සැඟවී තිබුණු බුදු උපතේ මුල් පුදබිම

බෝසතුන් ඉපිද සත් දිනකින් බෝසතුන්ගේ මව මියයයි. ඇය තුසිත පුරයේ ඉපදී. අන්‍ය ස්‌ත්‍රීහු පිළිසිඳ ගැනීමෙන් මාස නමයකට හෝ දහයකට පසු දරුවන් බිහි කරති. බෝසත් මව එසේ නොවේ. ඇය බෝසතුන් බිහි කරන්නේ පිළිසිඳ ගැනීමෙන් දසමසකට පසුවය. අන්‍ය ස්‌ත්‍රීහු වාඩි වී හෝ නිදාගෙන හෝ දරුවන් බිහි කරති. බෝසත් මව එසේ නැත. ඇය බෝසතුන් බිහිකරන්නේ සිටගෙනය.

බෝසතුන් බිහිවූ සඳ පළමුව දෙවියෝද දෙවනුව මනුෂ්‍යයෝද ඔවුන් පිළිගනිති.

උපන් විට බෝසත්හු බිමට නොවැටෙයි. දෙවිවරු සිව්දෙනෙක්‌ බෝසතුන් පිළිගෙන මව අබියස තබා ඔබට මහා බලැති ශේ්‍රෂ්ඨ පුතෙක්‌ උපනී. තුටුවනු මැනවයි කියති.

බෝසතුන් උපන් කල්හි සිහිල් ජල දහරක්‌ ද මඳක්‌ උණුසුම් ජල දහරක්‌ ද අහසින් ඇදහැලෙයි. එයින් බෝසත්හු ද මවද සේදෙතිs.

උපන් කෙනෙහිම බෝසත්හු දෙවියන් විසින් දරනු ලබන සුදු සේසතක්‌ යටින් සම පාදයෙන් බිම සිට සත් පියවරක්‌ උතුරු දෙසට ගමන් කරති. සෑම දෙස ඔබ මොබ විමසන බෝසත්හු අභීත හඬින් මෙසේ කීහ.

"මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශේ්‍රෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම උපතයි. දැන් මට යළි උපතක්‌ නැත."

නේපාල හින්දු බැතිමත්හු අප්‍රේල් - මැයි මාසවල රූපාදේවී නම් හින්දු දෙවඟන සමරති. රූපාදේවි යනු මායා දේවියයි. ඇය ලුම්බිණියට අධිපති දෙවඟනයි. මායාදේවිය යනු අන් කවරකුවත් නොව සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ මවයි. සිංහල බෞද්ධයන් බෝධිසත්ව මාතාව මහාමායා දේවිය ලෙස හැඳින් වුව ද, නේපාල වැසියන් බෝධිසත්ව මාතාව හඳුන්වන්නේ මායාදේවිය ලෙසය. බෝධිසත්ව මාතාව ගැන විශේෂයෙන් සටහන් කිරීමට අපට සිහි වූයේ මන්ද? නේපාලයෙන් ලැබුණු විශේෂ පුවතක්‌ නිසාය. එය බෞද්ධයන්ට ඉතා වැදගත්ය. ලොව පුරා බෞද්ධයෝ දහස්‌ ගණනින් දිනපතාම ලුම්බිණිය වෙත යති. ඒ සිද්ධාර්ථ කුමරු උපන් ස්‌ථානය වන්දනා කිරීම සඳහාය. සිද්ධාර්ථ කුමරු උපන් ස්‌ථානයේ ඉදිකර ඇති විහාරය මායාදේවී විහාරයයි. මේ විහාරය මධ්‍යයේ සිදු කරන ලද කැණීම්වලදී ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුන් හමුවීම මා පෙර සඳහන් කළ අපූරු පුවතයි. මෙය සැබවින්ම ඓතිහාසික සිද්ධියකි. මේ පැරණිම විහාරය ක්‍රි. පූ. 550 දී ඉදිවූවක්‌ ලෙස බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අතර ඒ තොරතුරු අනුව සිද්ධාර්ථ උත්පත්තිය වර්තමානයේ පිළිගත් කාලයට වඩා වසර සියයක පමණ අතීතයට යන බව ඔවුහු පවසතිs. මේ විහාරයේ පැරණි බෝධි ඝරයක නටබුqන් හමුව තිබේ. මෙය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ සල්ගස වටා ඉදිකළ බෞද්ධ විහාරය වන්නට ඇතැයි සැක කෙරේ.

බ්‍රිතාන්‍ය ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාඥ මහාචාර්ය රොබින් කොනින්හැම් පවසන්නේ තමන් ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුqන් සොයා ගත් බවයි. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා මායාදේවි විහාරයට පැමිණ භාවනා කරද්දී පිsරිත් කියද්දී සෙසු බෞද්ධයෝ සාධුකාර දෙමින් මේ උතුම් පින්බිම වන්දනා කරද්දී කොනින්හැම් ඇතුළු පිරිස මේ ගවේෂණ කටයුතුවල නිරත වූහ. එහිදී බෞද්ධ ලෝකයටම ඉතාම වැදගත් වන පැරණි විහාරයක නටබුන් සොයා ගැනීමට හැකිව තිබේ.

zඇත්තටම මෙතැන පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු කරන්න ලේසි නැහැ. හැමවිටම බෞද්ධයෝ වන්දනාවේ යෙදෙනවා. අපි මේ කටයුත්ත කරන්නේ පුදබිමකයිZ යනුවෙන් රොබින් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.

ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ රූපන්දේහි දිස්‌ත්‍රික්‌කයේය. එය 1997 දී ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශයට පත්කෙරිණ. ක්‍රි. පූ. 249 දී මෙම ස්‌ථානයේ අශෝක අධිරාජයා විසින් ස්‌ථම්භය පිහිටුවනු ලැබීය. මේ ස්‌ථම්භය අදත් දක්‌නට ලැබේ. කත්මන්ඩු නුවර සිට පැය දහයක ගමනකින් පසුව ලුම්බිණියට ළඟා විය හැකි අතර නේපාල රුපියල් සියයේ නෝට්‌ටුව නිර්මාණය කර ඇත්තේ ලුම්බිණියේ චිත්‍රයක්‌ යොදා ගෙනය.

මේ නව විහාරය සොයාගැනීම ලොව පුරා වෙසෙන කෝටි 35 කට අධික බෞද්ධයන්ට වැදගත් පුවතක්‌ වන බවට සැක නැත. නේපාල සංස්‌කෘතික අමාත්‍ය රාම් කුමාර් පවසන්නේ මේ නව සොයා ගැනීම තුළින් බුද්ධෝත්පත්ති ස්‌ථානය ගැන වඩා හොඳ අවබෝධයක්‌ ලබා ගත හැකි බවයි. ජුලියා ෂො පවසන්නේ අතීත ඉන්දියානුවන් දේවත්වයෙන් වෘක්‍ෂ වන්දනා කළ බවයි. නමුත් මේ විහාරය ඉදිව ඇත්තේ බෝධිසත්ව උපත සිදුවූ සල්ගස ආශ්‍රිතව බව පුරාවිද්‍යාඥ මතයයි. මේ නව සොයාගැනීම නිසා සිද්ධාර්ථ කුමාරෝත්aපත්තිය සිදුවූ කාලය වසර සියයකින් පමණ අතීතයට යා හැකි බව පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරන බව ඉහතදී පැවසුවෙමි. ඇත්තෙන්ම සිද්ධාර්ථ කුමරා උපන් වර්ෂය ලෙස හඳුන්වන්නේ ක්‍රි. පූ. 623 වර්ෂයයි. බුදුන් වහන්සේ ජීවත් වූ කාලය ගැන විශාල විවාදයක්‌ තියෙනවා. ඇත්තෙන්ම මේ පැරණි විහාරය ක්‍රි. පූ. 550 පමණ ඉදිවූවකි. ඒ නිසා මේ උපන් වර්ෂය ගැන මතභේදයක්‌ තියෙනවා" යෑයි මහාචාර්ය රොබින් කොනින්හැම් පවසයි. බුදුන් වහන්සේ උපන් වර්ෂය ක්‍රි. පූ. 623 නොව ක්‍රි. පූ. 390 - 340 ත් අතර සිදුවූ බව සමහර ඉතිහාසඥයෝ තර්ක කරති. මේ දක්‌වා ලුම්බිණියෙන් හමුව තිබුණේ ක්‍රි. පූ. 3 වැනි සියවසට අයත් නටබුන්ය. එනම් අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ ඉදිකරන ලද විහාරවල නටබුන්aය.

කවරක්‌ නමුත් ක්‍රි. පූ. හයවැනි සියවසට අයත් මේ පැරණි විහාරය සොයා ගැනීමත් සමග ලුම්බිණිය බුදුන් උපන් ස්‌ථානය බව යළිත් වරක්‌ තහවුරු විය. මේ සොයාගැනීම් තුළින් ආදි බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන වඩා හොඳ අධ්‍යයනයක යෙදිය හැක. ලුම්බිණිය වැඳ පුදා ගැනීමට වසරකට ලක්‍ෂ එකහමාරකට වඩා පිරිසක්‌ පැමිණෙති. මේ අතරින් බහුතරය සිංහල බෞද්ධයෝය. නව විහාරය සොයා ගැනීමත් සමග ලුම්බිණියට ඇති ලෝක අවධානය තවත් වැඩිවන බව නම් සහතිකය. ලොව පැරණිම බෞද්ධ විහාරය ලුම්බිණියෙන් සොයා ගැනීම ගැන අදහස්‌ දක්‌වන බ්‍රිතාන්‍ය ලෙස්‌ටර් සරසවියේ පුරාවිද්‍යාඥ රූප්සන් ප්‍රකාශ කරන්නේ ඉක්‌මනින් ම නිගමනවලට බැසීම සුදුසු නැති බවයි. මේ ගැන තවදුරටත් පරීක්‍ෂණ කළ යුතු බව ඔහු කියයිs. එහෙත් මහාචාර්ය කොනිsන්හැම් කියන්නේ කාබන් පරීක්‍ෂණවලින් මෙම විහාරය හයවැනි සියවසට අයත් බව හෙළි වූ බවයි.

දැන් බෞද්ධයන්ට සතුටු විය හැක්‌කේ පුරාවිද්‍යාත්මකව ලුම්බිණිය බුදුන් උපන් ස්‌ථානය බව වඩාත් හොඳින්ම තහවුරු වීම නිසාය. "ගුඪ බවෙන් තොර මගේ දහම ඉර හඳ සේ බැබළෙන්නේ යෑයි" බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත. බුදුන්ගේ දහම මෙන්ම බුදුන්ගේ ඉතිහාසයත්aa කිසිම විටක සැඟවිය නොහැක. බොරු කළ නොහැක. වෙනත් ආගම්වල ඉතිහාසය ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු කර නැත. නමුත් බුදුන්ගේ දහම මෙන්ම ඉතිහාසය ද ප්‍රත්‍යක්‍ෂයෙන්ම තහවුරු කළ හැකිය.

* චතුර පමුණුව
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.