ෆොන්සේකා ළඟට ගිය නිමල් ආර්. පීරිස්‌ට 'අලි වාරණයක්‌'

එක්‌සත් ජාතික පක්‍ෂ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්. පීරිස්‌ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කර බස්‌නාහිර පළාත් සභාවට තේරී පත්වූ නිමල් ආර්. පීරිස්‌ මහතා සරත් ෆොdන්සේකා මහතාගේ ප්‍ර්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකත්වය හා ආසන සංවිධායක ධුරයක්‌ ලබා ගැනීම හේතුකොට ගෙන මෙම අත්හිටුවීම සිදු කර තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවේ 3.4 (ඌ) වගන්තිය යටතේ මෙම අත්හිටුවීම සිදු කිරීමට තීරණය කළ බවත් ඔහු එක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවේ 3.3(අ), 3.3(ඇ), 3.4 (අ), 3.4 (ආ), සහ 3.4 (ඇ) වගන්ති උල්ලංඝනය කර ඇති බව පැහැදිලිව පෙනී යන බ වත් එජාපය සඳහන් කරයි.

එක්‌සත් නායකත්ව මණ්‌ඩලයේ නිර්දේශය මත එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අත්හිටුවීම සිදුකර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.