ගැරන්ටිය ඉවරයි!
(නාට්‍යයක්‌ නොවේ)

ගැරන්ටිය ඉවරවීත් අගේට වැඩ කරන බඩු ඕනෑ තරම් තිබේ. ඒ හරියට නඩත්තු කළොත් පමණි. මනුස්‌සයාට වුව දිගටම වැඩ කිරීමට නම් ආහාර සහ විවේකය අවශ්‍ය යá ලෙඩට බෙහෙත් අවශ්‍ය ය. යන්ත්‍ර සූත්‍රවලට නම් අමතර කොටස්‌ අවශ්‍ය යá තෙල් ජාති අවශ්‍ය ය. විවේකය අවශ්‍ය ය. කාලීන පිරිසිදු කිරීම් හෙවත් නඩත්තුව අවශ්‍ය ය.

ගැරන්ටිය ද ඉවර වී පහළොස්‌ අවුරුද්දක්‌ වැඩ කළ සපුගස්‌කන්දේ තෙල් පිරිපහදුව දැනට නැවතී තිබේ. 1969 දී පිහිටුවන ලද මෙය අවුරුද්දකට අමු තෙල් මෙටි්‍රක්‌ ටොන් විසි ලක්‍ෂයක්‌ අපට පිරිපහදු කර දුන්නේ ය. එය හැම අවුරුද්දකම එහි ධාරිතාවට වැඩි තෙල් පිරිපහදු කර ඇත. ඉරානයෙන් එන අමුතෙල් හා සමාන වර්ගයේ ඹචචැර 'aනමපල Aර්ඉස්‌බ ඛසටයඑ අමු තෙල්වලට මේ පිරිපහදුව ගැළපුණු බව ඛනිජ තෙල් සංස්‌ථාවේ වෙබ් අඩවියේ සඳහන් වේ. 1971 දී ගෘහස්‌ථ ගෑස්‌ නිපදවීම සඳහා මේ පිරිපහදුවට අලුත් ඒකකයක්‌ අනුයුක්‌ත කරනු ලැබේ. ඔබ සපුගස්‌කන්ද පැත්තේ යන විට ඈතින් පෙනෙන සදාකාලික ගිනිදැල්ල එකී ගෑස්‌ ඒකකයෙන් නිකුත් වන අහිතකර වායු පුළුස්‌සන ගිනි දැල්ල ය.

කෙසේ වුවද මෙයට වසර කිහිපයකට පෙර සපුගස්‌කන්ද පිරිපහදුව නවීකරණය කිරීමට ඉරානය එකඟ විය. ඒ එකඟත්වයෙන් ටික කලකට පසු ඉරානය සමඟ තරහ වූ ඇමරිකාව, ඉරානය සමඟ ගනුදෙනු නොකරන ලෙසත් එරටින් අමු තෙල් මිලට නො ගන්නා ලෙසත් අපට බල කර පිරිපහදුව ප්‍රතිසංස්‌කරණය කිරීමට තවත් රටවල් කිහිපයක්‌ සමඟ එක්‌ව අපට 'ණය ආයෝජනයක්‌' නිකුත් කරන බව කීවේ ය.

සපුගස්‌කන්දේ පිරිපහදුව නවීකරණය කිරීම සඳහා ඉරානය ආයෝජනය කරන්නට සිටි මුදල ඩොලර්Êබිලියන 2 කි. ඉරානයෙන් තෙල් බිංදුවක්‌වත් මිලට නො ගන්නා ලෙස ඇමරිකාව අපට බල කළේ ය. එයට යටත් වීමට අපට සිදුÊවිය. එහෙත් අප නැතිවාට ඉරානයෙන් තෙල් මිලට ගැනීමට ඕනෑ තරම් රටවල් සිටිති. චීනය විශාල වශයෙන් එරටින් තෙල් මිලට ගනී. ඇමරිකාව එයට බලපෑමක්‌ කළොත් කුදගසා ගන්නා ලෙස කීමට චීනයට ශක්‌තිය ඇත. එහෙත් ඉන්දියාව පාමුල පිහිටි කුඩා රටක්‌ වන අපට එය කළ නො හැකි ය. ඇමරිකාව හැම තිස්‌සේම අපට බාල්දියක්‌ පෙරළීමට බලාගෙන සිටින රටකි. යුද්ධය ජයග්‍රහණය කර ත්‍රස්‌තවාදය පැරදවීම ගැනත් ඔවුහු අපට බාල්දි පෙරළති. එය නම් අශූචි බාල්දියකි.

කෙසේ වුවද අන්තිමේදී තෙල් පිරිපහදුව නවීකරණය වූයේ නැත. කිසිදු නඩත්තුවක්‌ නැතිව භූමිතෙලෙන් දුවන යාපනේ Eශ මොරිස්‌ මයිනරයක්‌ මෙන් අතොරක්‌ නැතිව දිවූ එය පසුගියදා 'බකස්‌' ගා නැවැතින. දැන් ඇමරිකාව අපට උදව්වට එන්නේද? නැත. මේ ප්‍රශ්නය උඩ හෝ යුද ජයග්‍රහණය ලද ආණ්‌ඩුව පෙරළන්නේ නම් එයිට වැඩි යමක්‌ ඔවුනට නැත.

ගැරන්ටියත් ඉවර වූ පසු කිසියම් යන්ත්‍රයක්‌ වැඩ කරන්නේ එක්‌තරා සීමාවක්‌ දක්‌වා පමණි. නොරොච්චෝලේ තාප බලාගාරය ගැරන්ටිය තිබෙද්දීත් නැවැතිලා ය. එය හැදුවොත් පෞද්ගලික අංශයේ විදුලි නිෂ්පාදන සමාගම්වලින් විදුලිය ලබා ගැනීමට බැරි වෙයි. එය කැඩෙන තරමට සමහර ඉංජිනේරුවන්ට වාසි ලැබෙයි. සමහර යන වචනය මෙතැනදී නැවතත් අවධාරණය කරනු ලැබේ. එහෙත් සපුගස්‌කන්දේ තෙල් පිරිපහදුවට එවැනි විකල්පයක්‌ නැත. තෙල් පිරිපහදු කර දෙන පෞද්ගලික අංශයේ සමාගම් මෙරට නැත. ඒ නිසා අපට සිදුවන්නේ සිංගප්පූරුව වැනි රටකින් ඉතා අධික මිලකට පිරිපහදු කළ ඉන්ධන මිලට ගැනීමට ය.

කොතරම් ගැරන්ටි ඉවර වුණත් ලණු කෑලිවලින් බැඳගෙන හෝ දිවවිය හැකි සමහර බඩු තිබේ. ලංගම බසය ඉන් පළමුවැන්න ය. ප්‍රයිවට්‌ බසය දෙවැන්න ය. නගර සභාවේ කුණු ලොරිය තුන්වැන්න ය. දේශපාලනය හතරවැන්න ය. දේශපාලනඥයා පස්‌ වැන්නය. ගැරන්ටි ඉවර වූ ඇතැම් දේශපාලනඥයෝ අදටත් මේ රටේ ප්‍රබල අමාත්‍යංශ භාරව සිටිති. නැත්නම් දේශපාලනය කරති. ඒ නිසා විශාල වශයෙන් අවුල් හටගෙන තිබේ. 'ඉවර වූ ගැරන්ටිය' හැම තැනටම ආදේශ කරන්නට බැරිය. බඳින ලද ලණුව කැඩෙන දවසට යකඩ ගොඩ 'දඩ බඩස්‌' ගා බිම පතිත වන්නේ ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.