අගමැති සෝභිත හිමිගෙන් සමාව
නොගත්තොත් කෝටි 100ක්‌ ඉල්ලා නඩු

ජාතික හෙළ උරුමය

සිරිමන්ත රත්නසේකර

ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ට අභූත චෝදනා එල්ල කරමින් පරිභව කිරීම පිළිබඳව අගමැති දි. මු. ජයරත්න මහතා වහා උන්වහන්සේගෙන් සමාව ගත යුතු බව එම පක්‍ෂය අවධාරණය කර සිටී.

එසේ සිදු නොවුණහොත් සිය පක්‍ෂය අගමැතිවරයාට එරෙහිව රුපියල් කෝටි සියයක්‌ වන්දි ඉල්ලා නඩු පවරන බව ජාතික හෙළ උරුමයේ උප ලේකම් බස්‌නාහිර පළාතේ ඇමැති ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා ඊයේ (2 වැනිදා) සඳහන් කළේය.

තමන් නිවැරදි නම් අගමැතිවරයා කළ යුතුව ඇත්තේ ඒ බව ඔප්පු කිරීම මිස ධර්මධර භික්‍ෂූන් වහන්සේලාට පරිභව කිරීම නොවන බවද හෙතෙම පැවසීය.

හෙතෙම ඊයේ (2 වැනිදා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.......

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.