'අගමැති අයුතු ලෙස මුදල් හම්බ කිරීමට උත්සාහ කළ අයෙක්‌ නොව'
අස්‌ගිරි මහනාහිමි පැවසූ බවට අමාත්‍යංශයෙන් නිවේදනයක්‌


අගමැති දි.මු. ජයරත්න මහතා අයුතු ලෙස මුදල් හම්බ කිරීමට උත්සාහ කළ අයකු නොවන අතර ඔහුට එල්ලවන චෝදනා මහපොළොව නුහුලන අපරාධයක්‌ යෑයි අස්‌ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්‌ත හිමිපාණන් ප්‍රකාශ කළ බව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්‌වේ.

උඩුනුවර හා උඩපළාත ප්‍රාදේශීය නාහිමිවරුන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලාගේ හමුවකදී මහනාහිමියෝ මේ බව පැවැසූ බව එම නිවේදනයේ සඳහන් වේ. එහි තවදුරටත් මෙසේද දැක්‌වේ.

අගමැතිතුමා මගේ දායකයෙක්‌. එතුමාගේ දිගු දේශපාලන ජීවිතයේ කිසිදෙනක මෙවැනි චෝදනාවලට ලක්‌වෙලා නෑ. එතුමාට හම්බකර ගන්න ඕනේ නම් ඒ සඳහා එතුමාට ඕනෑ තරම් අවස්‌ථා තිබුණා. අපි දන්නා තරමට එතුම දේශපාලනය තුළින් හම්බ කරලා නෑ. ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ මෙවැනි චෝදනා වලට ලක්‌ වන්නට තරම් එතුමා වරදක්‌ කළා කියලා අපිට විශ්වාස කර ගන්න පුළුවන් කමක්‌ නැතැයිද නාහිමියෝ ප්‍රකාශ කළහ.

"ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්‍ෂ නායකතුමා ඔය කොයි කවුරුත් මගේ දායකයෝ. අගමැතිතුමා ගැන මම බොහෝ කල් ඉඳලා තොරතුරු දන්නවා. එතුමා දේශපාලනය වෙනුවෙන් විශාල කැප කිරීම් කළ අයෙක්‌. එතුමාට පක්‍ෂයෙන් අභියෝග ආවත් පැනලා ගියේ නෑ. එතුමා මුදල් හම්බ කරන්න උත්සාහ කළ අයෙක්‌ නොවෙයි. එහෙම ඕනෑකමක්‌ තිබුණා නම් මීට කලින් ඒක හොඳට කරගන්න තිබුණා. කවුරුහරි උදව්වක්‌ ඉල්ලගෙන ආවම අපේ ළඟ ඉන්න අයත් උදව් කරනවා. අගමැතිතුමාගේ ලේකම්වරයාත් ලිපියක්‌ දීලා තියෙන්නේ උදව්වක්‌ කිරීමේ ෙච්තනාවෙන් කියලයි දැනට තිබෙන තොරතුරු අනුව පෙනී යන්නේ. කෙනෙකුට චෝදනාවක්‌ එල්ල කරන කොට අපි හොඳට හොයලා බලලා එහෙම කරන්න ඕනේ. එහෙම නැතුව පෞද්ගලිකව හානි කිරීමේ ෙච්තනාවෙන් කරන චෝදනා පිළිගන්න බෑ.

ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමියෝද මේ සම්බන්aධයෙන් අදහස්‌ දක්‌වමින් මෙසේ සඳහන් කළහ.

"අපේ අගමැතිතුමා විවිධ අමාත්‍ය තනතුරු දරපු දුරදිග බලා කටයුතු කරන ගුණ ගරුක මහත්මයෙක්‌. එතුමා කිසිවිටෙක මේ රටට ජාතියට අයහපතක්‌ වන දෙයක්‌ කරන්නේ නෑ. ඒ ගැන අපට බලවත් විශ්වාසයක්‌ තියෙනවා. එතුමාට අපවාද චෝදනා එල්ල වුණත් ඒවා ඔප්පු කරලා නෑනේ. ඒ නිසා අගමැතිතුමා ඒ සියලු දේවල් ආශිර්වාදයන් සේ සලකා තව තවත් ධෛර්යයෙන් කැපවීමෙන් කටයුතු කළ යුතු යෑයි උන්වහන්සේ සඳහන් කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.