අමරපුර සද්ධර්ම වංශික නිකායේ
භික්‌ෂූන්ට පෙළපාලි තහනමක්‌

චිමින්ද සිල්වා, ක්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි

අමරපුර ශ්‍රී සද්ධර්ම වංශික මහා නිකායේ භික්‌ෂූන් වහන්සේලාට නිකායේ පූර්ව අනුමැතියකින් තොරව උද්ඝෝෂණ පෙළපාලි හෝ දේශපාලන ක්‍රියාමාර්ගවලට ප්‍රවිශ්ටවීම තහනම් කිරීමට ඊයේ (24 වැනිදා) තීරණය කර ඇත.

අමරපුර ශ්‍රී සද්ධර්ම වංශික මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමියන්ගේ නායකත්වයෙන් ඊයේ (24 වැනිදා) බලපිටිය සීමාමාලකයේ පැවැති විශේෂ රැස්‌වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මින් ඉදිරියට නිකායේ භික්‌ෂූන් වහන්සේලා නිකායේ පූර්ව අනුමැතියකින් තොරව උද්ඝෝෂණ, පෙළපාලි හෝ දේශපාලන ක්‍රියාමාර්ගවලට ප්‍රවිශ්ට වුවහොත් පළමුව අවවාද කිරීම හා ඉන්පසු නිකායට අනුව විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.