ථෙරවාදී බුදුදහම රැකගැනීමට 'බෞද්ධ ප්‍රකාශන' පනත ගේනවා
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

නව තාක්‍ෂණය පිරිවෙන්වලටත් ඇවිත් තිබෙනවා. ෙµaස්‌ බුක්‌ද තියෙනවා. නමුත් ඒවා නීතියෙන් තහනම් කිරීමට නොහැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කෑරගල පද්මාවතී පිරිවෙනේදී පෙරේදා (24 වැනිදා) පැවැති පුනරුදය පිරිවෙන් ප්‍රතිභා 2014 උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

අපේ මහා සංඝරත්නය මේ විදියට වැඩ ඉන්නවා දැක ගන්න ලැබීමත් මහත් පිනක්‌. එය බෞද්ධයන් වන අපිට මහා සතුටක්‌. ඒ සතුට අද තව තවත් වැඩි වෙනවා. ඒ භික්‌ෂුන් වහන්සේලා සියගණක්‌ එක තැනක වැඩ ඉන්නවා දකින්න ලැබෙනකොට. මේ කෑරගල පද්මාවතී මහා පිරිවෙනේ එදා අතීතයේ පටන්ම සිය දහස්‌ ගණනක්‌ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා වැඩ සිටියා. එය මේ කෑරගල රජමහා විහාරයට අමුත්තක්‌ නොවේ. හංස සන්දේශයේ තියෙනවා.

සරණ වැද ගුරුන් කියවා තැනින් තැන
පරණ අලුත් පොත් පෙරළා පනින් පන

කියලා - සාමනේරයන් වහන්සේලා එක පෙළට ගුරුවරුන්ට වැඳලා පොත් පත් පෙරළමින් පිරිවෙනේ තැන් තැන්වලට වෙලා ඉගෙන ගත්ත බව හංස සංදේශයේ අපූරූවට කියලා තියෙනවා. ඒ වගේ ස්‌වාමින්වහන්සේලා එදත් මෙතැන තමන්ගේ ප්‍රතිභාව පෙන්වමින් වැඩ සිටියා. අදත් මේ පද්මාවතී පිරිවෙන හංස සන්දේශ කතුවරයා කියපු විදියටම පවතින බව අපිට පෙනෙනවා.

අද පිරිවෙන් අධ්‍යාපනය ලබන අපේ හාමුදුරුවන් ප්‍රතිභාව වෙනුවෙන් සම්මාන ලබනවා. අපූර්ව යමක්‌ උත්පාදන කිරීමේ ශක්‌තිය හෙවත් ප්‍රතිභාව අපේ භික්‍ෂුන් වහන්සේලා සතුව තිබූ නිසා බොහෝ දේ මේ රටට ලැබුණා. අපේ ලංකාවට මේ මහා සංස්‌කෘතික උරුමය ලැබුණේ භික්‍ෂුන් වන්සේලාගේ ප්‍රතිභාව නිසයි. උන්වහන්සේලාට අලුතෙන් හිතන්න පුළුවන්කම තිබුණු නිසයි. අපේ සංස්‌කෘතිය භික්‍ෂුන් වහන්න්සේලාගේ මහා ප්‍රතිභාව පෙන්වන තැනක්‌. උන්වහන්සේලාගේ ඒ ප්‍රතිභාව අතීතයේ ඉස්‌මතු වුණ නිසා උසස්‌ කලාවක්‌ රටට ලැබුණා. භික්‍ෂුන් වහන්සේලාට අලුත් දෙයක්‌ නිෂ්පාදනය කිරීමේ ශක්‌තිය තිබෙනවා. ඒ නිසයි අපිට ගද්‍ය සාහිත්‍යයක්‌ ලැබුණේ. පද්‍ය සාහිත්‍යයක්‌ ලැබුණේ භික්‍ෂුන් වහන්සේගේ ප්‍රතිභාව නිසයි. සඳකඩපහණේ ඉඳන් කොත්කැරැල්ල දක්‌වා දේවල් අපේ භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රතිභාව නිසා ජාතියට ලැබුණ දේවල්.

