සිරිමත් හෙටක්‌ සඳහා උපදින යහපත් බලාපොරොත්තුව

ජීවිතය බරය. බොහෝ සෙයින් බරය. ඉස්‌සර තරම් පහසුවෙන් ඒ බර දරන්නට අපේ රටේ මිනිස්‌සුන්ට බැරිය. ඒ හින්දාම අපේ රටේ අම්මලාගේ භූමිකාව වෙනස්‌ වී තිබෙන්නේය. තරුණ දියණියගේ භූමිකාව වෙනස්‌ වී තිබෙන්නේය. අපි මේ කතා කරන්නේ අපේ රටේ ගැහැණු උදවිය මුහුණ දෙන වෙනස්‌ වන භූමිකාවේ අභියෝගය ගැනය.

අපේ රටෙන් අඩකටත් වඩා සිටින්නේ කාන්තාවන්ය. ඒ උදවිය හැමෝම රැකියාවන් කරන්නේ නැත. ඒත් රටේ ජීවන වියදම ගැන සලකන විට පෙර සේ දරුවන් බලාගෙන නිවසට වී සිටින්නට, ගේ දොර වැඩ සකසුරුවම කරගෙන නිවසේ රැඳෙන්නට කාන්තාවන්ට නොහැකිය. ඒ නොහැකියාවේ බරපතළකම ගැන අපට කියන්නේ රටේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවය.

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම තොරතුරු ලැබෙන්නේ 2009, 2010 වර්ෂවලය. ඒ කාලයේත් ගෙදරක ආදායම් හා වියදම් අවසන් සමීක්‌ෂණ වාර්තාවට අනුව සාමාන්‍ය ගෘහ ඒකකයක මාසික වියදම රැපියල් 31,331කි. සාමාන්‍ය වියදම මෙය වුවද නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ නිවසක මාසික වියදම රුපියල් 44,928 කි. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ගෘහ ඒකකයක මාසික වියදම 29,423කි. වතු අංශයේ ජනතාවගේ මාසික ගෘහ ඒකකයක වියදම රුපියල් 23,988කි. අපේ ඉලක්‌කය ගම්පහට යොමුවුනහොත් ගම්පහ මිනිස්‌සු මාසයක සාමාන්‍ය ජීවිතයක්‌ ගතකරන්නට රුපියල් 41,062 වියදම් කරති. අප මුලින් කී පරිදිම මේ කියන්නේ මීට අවුරුදු දෙකකට පමණ පෙර සංඛ්‍යා ලේඛනය. දැන් වියදම මීටත් වැඩිය. මේ ජීවිතය ගතකරන්නට අවශ්‍ය දළ වියදම හොයාගන්නට ගෙදර පිරිමියාට පමණක්‌ කළ හැකිනම් ඒ රටේ අයගෙන් බොහෝ අල්පයකටය.

එහෙත් මේ රටේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන ආකාරයට පහුගිය අවුරුද්දේ කළ සමීක්‌ෂණයකට අනුව රටේ ආර්ථිකයට ක්‍රියාශීලිව මැදිහත් වන පිරිසෙන් කාන්තාවන් ඉන්නේ දළ වශයෙන් තුනෙන් එකකි. එනම් සියයට 33.4 කි.

රැකියාවක්‌ කර ඉපැයීමක්‌ නොකරන පිරිසෙන් සියයට 70.3 කාන්තාවන්ය. ඉතින් රට කරවටක්‌ ගිලි තිබීම අරුමයක්‌ නොවන්නේය. ගෙදරට දුප්පත්කමේ මූසල සෙවනැලි වැටීම පුදුමයක්‌ නොවන්නේය. රටේ ගම්බද කාන්තාවන් බොහෝ දෙනෙකුට නිවසින් පිටතට යන්නට ඇති හැකියාව අඩුය. ඔවුන්ට රැකියාවක්‌ ස`දහා වෘත්තීය පුහුණුවද නැත. සමහරු තරුණ විය ඉක්‌මවා ගොස්‌ය. මේ පිරිස උපයන පිරිසක්‌ බවට පත් කරගැනීමට විශේෂ වැඩපිළිවෙලක්‌ දැන් ක්‍රියාත්මකව තිබෙන්නේය. ඒ ගම්පහ දිස්‌ත්‍රික්‌කය මුල්කරගනිමින්ය.

වැඩසටහනේ නම ලිය අබිමනය. එක ක්‍රියාත්මක වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහාය. ඉලක්‌කය අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් නගාසිටුවීමය. ඒ අනුව සෑම ග්‍රාම සේවා වසමකම සිටින කාන්තාවන්ගේ තොරතුරු ලබා ගනිමින් දක්‌ෂතාවලට ගැළපෙන වෘත්තීන් කෙරෙහි ඔවුන්ව යොමු කරමින් ඒ ස`දහා අවශ්‍ය තාක්‌ෂණය, මගපෙන්වීම, ණය ආධාර, අමුද්‍රව්‍ය, උපකරණ ලබාදීම පමණක්‌ නොව වෙළෝදපොළ සකසාදීමත් සිදු කරනු ලබන්නේය. මේ වන විට ලිය අභිමන් සංවිධානය හරහා මහන මැෂින් 1000ක්‌ නොමිලේ බෙදාදී ඇත්තේය. තවත් ස්‌වයංරැකියා ස`දහා අවශ්‍ය උපකරණ රාශියක්‌ ලබාදී තිබෙන්නේය. කුඩා කණ්‌ඩායම් පිහිටුවමින් සණස සංවර්ධන බැංකුව, සමෘද්ධි සංවර්ධන බැංකුව සහ මහජන බැංකුව මගින් ඉතා අඩු හීනවන පොලී අනුපාතයක්‌ යටතේ ඇප බැඳුම්කරණයකින් තොරව රුපියල් 50,000 දක්‌වා ණය ලබාදීමටද කටයුතු කර ඇත්තේය.

සාරි හැට්‌ට මැසීSම, මනාලියන් හැඩගැන්වීම, කේක්‌ සහ රස කැවිලි නිෂ්පාදනය, විසිතුරු භාණ්‌ඩ නිර්මාණය කිරීම, ඇන්තූරියම් සහ ඕකීඩ් මල් වගාව ස`දහා කාන්තාවන් යොමු කිරීම, මී මැසි පාලනය, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, කු`ඵ බඩු නිෂ්පාදනය ආදී වූ නොයෙකුත් ස්‌වයංරැකියා ස`දහා කාන්තාවන් විශාල සංඛ්‍යාවක්‌ යොමු කර තිබෙන්නේය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අභාවයට යමින් තිබූ මරදගහමුල පේෂකර්මාන්තය නගා සිටුවීම ස`දහා එම කර්මාන්තයෙහි නිරත වන ජනතාවට අවශ්‍ය යන්ත්‍රොaපකරණ, අමුද්‍රව්‍ය ලබාදීමද ලිය අභිමන් සංවිධානය හරහා සිදු කර ඇත්තේය.

සමෘද්ධිමත් හෙටක්‌ උපදින්නේ යහපත් බලාපොරොත්තු වලිනි. මිනිස්‌සු බලාසිටින්නේ බලාපොරොත්තුසහගත හෙට දවසක්‌ වෙනුවෙනි. මේ ඒ මියුරු සිහිනයේ පෙරනිමිතිය.

කුමාරි තල්පාවිල
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.