අගමැතිට චෝදනා කිරීම සාධාරණ නෑ
- මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් අදහස්‌ දැක්‌වූ අයුරු. ජනාධිපති ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක සරත් හෙට්‌ටිආරච්චි පියතුමා ඇතුළු ආගමික නායකයෝ ද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය - සුජාතා ජයරත්න

රට, ජාතිය, මත්ද්‍රව්‍ය උවදුරින් ගලවා ගැනීම සඳහා ආගමික හා ආධ්‍යාත්මික පාර්ශ්වයෙන් විශාල වැඩකොටසක්‌ ඉටුකරන අගමැති දි. මු. ජයරත්න මහතාට පටු අරමුණු ඔස්‌සේ චෝදනා එල්ල කිරීම සාධාරණ නැතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්‌වාමීන්වහන්සේ ප්‍රකාශ කළහ.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 වැනිදා) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්‌වාමීන් වහන්සේ, පටු අරමුණු ඔස්‌සේ අගමැතිවරයාට චෝදනා එල්ල කිරීම නිවැරදි නැහැ. එවැනි කටයුතු අප කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ. අගමැතිවරයා මත්ද්‍රව්‍ය තරයේ ප්‍රතික්‌ෂේප කරන අයෙක්‌. කිසිවෙක්‌ එතුමාට ෙද්‍රdaහි වනවා නම් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකොට එහි සත්‍යතාව අවබෝධ කර ගත යුතුයි.

අගමැති දි. මු. ජයරත්න මහතා මේ සඳහා ලිපියක්‌ හෝ නිකුත් කරලා නැහැ. නමුත් සම්බන්ධීකරණ ලේකම්වරයකු ඊට සම්බන්ධ බවට මත පළවනවා. ඒ පිළිබඳ මේ වනවිට අදාළ පුද්ගලයන්ගෙන් කටඋත්තර ගෙන පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙනවා.

යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යැම අපගේ ප්‍රධාන අරමුණයි. නමුත් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාට මෙවැනිs චෝදනා එල්ල කරමින් රටේ සංවර්ධනය අඩාල කිරීම නිවැරදි නැහැ. මත්ද්‍රව්‍ය සඳහා අගමැතිවරයා කවර අයුරකින් හෝ සහාය නොදෙන බව අප කවුරුත් තරයේ විශ්වාස කරනවා.

ගංගොඩවිල, පුෂ්පාරාම විහාරාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ,

අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු යෑයි පවසන ඇතැමුන් තමුන්ගේ නිවැරදිභාවය පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතුයි. සමාජයේ වැරදි අයුරින් ජීවත්වනවාට වඩා සිය මහණකම රැක ගැනීම මීට වඩා උචිත යෑයි මම එම පාර්ශ්වයන් වෙත අවධාරණය කරනවා. හෙළ උරුමය තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ කැමැත්තට පවා පිටුපෑ පක්‍ෂයක්‌. ඔවුන් තාන්න මාන්නවලට ගිජුකම් දක්‌වමින් ඒවා බුක්‌ති විඳිමින් සිටිනවා.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති සරත් හෙට්‌ටිආරච්චි පියතුමා, දි. මු. ජයරත්න චරිතය, රට වෙනුවෙන් කැපවූ රට වෙනුවෙන් උපරිම දායකත්වයක්‌ ලබාදුන් චරිතයක්‌. ශ්‍රී ලංකාව වෙනුවෙන් එතුමා කළ මෙහෙවර වෙනුවෙන් අප එතුමාට කෘතවේදිත්වය පුදකර සිටිනවා.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, ආචාර්ය සෙයියරසන් මවුලවි පියතුමා, ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති, බාබුෂර්මා කුරුක්‌කල්තුමාද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.