ඒ නිසා පිරිවෙන් ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රතිභාව මතු කරන මේ වාගේ අවස්‌ථා ඉතා වැදගත් වගේම කාලෝචිතයි කියලා මම හිතනවා. අපේ හාමුදුරුවරු ධර්මය වගේම විවිධ විෂයන් පිළිබඳවත් දැන ගන්න ඕනෑ. භාෂාවන් පිළිබඳව දැනගන්න අවශ්‍යයි. භික්‍ෂුන් වහන්සේලා ගීත කලාවට යොමු වුණාම ඒ ගීත කලාව සංවර වෙලා තිබෙනවා. ග්‍රන්ථ කලාවට ගියාහම එයත් සංවර වුණා. චිත්‍ර කලාවට ගියාමත් චිත්‍ර කලාවත් සංවර වෙනවා. කොටින්ම සන්නිවේදන මාධ්‍යයක්‌, පත්තරයක්‌ හෝ ටෙලිවිෂන් චැනල් එකක්‌ භික්‍ෂුන් වහන්සේලා අතට ආවමත් ඒකත් සංවර වෙනවා. ඒක අවශ්‍ය දෙයක්‌. ඒ නිසා භික්‍ෂුනA වහන්සේලාගේ ප්‍රතිභාව දියුණු වෙනකොට ප්‍රතිභාවෙන් යුතු විෂයයන් පෙරට ගන්න කොට රටේම සංවරකම ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපි මතක්‌ කරන්න කැමතියි අපි නිරන්තරයෙන් බුදුදහම ආරක්‍ෂා කරන්න ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බැඳී ඉන්නවා. එක කාලයක්‌ නම් මෙය ව්‍යවස්‌ථාවේ තියෙනවා කියන්නත් සමහර අය බයයි. අපි බුදුදහම ව්‍යවස්‌ථාවෙන් ආරක්‍ෂා කරනවා වගේම අපි අනෙකුත් ආගම්වලටත් ගරු කළ යුතුයි. අපේ යුතුකමක්‌ ඒ අයගේ තත්ත්වය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියට යන එක.

නමුත් අද ආගම් වශයෙන් හා ජාතීන් වශයෙන් හඳුන්වන සමහර දේශපාලන පක්‍ෂ රටට, ලෝකයට යවන්නේ වැරදි චිත්‍රයක්‌. අපි කතෝලික පල්ලි කැඩුවා කියනවා. ඉස්‌ලාම් පල්ලි කඩනවා කියනවා. මේ බොරු ලෝකයාට කියන්නේ ඇයි කියන එක ගැන ඔබ සිතන්න ඕනෑ. ඒ පිළිබඳව කතා කරන්න මෙය අවස්‌ථාවක්‌ කර ගන්නවා. අපි මේ හැම ආගමක්‌ම රකින්න බැඳිලා ඉන්නවා. මේ අපේ සංස්‌කෘතිය අවුරුදු 2600 ක සංස්‌කෘතියකින් අපට ලැබුණු උරුමය එයයි.

නුදුරේම බෞද්ධ ප්‍රකාශන පළ කිරීම නියාමනය කිරීමේ පනත ගේනවා. එහි ඉදිරි වැඩ කෙරෙනවා. ඒවා අපි සාකච්ඡා කරනවා. ථෙරවාදී බුදුදහම රැකගන්න අවශ්‍ය පනත් අපි ගෙන එනවා. ඒ පනතේ ඒ බලය ඒ ඒ නිකායන්වලට ලබාදීමේ, සංඝ සභාවට ලබාදීමේ වැඩපිළිවෙළ අපි සිදු කරනවා. මේ රටේ ජනතාව, භික්‍ෂුන් වහන්සේලා රටට යම් අවැඩක්‌ සිදුවන හැම අවස්‌ථාවකදීම මේ රට ආරක්‍ෂා කරගෙන තිබෙනවා. මෙතෙක්‌ මේ රට මේ දුර ආවේ ඒ නිසයි.

නව තාක්‍ෂණය මේ පිරිවෙන්වලටත් ඇවිත් තිබෙනවා. මෙහිත් ෙµaස්‌බුක්‌ තිබෙනවා. ඒ නව තාක්‍ෂණය අපි භාවිතා කරන්න ඕනෑ. ඒවා නීතියෙන් තහනම් කරන්න අපිට බැහැ. එහි හොඳ නරක දරුවන්ට හඳුන්වලා දෙන එකයි කරන්න පුළුවන්. දෙමාපියනුත් දරුවන් ගැන මීට වඩා හොඳින් සොයා බලන්න ඕනෑ. මේ එක එක ෙ€දවාචකයන් ඇති වෙලා තිබෙන්නේ එය හරියාකාරව භාවිත කරන්නට නොදන්නා නිසා හා ඒ ගැන වැඩිහිටියන් සොයා නොබැලීම නිසයි. ඒ නිසා මේ අපේ සාමණේර වහන්සේලා ඇතුළු තරුණ භික්‍ෂුන් වහන්සේලා පරිගණක තාක්‍ෂණය ඉගෙන ගන්නවා වගේම විශ්වය ජයගන්න අවශ්‍ය දැනුම ලබාගන්නවා වගේම මේවා පිළිබඳව අවබෝධයකින් යුක්‌තව කටයුතු කරන්න ඕනෑ.

මෙම අවස්‌ථාවට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්‌ද එක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.