'තෙවරප්පෙරුම ඒ වන විට හිටියේ
හොඳටම බීලා'


අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (5 දා) එජාප මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එජාපය තීරණය කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ක්‍රියා කරන බවත් ඊට විනය පරීක්‍ෂණ කමිටුවක්‌ පත් කිරීමට පක්‌ෂය ක්‍රියාකරන බව විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ''දිවයින'' ට පැවසීය. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඒ වන විට ''හොඳටම බීලා හිටියේ'' යෑයිද ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.