බ්‍රිතාන්‍ය සිරගෙවල්වල විදෙස්‌ සිරකරුවෝ 11000 ක්‌

විවිධ අපරාධවලට සම්බන්ධ විදේශික සිරකරුවන්ගෙන් බ්‍රිතාන්‍යයේ සිරගෙවල් පිරීගොස්‌ ඇත.

බ්‍රිතාන්‍යයේ සිරගෙවල්වල විදෙස්‌ සිරකරුවන් 11000 ක්‌ සිටින අතර ඔවුන්ව නඩත්තු කිරීමට වසරකට ස්‌ටර්ලින් පවුම් මිලියන 300 ක්‌ වැයවේ.

රටවල් 150 කට අයත් සිරකරුවන් බ්‍රිතාන්‍යයේ සිටින බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.

මේ වනවිට සිරකරුවන් 85429 ක්‌ සිටින බව ඔවුහු හෙලි කර ඇත.

මේ අතර විදෙස්‌ සිරකරුවන්ට සිරගෙල්වලින් ස්‌වෙච්ඡාවෙන් පිටව යැම සඳහා ස්‌ටර්ලින් පවුම් 1500 බැගින් දීමේ වැඩපිළිවෙලක්‌ ගැනද හෙලි වී තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.