අධිරාජ්‍යවාදයේ පන්දුව
මිණි කැටයක්‌ කරගත් හැටි


ක්‍රිස්‌තු වර්ෂ එක්‌දහස්‌ තුන්සිය ගණන්වලදී එංගලන්තය පාලනය කළේ දෙවන එඩ්වර්ඩ් රජතුමාය. පැතලි පිත්තක්‌ සහ බෝලයක්‌ ආශ්‍රයෙන් ඔහු ක්‍රීඩාවක්‌ කළ බවටත් එහි නම Creag (ක්‍රීග්) බවටත් ඓතිහාසික සාක්‍ෂි තිබේ. එවකට එංගලන්තයේ Kent පළාතේ ජීවත් වූ එම රජතුමාට මේ ක්‍රීඩාව සඳහා වෙනම පිට්‌ටනියක්‌ තිබිණ. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ආරම්භය මෙය බවට පිරිසක්‌ තර්ක කරන අතර එය එසේ නොවන බවට තව පිරිසක්‌ තර්ක කරති. මේ මතය පසෙකට දැමුවොත්, ක්‍රිකට්‌ ක්‍රීඩාව පටන් ගන්නේ 1598 දී ය. ක්‍රිකට්‌ යන නූතන වචනය ඒ කාලයේදී "ක්‍රෙකෙට්‌" ලෙස එංගලන්තයේදී ව්‍යවහාර වූ බවට සාක්‍ෂි තිබේ. එය ඉංග්‍රීsසි වචනයක්‌ නොව Middle Dutch නමැති, ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් වචනයකි. එම වචනයේ තේරුම Stick හෙවත් දණ්‌ඩ යන්න ය. දණ්‌ඩකින් බෝලයකට පහර දුන් බව මේ අනුව අර්ථ කථනය කළ හැකි ය. ලොව පළමුවන සංවිධානාත්මක ක්‍රිකට්‌ මැච් එක ගසන ලද්දේ එංගලන්තයේ සරේ ප්‍රාන්තයට අයත් Gnilford නගරයේදී ය. එයින් වසර 300 කට පමණ පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ලොව පුරා පිහිටි රටවල් අල්ලා ගැනීමත් සමඟම ඒ රටවල පැලපැදියම් වූ සුද්දොa හොඳට කාබී, භූමිය සූරා කා, සල්ලාලකම් කර විවේක කාලයේදී ක්‍රිකට්‌ ගැසූහ. එය සුද්දන් අතරට සීමා වූ ක්‍රීඩාවකි. සුද්දා විසින් ව්‍යාප්තවාදයේ පිත්තෙන් අධිරාජ්‍යවාදයේ පන්දුවට පහර දෙන ලද අතර එම පන්දුව පිට්‌ටනියේ එහා පිහිටි කැලෑ මණ්‌ඩියට වැටුණ කල සොයාගෙනවුත් සුද්දාගේ පය පාමුල තබන්නට පමණක්‌ ස්‌වදේශිකයන්ට ඉඩ දෙන ලදී. 1832 දී ශ්‍රී ලංකාවේ පළමුවන ක්‍රිකට්‌ ක්‍රීඩා සමාජය සුද්දන් විසින් කොළඹදී අරඹන ලද විට ඒ අහල පහල සිටි සිංහල, දෙමළ, මුස්‌ලිම් ස්‌වදේශිකයන් කොයි කාටත් ඉඩ ලැබුණේ වනාන්තරගත වූ අධිරාජ්‍යවාදයේ බෝලය සෙවීමට යැම පමණි.

කෙසේ වුවද, පිපිරවීමට ගෙනෙන බෝම්බය වුවද තමන්ට අභිමත පරිදි වෙනස්‌ කර යහපත් දෙයක්‌ බවට පත්කර ගැනීමේ අපූරු සහ සාධනීය හැකියාව ලාංකිකයාට තිබේ. ඒ අනුව 20 වන සියවස වන විට ඔවුහු ක්‍රිකට්‌ ක්‍රීඩාව ක්‍රමයෙන් සියතට ගනිති. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විට සුද්දා ආපසු ගිය නමුත් ඔහුට රැගෙන යැමට බැරි දේවල් කිහිපයක්‌ මෙහි ඉතිරි විය. ඉන් පළමුවැන්න සුද්දා මෙහි හැදූ පාරවල් ය. දෙවැන්න, ඔවුන් මෙහි ස්‌ථාපනය කළ රාජ්‍ය පරිපාලන ක්‍රමය ය. තෙවැන්න ක්‍රිකට්‌ ය. ශ්‍රී ලංකාවේ පළමුවන ජාත්‍යන්තර ක්‍රිකට්‌ ජයග්‍රහණය වන්නේ 1979 දී ICC කුසලාන දිනා ගැනීම ය. 1996 දී අපි ලෝක ක්‍රිකට්‌ කුසලානය ජය ගත්aතෙමු. එය කෙටි කලක්‌ තුළ ගිය ලොකු ගමනකි. මේ ගමනේදී අවස්‌ථා කිහිපයකදී අපි අන්ත පරාජයන් ලැබීමු. පරාජයට පත් වූ අපේ ක්‍රීඩකයන් ලංකාවට එන විට මහත් සාදරයෙන් පිළිගනු ලැබී ය. එය අපගේ ජාතික ගතියයි. ඉන්දියාව සහ පාකිස්‌තානය යන රටවල නම් මැච් එකක්‌ පැරදුණු විට ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගිනි තබනු ලැබේ. එහෙත් මේ ශිෂ්ට සමාජය කවදාවත් එසේ කළේ නැත. අපි පරාජය නමැති තිත්ත අත්දැකීම වහා අමතක කළෙමු. (ඉතාම නරක වන්නේ අපට ජයග්‍රහණය ද වහා අමතක වීමය.) ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදී ද මේ රටේ සියලු මිනිස්‌සු ජාති කුල ආගම් භේද පැත්තකට දමා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම සමඟ එක පෙළට සිට ගත්හ. ඒ කළයුතුව හැකි උපරිමයෙන් ප්‍රණාමය පුද කිරීමට අපේ ක්‍රිකට්‌ පිල සමත්ව සිටින බව පෙනෙයි. 20-20 ජයග්‍රහණය ද එවැනි කළගුණ සැලකීමකි. ඒ ජයග්‍රහණය වාර්තා වූ පෙරේදා (6 දා) රාත්‍රියෙහිs සිංහල අවුරුද්දට, ජනවාරි පළමුවැනිදා රෑ 12 ට පත්තු වන ප්‍රමාණය හා සමාන රතිඤ්Æ තොගයක්‌ පත්තු විය. වැදගත්ම දෙය වූයේ රටේ හැම පැත්තකින්ම සමාන ප්‍රතිචාර ලැබීම ය. අපට දැන් ඉතා දක්‍ෂ, ඉතා කාර්යශූර ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ සිටියි. ජයග්‍රහණයේ රහස වාසනාව නොව කාර්ය ශූරත්aවය බව ඔවුන් පෙන්වා දෙනු ලැබ ඇත. නායකත්වය යනු ලොකුකම නොව දක්‍ෂකම බෙදා හදා ගැනීම බව මේ තරගයේදී අපි දුටිමි. මේ සටහන ජාතිය වෙනුවෙන් අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායමට පිදෙන උපහාරයකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.