජන සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කරමින් ලෝකයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ජගත් චමිල මහතාට හිමි නිවස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ලබාදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඇමැති විමල් වීරවංශ මහතාද ඡයාරූපයේ වෙති.

සිසු නායක වරම්

විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය විසින් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තරුෂි ජයරත්න ශිෂ්‍යාවට නිල ලාංඡන පැළඳ වීමේ අවස්‌ථාව මෙහි දැක්‌වේ.


දැවැන්ත වෘක්‍ෂයක්‌ වූ පොලිස්‌ සේවයෙන්
මිලියන 22 ක ජනතාවක්‌ සෙවණ ලබනවා

- සහකාර පොලිස්‌ අධිකාරී එම්. එන්. එස්‌. මෙන්ඩිස්‌

නිලධාරීන් 585 දෙනෙකුගෙන් 1866 සැප්තැම්බර් මස 03 දා පුංචි පැළයක්‌ ලෙස මෙරට රෝපණය කරන ලද ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව වසර 147 ක ඇවෑමෙන් සාමාජික සාමාජිකාවන් 84000 ක්‌ පමණ සේවයේ යෙදී සිටින දැවැන්ත වෘක්‍ෂයක්‌ බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්‌ඩායමේ නායිකාවට නිවසක්‌


නේෂා ප්‍රසාදනී ක්‍රීඩිකාව කුඩා කල සිට සෙවන ලැබූ කුඩා පොල් අතු සෙවිලි කළ නිවස වෙනුවට රුපියල් ලක්‍ෂ විසි අටක්‌ පමණ වටිනා නව නිවසක්‌ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස්‌ නිලධාරීන් පිරිසකගේ දායකත්වයෙන් ඇයට ප්‍රදානය කර ඇත.

අධ්‍යාපනයේ වෙනසක්‌ නූනොත් රටම අනතුරේ
නැගෙනහිර පළාත් සභා අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක


මේ රටේ මනෝ විද්‍යාඥයන් හතර දෙනා අලුතින් අධ්‍යාපන පනත් ගෙනල්ලා කොමිසමට ඇවිත් කීවේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නතර කරන්න කියලයි.

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය 27වැනිදා ඇරේ...


කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ලබන 27 වැනිදා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත වීමට නියමිතය.

සල්මාන් කුර්ෂිද් විග්නේෂ්වරන් හමුව මාධ්‍යයට හංගයි

මාධ්‍යවේදීන්ට අවශ්‍ය ඡායාරූප හා දර්ශන විනාඩියක්‌ ඇතුළතදී ලබාගෙන එම ස්‌ථානයෙන් ඉවත්වන ලෙස දැනුම්දී තිබේ.

අප දුටු සාරධර්ම අගයන රටට ආදරය කරන
නායකයාගේ සිහි නය මායාවක්‌ වෙමින් තිබෙනවා

- ශාස්‌ත්‍රපති අතුරලියේ රතන හිමි (ජා.හෙ.උ)

ආචාර්ය සරත් අමුණුගම මහතා උගත්කමක්‌ ඇති ඇමැතිවරයෙක්‌.  එවන් ඇමැතිවරයෙක්‌ කසිප්පු ව්‍යාපාරය නීතිගත කර රජයට ආදායමක්‌ උපයාගත යුතු යෑයි ප්‍රකාශ කිරීම බරපතළ ප්‍රකාශයක්‌.

"මෙගා 50" කෝටි පහේ ජයග්‍රාහකයා අනුරාධපුරයෙන්

"මෙගා 50" ලොතරැයියේ ප්‍රථම ත්‍යාගය වන රුපියල් කෝටි 05 ක ජයග්‍රාහකයා වූයේ අනුරාධපුරයේ පදිංචි සුළු ව්‍යාපාරිකයෙකි.

ඉන්දීය විදේශ ඇමැති ජනපති හමුවී..


ඉන්දීය විදේශ ඇමැති සල්මාන් කුර්ෂිඩ් මහතා ඊයේ (8 දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්‌ථාව........

ශරීරයෙන් වෙන් වුණ ජනනේන්ද්‍රිය සැත්කම කින් බද්ධ කෙරේ

මෙවැනි සාර්ථක සැත්කමක්‌ ශ්‍රී ලංකාවේ රෝහලක සිදු කළ ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර එය ලෝකයේද ප්‍රථම එවැනි සාර්ථක සැත්කම විය හැකි බව වෛද්‍යවරු පවසති.

ෂියාම් ඝාතන නඩුවේ සැකකරු වෝ දෙදෙනෙක්‌ පැමිණිල්ලෙන් ඉවතට

පැමිණිල්ල අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී මෙම සැකකරුවන් නමින් කැඳවීමක්‌ සිදු නොවූ අතර ඔවුන්ගේ නම් පැමිණිලි ගොනුවෙන් ඉවත් කර තිබිණි.

සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් කොළඹට කැඳවයි

පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේදී පසුගියදා ඇති වූ සිද්ධිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමුකිරීමට නියමිත බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මාතර ගැටුමට තවත් 20 ක්‌
අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ පටිගත කරගන්නා ලද වීඩියෝපට උපයෝගි කරගෙන මෙම සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

මෛත්‍රිගේ පියා ජනාධිපති උප දේශකයෙක්‌ නොවේ
- ජනපති ජෝන්ට කියයි

හර්මන් ගුණරත්න මහතා ජනාධිපති උපදේශක තනතුරක්‌ දරන බවට වැරැදි අදහසක්‌ දරා සිටින්නේ නම් එම අදහස අත්හරින ලෙසද ජනාධි පතිවරයා ජෝන් අමර තුංග මහතාට දැනුම්දී තිබේ.

යාපනයේදී පොලිස්‌ රියකට ගල් මුල් ප්‍රහාරයක්‌

යාපනයේ ස්‌ථානයකදී තරුණයන් පිරිසක්‌ කැරම් ක්‍රීඩාකොට ඇති අතර එහිදී තරුණයන් දෙපිරි සක්‌ අතර ගැටුමක්‌ හටගෙන තිබේ.....

සිංගප්පූරුවට යවන්න හැදූ සැක සහිත සිලින්ර දෙකක්‌ අත්අඩං ගුවට - වල්ලපට්‌ටා හෝ සුදුහඳුන් තෙල් බවට සැක

සිංගප්පූරුව බලා අප නයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි යක පමණ වටිනාකමකින් යුතු වල්ලාපට්‌ට හෝ සුදුහඳුන් තෙල් බවට සැක.....

මෙරට පළතුරු
කුණුවී යද්දී
පිටරටින් ඇපල් සහ මිදි ගෙන්වන්න
වසරකට රු. බිලි යන 4 ක්‌ වැය කරනවා
- ඇමැති පාඨලී චම්පික රණවක

විද්‍යා හා තාක්‍ෂණය වැඩිදියුණු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කරමින් ඇමැති රණවක මහතා එසේ කීවේය.

වාස්‌ව වහාම අද කඩුවෙල උසාවියට ඉදිරිපත් කරන්න
- කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නියෝග කරයි

නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව සැක කරුවකු ලෙස නම් කර ඇති රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති.......

මෛත්‍රී ගුණරත්න ගේ පියා මාතර සිට ජාතික රෝහලට එවයි

හර්මන් ගුණරත්න මහතා මෙසේ ජාතික රෝහලට මාරුකර එවා ඇත්තේ ආරක්‌ෂක හේතූන් මත යෑයි වැලිකඩ බන්ධනා ගාරයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

ඉරිදා උදේ - පෝය දිනවල සබරගමුවේ ටියුෂන් බෑ
- වි. ජ. මු. තදින් සිටී


ඉරිදා ටියුෂන් පැවැත් වෙන්නේ දහවල් 12 න් පසුව බවටත් දැක්‌වෙන දැන්වීම් පුවරුවක්‌ සෑම උපකාරක පංතියකම ප්‍රදර්ශනය කළ යුතු බවට තමන් නියෝග කරන බවත්.....

තේ කෝප්ප භාගයයි ඒත් ගාණ සැරයි

කළුතර - මතුගම නගරවල පවත්නා හෝටල් බොහොමයක තේ කොප්පයක මිල රුපියල් 15-20 අතර අලෙවි කෙරේ.

'මැඩම්' බහිරවයා පාසල් බිමට බැල්ම හෙළලා!

බලසම්පන්න "මැඩම්" කෙනෙකුට මේ සුන්දර පරිසරය ගැන දොලදුකක්‌ ඇතිවී තිබේ. ඇය  වැව් තාවුල්ලෙන් සහ පාසල් වත්තෙන් කොටසක්‌ මැදිවන පරිදි අක්‌කර දෙකක පමණ කැලෑවක්‌ කොටුකර ගෙන එම කොටසට බලපත්‍රයක්‌ද ලබාගෙන මොකක්‌දොa ජංජාලයක්‌...


රජරට වකුගඩු රෝගීන් හැටදාහ ඉක්‌මවලා
කථාබහ, යෝජනා, පර්යේෂණ,  සැලසුම් පමණයි ස්‌ථාවර විසඳුමක්‌ නැහැ

මියගිය ගණන 12000 කට වැඩියි. මෙය දැන් රජරට ජනශූන්‍ය කරන මහා වසංගතයක්‌.

ටඡ්මහල් මන්දිරයට
අවමන් කළ ලෝක රූ රැජනට නඩුවක්‌

සුප්‍රකට ටඡ්මහල් මන්දිරය ඉදිරියේ සිය සපත්තු මාරුකිරීම සම්බන්ධයෙන් ලෝක රූ රැඡණ ඔලිවියා කල්පෝට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට පුරා විද්‍යා බලධාරීහු තීරණය කර ඇත.



 
  • ශ්‍රී ලංකා තැපෑලේ ඓතිහාසික ගමන් මග

    ෙµඩ්රික්‌ නෝර්ත් නම් ආණ්‌ඩුකාරවරයා යටතේ 1798 වර්ෂයේදී පමණ ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කාර්යාල පහ කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය යන මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ආරම්භ කරන ලදී.

  

  


 

  

Kapruka Shopping |  News


liya


 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.