ව්‍යාජ රන් නිෂ්පාදනකරු කොටුවෙයි

එච්. එස්‌. අබේරත්න - උඩවලව

ව්‍යාජ රන් ආභරණ නිෂ්පාදනය කර ඒවා උකස්‌කර මුදල් ලබාගන්නා අයකු ඇඹිලිපිටිය පොලිසිය මගින් ඊයේ (8 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර ගණනක්‌ සේවය කළ අයකු බව අනාවරණ වී ඇත. මොහු ව්‍යාජ හැඳුනුම්පත් කීපයක්‌ සකස්‌ කර ව්‍යාජ රන්භාණ්‌ඩ ඇඹිලිපිටියේ උකස්‌ මධ්‍යස්‌ථානවල උකසට තබා විශාල මුදල් ප්‍රමාණ ලබාගෙන ඇති බව තහවුරු කරගෙන ඇත. ලබාගෙන ඇති වැඩිම මුදල රු. එක්‌ලක්‌ෂ හැට දහසකි.

සිද්ධිය සම්බන්ධව ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර පරීකAෂණ ආරම්භ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.