සයරේ සුන්දරත්වය කොංගෝ නදිය

ඇය දඟර ගැසුණ සර්පයෙක්‌ සේය. තම වලිගය අඳුරු වනාන්තරයකද, හිස මුහුදෙහිද සඟවා ගනී. ජෝසප් කොන්ඩේ කොංගෝ නදිය දුටුවේ ඒ අන්දමටය.

කොංගෝ ද්‍රෝණියට නිරන්තරව ලැබෙන වර්ෂා ජලයෙන්ද, ලොමාමි, අරුවිමි, සන්ශ්හා, ලූකේනි, සන්කුරු, ටිෂූ, අපා යන උප ගංගාවන්ගෙන් සුසැදි කොංගෝ ගංගාව සැතපුම් 2,700 ක්‌ දිගින් යුක්‌ත වේ.

18 වැනි ශත වර්ෂයේ පටන් කොංගෝ නදිය මවු රාජ්‍යයේ නමින්ම හඳුන්වන ලදී. 1971 දී මවු රාජ්‍යය "සයරේ" බවට පත් විය. කොංගෝ යන්නෙහි තේරුම උතුම් යන්නයි.

නමුත් මෙම ප්‍රදේශයේ වහල් වෙළෙඳාම ඉතා කුරිරු ලෙස පැවතුණා. අරාබි සහ යුරෝපා ජාතීන් මෙම ගංගාධාර ප්‍රදේශ පුරා සිය ආධිපත්‍ය පතුරුවන ලදී. දෙවන ලියෝපෝල්ඩ් රජතුමා දරුණු ලෙස සූරා කෑම සිදුකරන ලද රජ කෙනෙක්‌ ලෙස සලකන ලදී.

පෘතුගීසීන්ට මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීමට නොහැකි වුණේ මෙම අඳුරු ප්‍රදේශයට ඇතුළු වීමට තිබුණ බිය නිසාය. නමුත් හෙන්රි මෝටන් ස්‌ටැන්ලි නයන්ගේ මෙම ගංගාව පහළට යාත්‍රා කරන ලදී. නැව් ගමනාගමනය කළ හැකි ජල මාර්ගය සැතපුම් 8,500 ක්‌ තරම් වන අතර වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය නැව් මාර්ග ඔස්‌සේ සිදුකෙරුණි. ගඟ ඉතා සමෘද්ධිමත්ය. මෙම නැව් මාර්ග ඔස්‌සේ ඌරන්, ඉදිබුවන්, තලගොයන්, නිය රහිත බල්ලන්, වඳුරු මස්‌ හා සම් ආදී වනගත ද්‍රව්‍ය නගරයට රැගෙන එන ලදී.

කොංගෝ වැසි වනාන්තරය මෙම නදියේ ජල ධාරාවට සුවිශේෂී මෙහෙයක්‌ ඉටුකරනු ලැබේ. කොංගෝ වනය වර්ග සැතපුම් මිලියන 1.5 ක භූමි භාගය පුරා පැතිර ඇත. මෙම වනාන්තරයේ පිහිටි ශාක විශේෂ 750 කි. සපුෂ්ප පැළෑටි ප්‍රමාණය විශාලය. ක්‍ෂීරපායි විශේෂ 125 ක්‌ද, කුරුලු විශේෂ 400 ක්‌ද, උරග විශේෂ 100 ක්‌ද, මෙම වනාන්තර කලාපයේ ජෛව විවිධත්වය අතර ඉස්‌මතුව ඇත.

මෙම කලාපයේ ජීවත්වන ගෝත්‍රික කණ්‌ඩායම් ගණන දෙසීයක්‌ පමණ වේ. නීග්‍රෝ සහ පිග්මිවරුන්ගේ ජන්ම භූමිය ලෙස සැලකෙන මෙම වනාන්තර කලාපයේ වසර පුරා පැතිරී ගිය අධික උෂ්ණත්වයෙන් සහ වර්ෂාපතනයෙන් යුක්‌තය. විශාල අතුපතර එකිනෙක බැඳී ඇති නිසා අඳුරු බවකින් යුක්‌තය. යටි රෝපණය අධිකය. මේ නිසා වනාන්තරයට ඇතුළු විම අසීරුය. මැසි මදුරුවන් මෙන්ම, අලියන්, ව්‍යාඝ්‍රයන් වැනි වන සතුන් මෙන්ම උරග වර්ගයේ සතුන්ගෙන්ද සමන්විත වන්නේය.

