ආරක්‌ෂාව
දොස්‌තර වර්ධරාජා කැලම් මැක්‌රේගේ සාක්‌කිකරුවෙක්‌ වෙලා


* හමුදා නිලධාරීහු 18 ක්‌  යුද අපරාධකරුවන් කිරීමට
   යස්‌මින් සුකා උත්සාහ කරයි.
* ජිනීවා විරෝධතාවට දහසකට අධික ශ්‍රී ලාංකිකයන් සහභාගි වේ.
* කොටි හිතවාදීහු ජිනීවා උද්ඝෝෂණය රහසේ වීඩියෝගත කරති.
*දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු 61 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහි වේ

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව කියමින් රටවල් රැසක සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කළ චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ මාර්තු 18 දා දහවල් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවන්හලේදී රහස්‌ සාකච්ඡාවක නිරත විය. මේ සාකච්ඡාවට කොටි ඩයස්‌පෝරාව වෙනුවෙන් යුරෝපයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන ජානි ජනනායගම් නමැත්තිය ඇතුළු විදේශිකයන් හත්දෙනකු සහභාගි වූහ. ඔවුන්ට සමීපයේ ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ කඡේන්ද්‍රන් හා ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු ඊළාම් ද්‍රවිඩයන් පස්‌දෙනකු විය.



ඊට සමීපව ස්‌විට්‌සර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන සුනන්ද දේශප්‍රිය හෙවත් රංජි සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ ද අසුන්ගෙන සිටියේය. තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ ද ඔවුන් ඉදිරියේ තිබූ පරිගණකයකින් ශ්‍රී ලංකාවට එරෙහිව තොරතුරු ප්‍රකාශයට පත් කරමින් සිටියාය.

කැලම් මැක්‌රේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් පියතුමා සමඟ සාකච්ඡා කළේය. මානව හිමිකම් කවුන්සිලයේදී එමානුවෙල් පියතුමා සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ ද කතාබහක යෙදී සිටි බව දක්‌නට ලැබිණි.

මෙදින උදේ ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් තවත් ද්‍රවිඩ තරුණියක්‌ සමග එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය අසල බස්‌ නැවතුම්පළේ රැඳී සිටියේය. ඒ සමගම ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු කීපදෙනකු බස්‌රියෙන් බැස එම ස්‌ථානයට පැමිණුනි.

මේ සියලුදෙනා විටින් විට මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව කොටු කිරීම සඳහා යෑයි තහවුරු විය.

මාර්තු 19 දා දහවල් 12 ට කැලම් මැක්‌රේ මානව හිමිකම් සමුළු ශාලාව සමීපයේ ඇති තවත් ශාලාවකට සම්ප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකා රජයට එරෙහිව සාක්‍ෂිකරුවකු ද ගෙන ආවේය. මේ සාක්‍ෂිකරු මුලතිව් රෝහලේ සේවය කළ වර්ධරාජා තුරේරාජා නමැති වෛද්‍යවරයායි. ඔහුට දැන් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලැබී ඇත.

2009 අප්‍රේල් 8 දා මුලතිව්හි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ලෙස සේවය කළ වර්ධරාජා බී. බී. සී. සේවාවට ප්‍රකාශයක්‌ කරමින් යුද මුක්‌ත කලාපයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 60 ක්‌ මියගිය බව පළ කළේය. ඉන්පසු ඔහු පැවසුවේ පුදුමාතලන් රෝහලට සිවිල් වැසියන් 13 කගේ සිරුරු ගෙන ආ බවත්, ඔවුන් කුසගින්නේ මියගිය බවත්ය.

කොටි පරාජය වීමත් සමග වර්ධරාජා හමුදා පාලන ප්‍රදේශයට පැමිණ තමන්ට කොටි තර්ජනය කළ නිසා යුද මුක්‌ත කලාපයේ සිවිල් වැසියන් මියගිය බව පැවසූ බවත් කීවේය.

දැන් වර්ධරාජා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ කැලම් මැක්‌රෙයි. මැක්‌රේගේ නෝ යර් සෝaµන් චිත්‍රපටය සත්‍යය බව ලෝක ප්‍රජාවට පෙන්නුම් කිරීමට ඔහු වර්ධරාජාගේ සහාය ලබා ගත් බව සනාථ විය. 2012 වසරේ මේ වර්ධරාජා රජයේ නියෝජිත කණ්‌ඩායම සමග ජිනීවා මානව හිමිකම් සමුළුවට ද සහභාගි විය. එම අවස්‌ථාවේ දී ඔහු කොටි ඩයස්‌පෝරාව සමග සබඳකම් ඇති කර ගත්තේය.

එහෙත් රජයේ බලධාරීන්ට ඒ බව නිරීක්‍ෂණය වූයේ නැත.

