ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය
ඒ ඔබේ දිගම දුම්රිය ගමනයි


1890 වසරේදී ලොව වටා සංචාරයේ යෙදුන සාර් පෙළපතේ දෙවන නිකලොස්‌ගේ සිතේ අලුත් හීsනයක්‌ ඇති විය. ජපානයට ගිය ගමනේදී මෙම වංශවත් පුද්ගලයාගේa හිතේ ඇති ඇති වුණ සිතුවිල්ල ඉතා අපුරු වුයේ එය අනාගතයේදී සැබෑවු සිහිනයක්‌ වු නිසාය. ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය විලැඩිවොස්‌ටොක්‌හි නැවතෙන්නේ නම් ඔහුට සිතුණි. ඔහු තමන්ගේ දිනපොතේ ඒ බව සටහන් කලේය. තවමත් සිය වාසභුමිය වු සයිබිරියානු වනාන්තර කලාපය හරහා සාර්වරුන්ගේ දුම්රියක සුවපහසු ගමනක සැප සුව ලබන්නට ඔහුගේ සිත නොඉවසිල්ලෙන් පසු විය. සාර් දුම්රිය වෙනුවෙන් වූ මුල්ම ජංගම කාර්යාලය පීටස්‌බර්ග් නගරයේ පිහිටුවන ලදී.

ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමන් මාර්ගය මොස්‌කව්වලින් Moscow ආරම්භ වී Yaroslavsky Vokzal යරොලව්ස්‌කි වොක්‌සාල් හරහා යරොස්‌ලාවෙල් Yaroslavl‚චෙල්යාබින්ස්‌ක්‌ ,Chelyabinsk ඔම්ස්‌ක්‌ ,Omsk නොවෙසිබ්‍රිස්‌ක්‌ ජිඉර්කුට්‌ස්‌ Irkutsk, උලාන් උඩේ Ulan-Ude චිටා Chita සහ කබොරොවොස්‌කි Chita සිට ව්ලැඩිවොස්‌ටොක්‌ Vladivostok හරහා දකුණු සයිබිරියාවෙන් ගමනාන්තය විය යුතු යෑයි සැලසුම් කරන ලදී.

1891 වසරේ සිට 1916 දක්‌වා වු මෙම දුම්රිය මාර්ගය ඉදිකිරිමේ ප්‍රධාන අධීක්‌ෂකයන් ලෙස කටයුතු කලේ සාර් වංශික තුන්වෙනි ඇලෙක්‌සැන්ඩර් රජ සහ ඔහුගේ පුත් දෙවන නිකලොස්‌ විසින්ය. ඊට අමතරව චීන නැගෙනහිර දුම්රිය සේවාව විසින් ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය වෙනුවෙන් වු රුසියාවට දායකත්වය ලබා දෙන ලදී. මෙම දුම්රිය මාර්ගයෙන් ව්ලැඩිවොස්‌ටොක්‌ වෙත කෙටි ගමන් මාර්ගයක්‌ නිර්¨මාණය කළ අතර රුසියානු බලධාරීන් විසින් එය ක්‍රියාත්මක කරන ලදී.

ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය ඔස්‌සේ යුරෝපයේ සහ ආසියාතික කලාපයන්ට සම්බන්ධිත ලොකු, කුඩා නගර සිය ගණනක්‌ සම්බන්ධව ඇත. මම දුම්රිය ගමන්මග කිලෝමිටර් 9259 ක ගමන් මාර්ගයක්‌ ආවරනය කරන අතර ගමන වෙනුවෙන් දින අටක්‌ ගත විය. මෙහි දෙවැනි ගමන්මග ට්‍රාන්ස්‌ මැන්චුරියන්ලෙස හඳුන්වන ලද අතර එය බයිකල් විලට නැගෙනහිර දෙස සිට කිලෝමීටර් 1000 ක්‌ දුර ගෙවා ගොස්‌ චීනයේ නැගෙනහිර ප්‍රාන්තයේ හාබියන් ඔස්‌සේ අවුත් උසුරියාසික්‌ ප්‍රදේශයෙන් සම්බන්ධ වේ.