කොංගෝ නදියේ ඉහළ පිහිටා ඇති දියඇල්ල ස්‌ටැන්ලි දිය ඇල්ල නම් වේ. මෙහි ජල දහර ඉතා ප්‍රචණ්‌ඩය. බොයෝමා ඇල්ල නමින්ද මෙය හඳුන්වනු ලබයි.

හෙන්රි මෝර්ටන් ස්‌ටැන්ලි නයන්ගේෙච් ගංගාවේ පහළට යාත්‍රා කළ අතර එතැන් සිට මෙම ප්‍රදේශය යුරෝපා ජාතීන්ට දඩබිමක්‌ විය. කිඹුලන් දඩයම එදා සිටම මෙම නදිය ආශ්‍රයේ සිදුවේ. රට අභ්‍යන්තරයට අවශ්‍යතාවන් සේ ගැනෙන රෙදි පිළි, සබන්, ලුණු, සීනි බෙහෙත් නැව් මගින් ප්‍රවාහනය වේ. එම ද්‍රව්‍යයන් සමග ජනතාව මඤ්ෙÆක්‌කා, කිඹුල් සම්, පන් පෙට්‌ටි ආදිය හුවමාරු කර ගනිsති. මේවා ප්‍රවාහනය වන්නේ දුම් බෝට්‌ටු මගින්ය. මෙම බෝට්‌ටුවක ගමනට දින 12 සිට 30 අතර කාලයක්‌ ගතවේ. මෙම ප්‍රදේශය ඉතා අඳුරු හුදෙකලා තත්ත්වයට පත්ව තිබුණ බව ජෝසප් කොන්ඩේ සිය "අඳුරෙහි හදවත" ග්‍රන්ථයෙන් විස්‌තර කොට ඇත.

කොංගෝ නදිය ප්‍රධාන කොටස්‌ පහකට බෙදෙන අතර ආරම්භක ප්‍රදේශය "දුලාබා" වන අතර එය සැතපුම් 1,300 ක්‌ තරම් වේ. ගඟ උතුරට හැරී ගමන් කරනු ලැබේ.

ශාබා (Shaba) ප්‍රදේශය සොබා සිරියෙන් යුක්‌ත අතර මෙම ප්‍රදේශයේ කිසාලා (Kisale) වැනි විල් පිහිටා ඇත. මෙම ගංගාවේ ජල මට්‌ටම පහළ බසින විට ධීවරයන් විසින් පැල්පත් අටවා ගනු ලැබේ.

ලූවාලාබා නමින් හඳුන්වන ගංගාවේ අවසාන කොටස කිසන්ගානාහි සිට නිරිත දිගට හැරී ගමන් කරයි.

මේ ප්‍රදේශය වන විට ගඟේ පළල සැතපුම් 9 ක්‌ පමණ වේ.

කින්ශාෂා පසු වුණ විට හමුවන කොටස ක්‍රිස්‌ටල් කඳු හේතුවෙන් නැවත ජල දුර්ගවලින් පිරීයයි. සැතපුම් 220 ක්‌ පමණ අයත් වන මේ ප්‍රදේශයේ ගඟ කෙළවර වන ස්‌ථානයේ වේල්ලක්‌ ඉදිකර ඇත.

සයරේ රාජ්‍යයේ මුළු ජනගහනය මිලියන 35 ක්‌ පමණ වේ. නමුත් ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව වූ වාතාවරණය එතරම් සුබවාදී නැත. සම්පත් බෙදී යැම තුළ තිබෙන්නේ අවිධිමත් බවකි. මිනිස්‌ උපයෝගී සේවාවන්ට එතරම් වැදගත් තැනක්‌ ලබාදී නැත. මොබුටු සෙසේසිකෝ ක්‌ෂ්aබෙන්ටු වසා බන්ගා ජනාධිපති ධුර කාලයද ඉතා දූෂිත පාලන කාලයක්‌ ලෙසින් සලකනු ලබයි. මේ වන විට ඔහුගේ පෞද්ගලික ආදායම ඩොලර් බිලියන පහක්‌ පමණි.

පුන්‍යා චාන්දනීද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.