මාධ්‍යයට අදහස්‌ කීවැයි රනිල්ගෙන් දැඩි අවවාද !

පියසේන දිසානායක

බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්‍ෂක ධුරයට ඉදිරිපත් වීම සම්බන්ධව මාධ්‍යයට අදහස්‌a ප්‍රකාශ කළ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නායකත්ව මණ්‌ඩලය දැඩි ලෙස අවවාද කර ඇත.

මහ ඇමැති ධුර අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව පක්‍ෂය මෙතෙක්‌ තීන්දුවක්‌ ගෙන නොමැති අවස්‌ථාවක එම ධුරය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමන පදනමේ සිට දැයි ප්‍රශ්න කරමින් මෙලෙස අවවාද කර තිබේ.

දකුණ සහ බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන මහ ඇමැති සහ මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන් කව්දැයි යන්න "දිවයින" පත්‍රය කළ විමසුමකදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ කියා සිටියේ ඒ පිළිබඳව නාමයෝජනා භාරදෙන සතියේ නිල ප්‍රකාශයක්‌ කරන බවයි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.