වර්ධරාජා තුරේරාජා මාර්තු 19 දා මැක්‌රේගේ නෝ µයර් සෝන් වීඩියෝ පටයෙන් ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන චෝදනා සත්‍යයක්‌ යෑයි ප්‍රකාශ කිරීමට ඉදිරිපත් විය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ සඳහා වගකිව යුතුයි යන තේමාව යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී පැවැත්වූ සම්මන්ත්‍රණයට ඉන්දියාවේ හිටපු මාධ්‍යවේදිනියක්‌ ද සහභාගි වූවාය. ඇය චයිල්ඩ් සෝල්ජර්ස්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය නියෝජනය කරයි.

චාරුලතා හෝග්ගේ අතීතය විමර්ශනය කළහොත් කොටි සංවිධානය හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ අවස්‌ථාවේ ඇය පැවසුවේ එකී ක්‍රියාදාමය ඊශ්‍රායල් මොසාඩ් සහ ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානවල ක්‍රියාවක්‌ බවයි. චාරුලතා හෝග් කොටි සංවිධානය සමග දැඩි සබඳකම් පවත්වා තිබිණි.

මේ සමුළුවට ඔස්‌ටේ්‍රලියාවේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වූ එඩ්වඩ් සැන්ටෝ ද සහභාගි විය. පසුගිය මාසයේදී ඔහුගේ රාජ්‍ය නොවන සංවිධානය වූ පබ්ලික්‌ ඉන්ටර්රේසි ඇඩ්වකේඩ් සංවිධානය වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට තීන්දුවක්‌ දුන්නේය. "මේ සංවිධානය හිටි හැටියේ මතු වූවක්‌. එහෙම සංවිධානයක්‌ ගැන අපි දන්නේවත් නැහැ යෑයි ඔස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ තිසර සමරසිංහ මහතා කියා සිටියේය.

මේ අතර මාර්තු 19 දා උදේ මානව හිමිකම් සමුළුවේදී විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයකු බොදු බල සේනාව හා රාවණා බළකාය මුස්‌ලිම් ජාතිකයන්ට හිරිහැර කරන බව කියා සිටියේය.

මේ විදේශිකයාගෙන් "නුඹ ශ්‍රී ලංකාවට පැමිණ තත්aත්වය විමර්ශන කළේද, යන්න විමසූ විට ඔහු අතුරුදන් විය.

ඔහුට සමීපයේ සිටියේ ඉමාඩ් සංවිධානයේ නිමල්කා ප්‍රනාන්දුයි. බොදු බළසේනාව හා රාවණා බළකායට දැඩි ලෙස චෝදනා කළ ඇය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බොදු බල සේනාවේ උත්සවවලට සහභාගි වී ඇති බව කියා සිටියාය.

ඉන්පසු අපට නිමල්කා දැක ගැනීමට හැකි වූයේ ජිනීවා මධ්‍යම දුම්රිය ස්‌ථානය අසල සාප්පු සවාරියේ යන විටයි. සුනන්ද දේශප්‍රියද එහිදී දක්‌නට ලැබිණි.

මේ අතර කාටුන් ශිල්පියකු වූ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිය වූ සන්ධ්‍යා මානව හිමිකම් සමුළුව වෙත පැමිණියේ සිය සැමියාගේ ඡායාරූපය සහිත කබායක්‌ පැළඳගෙනය. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක නිලධාරීහු ඒ සම්බන්ධව ඇගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු මැදිහත්වී ඇය බේරාගනු ලැබූහ.

මේ පසුබිම මැද මානව හිමිකම් සමුළු ශාලාව තුළදී ද ශ්‍රී ලංකාව කෙණෙහිලිකම්වලට ලක්‌ විය. සෝමාලියාව, සුඩානය යන රටවල් සමග ශ්‍රී ලංකාවට අසුන් පනවා තිබිණි. ඒ සමගම වාර්තා වූයේ ජිනීවාහි ඉන්දීය තානාපති කාර්යාල නිලධාරියකු ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන වෙත යෑවූ ලිපියකින් ඇමරිකානු යෝජනාවට සහාය දක්‌වන ලෙස ඉල්ලා සිටීමයි.

මේ ලිපිය ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලැබී තිබේ.

මේ අතර නෝර්වීජියානු කොටි ක්‍රියාකාරිකයකු වූ කේ. වී. සෙල්වනායගම් හෙවත් ඒ. කේ. ඒ. ගෝබි නමැත්තා අහිංසකයකු ලෙස ප්‍රකාශ කිරීමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

ගෝබි උතුරේ නැවත වරක්‌ කොටි කණ්‌ඩායමක්‌ බිහි කිරීමට උත්සාහ කළා. ඔහුගේ නිවසේ තිබී මෝටාර්, ක්‌ලේමෝ බෝම්බ සහ වෙනත් අවි සොයාගත්තා. පොලිස්‌ නිලධාරියකුට වෙඩි තබා පැන යැම නිසා ගෝබිට නවාතැන් දුන් පිරිස අත්අඩංගුවට ගත්තා. රානිs ප්‍රනාන්දු සහ ප්‍රවිස්‌a පියනම අත්අඩංගුවට ගත්තේ ගෝබිගේ පැන යැම සම්බන්ධව යෑයි රජයේ දූත කණ්‌ඩායම මානව හිමිකම් සමුළුව අමතා පළ කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ ජයකුමාරි නමැත්තියගේ නිවසේ තිබී එස්‌. 3 වර්ගයේ බිම්බෝම්බ සෙවීමේ උපකරණයක්‌ හමුවූ බවද සමුළුව හමුවේදී හෙළි කිරීමට රාජ්‍ය නියෝජිත කණ්‌ඩායම ක්‍රියා කළහ.

