මැන්ඩෙලා සැමරීමේ උත්සවයට සහභාගී වූ හස්‌තසංඥා පරිවර්තකයා බොරුකාරයෙක්‌
- දකුණු අප්‍රිකානු බිහිරි සම්මේලනය

අභවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලාගේ සමරුව ඇමතූ රාජ්‍ය නායකයන් සමීපයේ සිටි හස්‌ත සංඥා පරිවර්තකයා බොරු කාරයෙක්‌ යෑයි දකුණු අප්‍රිකානු බිහිsරි සම්මේලනය පවසයි.

මෙම භාෂා පරිවර්තකයාගේ හස්‌ත සංඥා මිලියන ගණනක රූපවාහිනි ප්‍රේක්‍ෂකයන්ගේ අවදානයට යොමු වී තිබුණි.

මේ භාෂා පරිවර්තකයා මුළුමනින්ම බොරුවක්‌ කළා. ඔහු බිහිරි ජනතාවගේ හස්‌ත සංඥා ක්‍රමය වෙනුවට කිසිම තේරුමක්‌ නැති සංඥා කළා යෑයි බිහිරි සම්මේලනයේ අධ්‍යක්‍ෂ බෘනෝ ඩ්රුචන් පැවසීය.

ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා ඇතුළු රාජ්‍ය නායකයන් සමීපයේ සිටි මේ භාෂා පරිවර්තකයා සර්කස්‌ රංගනයක්‌ දැක්‌ වූ බව ලෝක බිහිරි සම්මේලනයේ ප්‍රකාශක බ්‍රෑම් ජෝර්දාන් පල කළේය.

බිහිරි ජනතාව දන්නා හස්‌ත සංඥා වෙනුවට ඔහු තමාට අවශ්‍ය ලෙස එක එක සංඥා පෙන්නුම් කළා යෑයි හෙතෙම කීවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.