ට්‍රාන්ස්‌ මොන්ගෝලියානු ගමන් මාර්ගය ලෙස හඳුන්වන තෙවන අදියර උලන් උඩේ සිට මොන්ගෝලියාවට දකුණින් වූQ උලාන් බාටාර් ප්‍රදේශයෙන් සම්බන්ධ වේ. 1991 වසරේදී මෙම දුම්රිය මාර්ගය ටයිෂෙට්‌ දක්‌වා දීර්ඝ කරන ලදී. මෙය බයිකල් අමුර් ප්‍රධාන Baikal Amur Mainline (BAM), මාර්ගය නමින් හඳුන්වනු ලැබේ. මෙම අදියරේදි කාම්සොමොල්ස්‌ක්‌ නා අමුරිණ omsomolskna-Amure ප්‍රදේශයේදී අමුර් ගංඟාව හරහා සොවෙට්‌ස්‌කායා ගවාන් ප්‍රදේශයේදි පැසිෆික්‌ කලාපයට ළඟාවේ. 2011 ඔක්‌තෝබර් මාසයේ 13 වෙනි දින මෙම දුම්රිය කාෂන් ප්‍රදේශයේ උතුරු කොරියාවේ රජින් වෙත සිය ගමන්මගේ සමාරම්භක සටහනක්‌ තබන ලදී.

දෙවන ලෝක සංග්‍රාමයේදී ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය ප්‍රධාන භුමිකාවක නිරත විය. ජර්මානු නෞකාවන් බටහිර ජාතීන් විසින් ප්‍රතික්‍ෂේප කරන විට දුම්රිය මාර්ග විසින් ජපානය සහ ජර්මනිය අතර අත්‍යවශ්‍ය සම්බන්ධතාවයක්‌ ගොඩ නගන ලදී. ජර්මනියට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය වුයේ ස්‌වභාවික රබර් වු අතර ජපානය විසින් එම අමුද්‍රව්‍ය සපයන ලදී. 1941 දි ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය ඔස්‌සේ ජර්මනියට එක්‌ දිනකදී සපයන ලද රබර් ප්‍රමාණය ටොන් 300 ක්‌ විය.

මෙම කාලසීමාවේදී ජර්මන් යුදෙව්වන් සහ නාසි විරෝධින් ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය ඔස්‌සේ යුරෝපයට පළා ගියහ.

19 වන ශතවර්යේදී සයිබිරියාව සංවර්ධනය වන විට ප්‍රවාහන කටයුතු ඉතා දුර්වල මට්‌ටමක පැවතුණි. මෙම කලාපය වඩාත් සුදුසු වුයේ රෝද සහිත වාහන සඳහාය. මෙම වාහනත් කෙටි දුර වෙනුවෙන් වූ සීsමිත වාහන සංඛ්‍යාවක්‌ විය. මාස හයක පමණ කාලයක්‌ ප්‍රවාහනයේ ප්‍රධාන මාර්ග මෙම හිමෙන් වැසීs ගියයි. මෙම මාර්ගයන්හි ප්‍රවාහනය සිදු වෙන්නේ අශ්වයන් යොදා ගත් ස්‌ලෙජ් රිය ආධාරයෙන් ය.

ප්‍රථම දුම් නැව 1844 වර්ෂයෙදී ජිඕබි ඔස්‌සේ ප්‍රවාහනය ආරම්භ කළ අතර 1863 වසර වෙන විට ලිනා ගංගාවට ද 1870 වන විට අමුර් ගංගාව වෙනුවෙන්ද දුම් නැව් ව්‍යාප්ත විය. සයිබිරියාවේ ප්‍රථම දුම්රිය ව්‍යාපෘතිය 1851 වසරේදී මොස්‌කව් සිට ශාන්ත පිටස්‌බර්ග් වෙනුවෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘති අතරින් යෝජනා කරන ලද්දේ ඇමරිකානු ව්‍යාපාරික පෙරි කොලින්ස්‌ විසින්ය. මොස්‌කව් සිට අමුර් ගංගාව දක්‌වා වු මෙම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට ප්‍රවාහන අමාත්‍ය කොන්ස්‌ටයින් පොසිස්‌ට්‌ගේද සහයෝගය ලැබුණි. සයිබිරියානු රාජ්‍ය නායක Nikolay Muravyov-Amursky, රුසියානු ජනාවාස ඈත පෙරදිග වෙනුවෙන් විවෘත වීම ගැන කනස්‌සලු වුවත් චීනය සහ කොරියාව වැනි රටවලින් ධාන්‍ය ආනයනය කිරීම පිළිsබඳව වූ සැලසුම ගැන සැලකිලිමත් වූයේ නැත.

