කැසිනෝ චක්‍රය පරදවා ධර්ම චක්‍රය දිනවනවා
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

අකිත පෙරේරා

කැසිනෝ චක්‍රය පරදා ධර්මචක්‍රය දිනවීමේ අභියෝගය ජයග්‍රහණය කරවීමට එක්‌සත් ජාතික පක්‍ෂය පාරට බැසීමට පොරොන්දු වෙන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ කැසිනෝ විරෝධී එAකාබද්ධ සංවිධානය විසින් කොළඹ මහජන පුස්‌තකාලයේදී ඊයේ (05 දා) සංවිධානය කර තිබූ

රැලියේදී අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කීවේය.

වත්මන් රජයේ අරමුණු වනුයේ ධර්ම චක්‍රය වෙනුවට කැසිනෝ චක්‍රය දිනවීම බවත් එහෙත් තමන් ඇතුළු බහුතර පිරිසකට අවශ්‍ය වී ඇත්තේ ධර්ම චක්‍රය දිනවීම බවත් කී විපක්‍ෂ නායකවරයා එA අනුව රටේ සියලු දෙනා ඊට එක්‌විය යුතු බවද කීය.

කැසිනෝ විරෝධය ගමට ගෙන ගොස්‌ ජනතාව එAකරාශී කර ගනිමින් කැසිනෝවට එරෙහිව වීථි සටන් ආරම්භ කිරීමට එ.ජා.ප. ය සූදානම් බවත් එA මහතා මෙහිදී කීය.

මාදුළුවාවේ සෝභිත, ගිරාඹේ ආනන්ද, බ්‍රාහ්මණවත්තේ සීවලී යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද අන්‍යාගමික නායකයන් ද මුලසුන දැරූ මෙම රැලියේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, මව්බිම ජනතා පෙරමුණේ නායක හේමකුමාර නානායක්‌කාර යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, තිස්‌ස අත්තනායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල, රංජිත් මද්දුමබණ්‌ඩාර සහ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු ද තවත් පිරිසක්‌ ද මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.