මේ අතර උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් සමුළුව අමතමින් ද්‍රවිඩ ඊළාම් භාෂාව එක්‌සත් ජාතීන්ගේ පිළිsගත් භාෂාවන්ට ඇතුළත් කර නැතැයි චෝදනා නැඟුවාය.

මෙවර මානව හිමිකම් සමුළුව තුළදී ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩ කාන්තාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා නැඟීSය. මාර්තු 20 දා සවස හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පැවැත්වූ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා විය. චැනල් පෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ, 1971 කැරැල්ලේ හිටපු ක්‍රියාකාරී සුනන්ද දේශප්‍රිය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියතුමා , ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී කඡේන්ද්‍රන් - ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන් ඉන්දියාවේ සිටින කොටි හිතවාදියකු වූ පෝල් නිව්ටන් යන ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක්‌ පිහිටුවාගෙන සිටින වී. තිරුබාකරන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද මුලතිව් රෝහලේ හිටපු වෛද්‍ය වර්ධරාජා ද එකී අවස්‌ථාවට සහභාගි වූහ. ඊට පෙර සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිත් "යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ කුරිරු ක්‍රියාමාර්ග අලුත් ගවේශනයකින් හෙළිවේ" යන පත්‍රිකා තොගයක්‌ ශාලාවට ගෙනැවිත් මේසය මත තබන අයුරු දැක ගත හැකි විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි හඬ ත්‍රස්‌ත ගුවන්විදුලියට බෝම්බ දැමීම වැරදි බව පැවසුවේද මොහුයි.

මේ සම්මන්ත්‍රණයට පැමිණි කොටි හිතවාදීන් ඡායාරූප ගන්නේ දැයි නිරීක්‍ෂණය කිරීමට ඩේවිඩ් වේංගලි නමැත්තකු ද යොදවා තිබිණි. සතුරන් සියල්ල එක්‌ව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන අයුරු මෙහිදී දැකගත හැකි විය.

ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකාවක ලෙස ක්‍රියා කළ යස්‌මින් සුකා මෙහිදී ශ්‍රී ලංකා හමුදාවට දැඩි චෝදනා නඟමින් හමුදා සෙබළුන් ලිංගික අපරාධ සිදු කර ඇති බවත් මිනිසුන් හා කාන්තාවන් 44 ක්‌ ඒ ගැන සාක්‍ෂි දෙන අතර ඔවුන් බ්‍රිතාන්‍යයේ සිටින බවත් කීවාය. මේ සාක්‍ෂිකරුවන් දිවුරුම් ප්‍රකාශ දී ඇතැයි පැවසූ ඇය ශ්‍රී ලංකා හමුදාව එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා සේවාවේ නිරතව සිටින අතර ඔවුන්ගේ කටයුතු අත්හිටුවිය යුතු බව තරයේ කියා සිටියාය. ඇගේ එම ප්‍රකාශයට අමුද්‍රව්‍ය සැපයුවේ කැලම් මැක්‌රේයි. ශ්‍රී ලංකා සාම හමුදාවට හයිටි රාජ්‍යයේදී ලිංගික අතවර චෝදනා ඇතැයි මැක්‌රේ පළ කළේය.

මැක්‌රේ කොටි ඩයස්‌පෝරාවෙන් අති විශාල කොන්ත්‍රාත්තුවක්‌ ලබාගෙන ඇතැයි සනාථ විය.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ඔහු යුරෝපා කොටි වෙබ් ගුවන්විදුලිය අමතා ඇමරිකානු යෝජනාව දැඩි ලෙස සංශෝධනය වී ඇති බව කියා සිටියේය.

මේ අතර ජිනීවා උද්ඝෝෂණයට දහසකට අධික පිරිසක්‌ සහභාගි විය. එය ඉවසාගත නොහැකි පිරිස ඊට සහභාගි වූයේ 250 ක්‌ බවට ප්‍රචාරය කළේය. පසුගිය 25 දා තෙවැනි වරටත් සංශෝධනය වූ ඇමරිකානු යෝජනාව ඉදිරිපත් විය. එම යෝජනාවෙන්ද 13 වැනි සංශෝධනය ප්‍රකාර සියලු බලතල සියලුම පළාත් සභාවලට දිය යුතු යෑයි ඉල්ලා තිබිණි.

මේ අතර ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට දෙදෙනකු අත්සන් කළ ලිපියක්‌ යවා තිබේ. ඊට ඉතාලි හෝ ප්‍රංශ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කරගෙන නැතැයි හෙළි විය.

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.