1880 ට පෙරාතුව මධ්‍යම රජය විසින් මෙම දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව තැකීමක්‌ නොකිරීමට බලපාන ලද හේතු කීsපයක්‌ විය. සයිබීරියානු ව්‍යාපාරිකයන්ගේ දුර්වලතාවයන් සහ මුදල් අර්බුද නිසාම මේ ගැන වූ උනන්දුව හීන විය .

මේ නිසාම සයිබිරියාව සහ පැසිෆික්‌ කලාපය යා කරන දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉදිරිපත් වුණ යෝජනාවන් සමග ප්‍රතික්‍ෂේප වීම්ද ඉහල විය. නමුත් නැගෙනහිර රුසියාවෙන් මෙම තත්ත්වය දක්‌නට ලැබුණේa නැත. මේ අනුව දුම්රිය මාර්ගය වෙනුවෙන් වූ සැලසුම් කිරීම වසර දහයකින් අවසාන විය. ඒ අනුව දක්‌ෂිණ මාර්ගය කසකස්‌ථානය බාර්නාHqල් ඇබකන් සහ මොන්ගෝලියාව හරහා ද උතුරු මාර්ගය ට්‍යqමන් ටොබොල්ස්‌ක්‌ ටොම්ස්‌ක්‌ සහ යෙනිසියික්‌ ඔස්‌සේද සම්බන්ධ විය.

පාලම ඉදිකිරීම වෙනුවෙන් වු මුදල් ලබා ගැනීමට ගංගාවන් ඔස්‌සේ ප්‍රවාහනය වෙන බෝට්‌ටු ආදියෙන් ආදායම උපයා ගන්නා ලදීs. කෙසේ වුනත් ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය වෙනුවෙන් කිසිවිටකත් ප්‍රමුඛත්වයක්‌ ලැබුණේa නැත. ඉඩම්යන්ගේ ආරාවුල් විසඳන අතරම අරමුදල් සම්පාදනය වෙනුවෙන් වූ අරගලයේද යෙදීමට සිදු විය. මේ නිසා ඇතැම් නගරයන්ට පිටතින් දුම්රිය මාර්ගය ඉදි කිරීමට අදහස්‌ කරන ලදී. ටොම්ස්‌ක නගරය මේ අතරින් ඉතාම අවාසනාන්ත නගරය වූයේය. ඕබි නදියේ ඉවුරු ගොහොරු සහිත වීම නිසා පාලම මෙම ගංගාව හරහා ඉදිකිරීමට තරම් ශක්‌තිමත් නොවිය. මේ නිසා ගංගාව හරහා ඉදිකිරීම නුසුදුසු බව තීsරණය විය. මේවා දුම්රිය මාර්ගය ඕබිගංගාව හරහා ඉදි කරනු වෙනුවට ජිකිලෝමිටර් 43 ක්‌ දකුණට නොවෙස්‌ක්‌බ්‍රිස්‌ක්‌ වෙත සම්බන්ධ කරන ලදී. මෙහි ගමනාන්තය ටොම්ස්‌ක්‌ නගරයට සම්බන්ධ කිරීමෙන් මාර්ග සහ වෙළඳාම වෙනුවෙන් බාධාවන්ගෙන් ආරක්‌ෂාව සලසා ගන්නා ලදී. දුම්රිය මාර්ගය වෙනුවෙන් වූ ධාරිතාවය මුළුමනින්ම ප්‍රාදේශීය ප්‍රවාහනය වෙනුවෙන් සීමා විය. ඒ අතර විට්‌ ප්‍රධාන විය. මන්දගාමි බව සහ බර අඩු දුම්රිය නිසා යුරෝපය සහ නැගෙනහිර ආසියාව වෙනුවෙන් වූ ප්‍රවාහන කටයුතු සඳහා මෙම දුම්රිය මාර්ගයෙන් පහසුවක්‌ සැලසුනේ නැත.

ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 1891 දී ආරම්භ වූ අතර මේ වෙනුවෙන් වූ අධීක්‌ෂණය සහ වගකීsම එවක මුදල් අමාත්‍ය සර්ජි විටි විසින් දරන ලදී. මහාද්විපයක්‌ හරහා ගමන් කරන මෙම දුම්රිය මාර්ගයේ අවසානයේ සිට මධ්‍යය දක්‌වා වූ ඉදිකිරීම් රුසියානු ඉංජිනේරුවන් විසින් සිදු කරන ලදී. ව්ලැඩිවොස්‌ටොක්‌ දුම්රිය මාර්ගය උසාරි නදියේ දකුණු ඉවුරේ සිට අමුර් නදියේ කාබොවොස්‌ක්‌ දක්‌වා උතුරු දෙසට හරවන ලදී. 1890 වසරේදී උරාල් ගංගාව හරහා ආසියාවට පිවිසිය හැකි පාලමක්‌ ඉදිවී තිබිණි. ඕබි ගංගාව හරහා ඉදිකරන ලද පාලම නොවොනිකොලවෙස්‌ක්‌ නගරයට සම්බන්ධ විය. මෙම කුඩා නගරය 1883 වන විට සංවර්ධනය කරගෙන ප්‍රථම දුම්රිය 1898 දී බයිකල්විල සහ ඉර්කුට්‌ස්‌ සම්බන්ධ කරගෙන කිලෝමීටර් 60 ක්‌ ගමන් කරන ලදි. නැගෙනහිර දිසාව ඔස්‌සේ ෂයිකා සහ අමුර් ගංගාව ඔස්‌සේ කබොවොස්‌ක්‌ වෙත ළඟා විය. ෂයිකා නගරයේදී ඉදිකිරීම් වෙනුවෙන් සොල්දාදුවන් සහ බන්ධනාගාරගත පුද්ගලයන්ගේ ශ්‍රමය යොදා ගන්නා ලදී. ව්ලැඩිවොස්‌ටික්‌ සිට කබාවොස්‌ක්‌ දක්‌වා වු කොටස මේ වනවිටත් "එනම් 1897 දී ඉදිකර හමාර වී තිබුණි.

බයිකල්විල ආශ්‍රිත ප්‍රදේශයේදීs වු ඉදිකිරීම් කිලෝමිටර් 640 ක්‌ දිගින්ද මිටර් 1,600 ක්‌ ගැඔqqරින්ද යුක්‌ත විය. ට්‍රාන්ස්‌සයිබිරියානු දුම්රිය මාර්ගයෙන් රුසියාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට සහ තිsරසාර අපනයනයන් වෙනුවෙන් ධනාත්මක මුහුණුවරක්‌ ලබා දී ඇත. 1869 පටන් සයිබිරියාවෙන් කෘෂිකාර්මික ද්‍රව්‍ය බටහිර ලෝකයට නිර්යාත කිරීම සිදු විය. මේ නිසා ගංගාවන් ඔස්‌සේ සිදු වුණ ප්‍රවාහනය වෙනුවට දුම්රිය මාර්ග සම්බන්ධ විය.

"Enlarge"

මේ වන විට ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය ඔස්‌සේ වසරකට බඩු ඇසුරුම් දෙලක්‌ෂයක්‌ පමණ යුරෝපයට ප්‍රවාහනය කරනු ලබයි. රුසියානු දුම්රිය ප්‍රවාහන සේවය මගින් මෙම බඩු ඇසුරුම් ප්‍රවාහනයේදී සිදු වෙන මාර්ග බාධාවන් දෙගුණයකින් අවම කිරීම වෙනුවෙන් වු සැලසුම් 2010 වසරේ පටන් සම්පාදනය කරමින් සිටිනවා. මේ අතර චීනය සහ රුසියාව අතර පමණක්‌ ප්‍රවාහනය කරන ධාරිතාව පමණක්‌ ටොන් මිලියන හැටක්‌ ට්‍රාන්ස්‌ මොන්ගෝලියන් සහ ට්‍රාන්ස්‌ සයිබිරියන් හරහා ප්‍රවාහනයේදී ගත වෙන දින ගණන 15 ක්‌ වුනත් ජපානයේ සිට මෙම බඩු ඇසුරුම් නැව් මාර්ගයෙන් යුරෝපා රුසියාවට ප්‍රවාහනය කිරීමට ගත වෙන කාලය දින විසිපහක්‌ වේ. 2009 වාර්තාවකට අනුව නැව් මාර්ගයෙන් බටහිර සිමාවේ පිහිටි වරායන් වෙත ළඟා වීමට දින දොළහක්‌ ගත වනු ඇතැත් පැයට කිලෝමීටර් 900 ක වේගයෙන් ගමන් කරන දුම්රියකට මේ වෙනුවෙන් ගත වෙන කාලය දිනකි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.