මනාප 'ගැනීමට' ගෙවල් බිඳීම

පසුගිය දවසක මීගමුවේ ස්‌වර්ණාභරණ හලක්‌ කොල්ලකා රුපියල් දෙකෝටියක්‌ වටිනා මුදල් සහ රත්තරන් පැහැර ගැනීම ගැන එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධික ලෙස ණය වී සිටි ඔහු පළාත් සභා ඡන්දයට වියදම් කිරීම සඳහා මුදල් සෙවීමට මේ කොල්ලය කළ බව පොලිසියට පවසා තිබේ. කොල්ලකරුවන් හරියටම කවුදැයි අනාවැකි කීම පත්තරවල රාජකාරිය නොවේ. එය පොලිසිය සහ අධිකරණය සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මේ සිද්ධිය ෙ€දවාචකයකි. අද පවතින මනාප දේශපාලනය කොතරම් නීච ද, නින්දිත ද, කාලකණ්‌ණි ද යන්න හෙළි කරන ෙ€දවාචකයකි. මීගමුවේ සිද්ධියේදී කොල්ලකරුවන් කෙළින්ම හසු වූ අතර ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක්‌ ද කළේය. එය ප්‍රසිද්ධියේ කළ කොල්ලයකි. එහෙත් ඡන්දවලට වියදම් කිරීම සඳහා අද මේ රටේ දේශපාලනඥයන් විශාල පිරිසක්‌ අප්‍රසිද්ධියේ කොල්ලකති. අද අපගේ නිමිත්ත මෙකී අප්‍රකට කොල්ලය ය.

1977 න් පසු ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමානුපාත ඡන්ද ක්‍රමය සහ එයට අන්තර්ගත වූ මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ කා සමඟවත් තරහට නොව දිගු කලක්‌ බලයේ සිටින තම පක්‍ෂයට එමගින් විය හැකි උදව් උපකාර මෙන්ම රටේ මැතිවරණ වියදමෙහි කිසියම් ඉතිරියක්‌ කර ගැනීම ද සලකා ය. ඡේ. ආර්. නව ක්‍රමය හඳුන්වා දෙන විට මේ රටේ තිබුණේ ගම් සභා, නගර සභා, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පමණි. පළාත් සභාව යනු මැදින් ගැසූ මුක්‌කුවකි. එය දෙවැනි වන්නේ මහ මැතිවරණයට පමණි. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන අරමුණ කුමක්‌ වුවද මනාප ක්‍රමය මගින් වැඩිම දේශපාලන ජනප්‍රියත්වය ඇති පුද්ගලයා මන්ත්‍රී වීමත් ඒ මිනිහා මළ විට අතුරු මැතිවරණයකට නොගොස්‌ ලිස්‌ට්‌ එකේ සිටි ඊළඟ මිනිහා මන්ත්‍රී පුටුවට යැමත් සිදුවිය. එහෙත් රටේ ජනගහනය වැඩි වී, ආර්ථික සහ දේශපාලන තරගය පත්තු කළ අහස්‌ වෙඩිල්ලක්‌ මෙන් ඉහළ යන්නට පටන් ගත් විට මේ ක්‍රමය ඉතා නරක ලෙස පුපුරා ගියේ ය. මනාප යනු මුදල් ය. මනාප ගැනීමට මුදල් උවමනා ය. අද හොර ඡන්ද යනු ලෙහෙසි සෙල්ලමක්‌ නොවේ. සමස්‌ත සමාජයම අන්තර්ජාලය සහ වීඩියෝ පහසුකම් සහිත "කැමරා ෙµdaන්" මගින් ඒකාබද්ධව තිබෙන නිසා උදේ සිදුවන මැතිවරණ දූෂණය ඊළඟ මොහාතේදී රූපවාහිනි චැනල හරහා "මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්‌" හෝ ඊරුaනසබට භැඅs යටතේ දැක බලා ගත හැකි ය. ඒ නිසා සියල්ල බේරා ගත හැක්‌කේ සාධාරණ ක්‍රමයකට මනාප මිලට ගැනීමෙනි. එහෙත් මේ මිලට ගැනීම සඳහා වැය කරන මුදල් උපයා ගත හැක්‌කේ අසාධාරණ ලෙස ය.

අද එක්‌ ඡන්දයක්‌ දිනා අවසන් වූ වහාම දේශපාලනඥයෝ සල්ලි හොරකම් කරන්නට පටන් ගනිති. ඒ දිනූ ඡන්දයට වැය කිරීමට ණයට හා පොලියට ගත් මුදල් පියවීම සඳහා ය. එය පියවා නිම වූ වහාම ඔහු යළිත් මුදල් හොරකම් කරන්නට පටන් ගනී. ඒ, මීළඟ ඡන්දයට වියදම් කිරීම සඳහා ය. ඔහු සල්ලි හොරකම් කරන්නේ කෙසේද? කොමිස්‌ ගැසීමෙනි. තමන් වටා සිටින මුදලාලිලාට ටෙන්ඩර් ලබා දීමෙනි. සති පොළවල් බදු දී බදුකරුගෙන් ගාණක්‌ සතිපතා ගසා කෑමෙනි. මස්‌කඩ කාරයා සුද්ද කිරීමෙනි. මාළු ව්‍යාපාරිකයා බංකොලොත් කිරීමෙනි. බාර් කාරයන්ට නම් දේශපාලනඥයාගෙන් ගැලවීමක්‌ ඇත්තේම නැත. දේශපාලනඥයා මුලින්ම, බාර් ලයිසන් හදා දීමට බාර් කාරයාගෙන් මුදල් ගනී. ඊළඟට බාර් එක පවත්වාගෙන යැමට ඉඩ දෙනු පිණිස ඔහුගෙන් මුදල් ගනී. එයිනුත් නොනැවතී බාර් එක නීති විරෝධීව ඇර තැබීමට ඉඩ දීම සඳහාත් ඔහුගෙන් මුදල් ගනී.

මෙසේ පටන් ගත් මුදල් හම්බ කිරිල්ල අද වන විට රත්තරන් බඩු සාප්පු කොල්ලකෑම දක්‌වා ඉහළ ගොස්‌ ඇත. අධික ණය බර නිසා ශරීරයට ගිනි තබාගෙන මියගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනකු ගැන පසුගිය දිනෙක අපි පුවත්පත්වලින් කියෑවූවෙමු. මීගමුවේ සිද්ධිය ද මේ විපත්තියේම තවත් පැතිකඩකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.