හේන් ගොවීන්ගේ අතමිට සරුවෙයි

වීරවිල - එල්. එච්. කුසුම් ප්‍රියන්ත

හේන් ගොවීන්ගේ වගා අස්‌වනු සඳහා මෙවර ප්‍රමාණවත් ආදායමක්‌ ලැබෙමින් පවතින බවට හේන් ගොවීන් ප්‍රකාශ කර සිටිති. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සූරියවැව, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, තිස්‌සමහාරාම, අඟුනුකොළපැලැස්‌ස යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස ආශ්‍රිතව මෙම මාස්‌ කන්නයේ හේන් ගොවිතැන සාර්ථකව සිදුකරනු ලැබීය. වගා කළ බෝග වර්ගවලින් හේන් ගොවීන් නෙළා ගත් අස්‌වැන්න සඳහා වෙළෙඳපොළේ මේ වනවිට වැඩි ඉල්ලුමක්‌ පැවැතීම හේතුවෙන් ගොවීන්ගේ අතමිට සරුවී ඇත.

විවෘත වෙළෙඳපොළ තුළ ඉතා හොඳ තත්ත්වයේ මුං ඇට කිලෝවක්‌ රුපියල් 255, කව්පි කිලෝවක්‌ රුපියල් 160, රටකජු කිලෝවක්‌ රුපියල් 140 ක අලෙවි වෙයි. මීට අමතරව තල කිලෝවක විකුණුම් මිල රුපියල් 280 ක්‌ වන අතර කුරක්‌කන් කිලෝවක මිල වනුයේ රුපියල් 100 කි. මෙවන් මිල ගණනකට හේන් වගා අස්‌වනු අලෙවි කළ ප්‍රථම අවස්‌ථාව මෙය බවත්, තමන්ගේ යෙදවුම් මිල ප්‍රමාණයන්හි අධික වියදමද පියවා ගනිමින් මෙවර ප්‍රමාණවත් ආදායමක්‌ උපයා ගැනීමට හැකිවූ බවත් හේන් ගොවීන් වැඩිදුරටත් සඳහන් කර සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.