මැන්ඩෙලාගේ සමරුව අමතන අවස්‌ථාවේ
හිටපු අගරදගුරු ඩෙස්‌මන් ටුටුගේ නිවස කොල්ල කාලා


හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල් දේව මෙහෙය පැවැත්වීමට හිටපු අගරදගුරු ඩෙස්‌මන් ටුටු ක්‍රියාකරන අවස්‌ථාවේ සොරුන් පිරිසක්‌ නිවස කොල්ල කා ඇත.

ටුටුගේ නිවසට සොරුන් ඇතුළුවන අවස්‌ථාවේ ඔහුගේ බිරියද එහි නොසිටි බව පොලිසිය කියයි. කේප්ටවුන් අවට ප්‍රදේශයේ පිහිටි එම නිවසට සොරුන් ඇතුළු වී භාණ්‌ඩ සොරාගෙන ඇත.

ඒ අවස්‌ථාවේ ඩෙස්‌මන් ටුටු ඊට සැතපුම් 800 ක්‌ ඈත පිහිටි ජොහැන් ස්‌බර්ග්හි පැවැති මැන්ඩෙලා දේව මෙහෙයට සහභාගී වී තිබේ.

මෙයට පෙරද ටුටුගේ නිවස සොරුන් විසින් කොල්ල කා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.