2014 අප්‍රේල් 08 අගහරුවාදා

 

 

    
    
    Divaina Editor
    contact webmaster

 


ක්‍රිකට්‌ ඔට්‌ටුව
පැරදී 'හාට්‌ ට්‍රබල්'
සෑදී මුදලාලි
මරු දකී

විස්‌සයි විස්‌ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්‌ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස්‌ බුකියට වී ක්‍රිකට්‌ තරගය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැතිවී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය පී. පී. ආර්. පී. රාජපක්‍ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

මහජන නියෝජිතයන්ගේ ජනතා ඉල්ලීම්
දේශපාලන මැදිහත්වීම් ලෙස නොසලකන්න

ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියයි

ඇමැතිවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කරන ජනතා ඉල්ලීම් දේශපාලන මැදිහත්වීම් ලෙස නොසලකන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07 වැනිදා) සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දී ඇත.


කොලොන්නාවේ දේශපාලන ගැටුමක ප්‍රතිඵලයක්‌·
කැලණියේදී
තරුණයාට වෙඩි
තබා මරයි

කැලණිය පට්‌ටිවිල ප්‍රදේශයේදී ඊයේ (07 වැනිදා) සවස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 22 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර සැකකරුවන් පලාගොස්‌ ඇත.


සිත්වල සැකසංකා තබාගන්න එපා
එකම රටක්‌ තුළ එකම ජාතියක්‌ ලෙස
සැමට සමාන
පහසුකම් ලබාදෙනවා

ජාතික සමගියේ මහා සමුළුව අමතමින් ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ කියයි

ආගමික සහජීවනය ගැන අද අපට දේශන පවත්වන අයට වඩා වසර දහස්‌ ගණනකට කළින් අපි ආගමික සහජීවනය හදවතින් පිළිගත් රටක්‌ බවත්, අපේ මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය අද තියෙන මානව හිමිකම් පිළිබඳ ඕනෑම ප්‍රඥප්තියකට වඩා පොහොසත් බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.


අයිස්‌ මංජුත්
කොටි ලැයිස්‌තුවේ

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අංක 4(2) නියෝගය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබූ ගැසට්‌ නිවේදනය අනුව ත්‍රස්‌තවාදි කටයුතුවලට සම්බන්ධ බවට නම් කොට ඇති පුද්ගලයින් 424 දෙනා අතර සිංහල ජාතිකයින් දෙදෙනකුගේ නම් ද ඇතුළත්ය.


පවුල් සෞඛ්‍ය සේවිකාවෝ
යතුරුත් අරන් යති
අම්මලාට බබාලාට එන්නත් දීම නවතී

පසුගිය බදාදා (02 දා) සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතව සිටින රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මවුවරුන්ට හා ළදරුවන්ට ලබා දෙන එන්නත් ගබඩා කර ඇති සායනවල යතුරු තමන් භාරයේ තබාගැනීම හේතුවෙන් මවුවරුන්ට හා ළදරුවන්ට එන්නත් ලබා දීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දුන් නැති
අය වලංගු
මන්ත්‍රීලා නෙවි

-දකුණු පළාත් සභා
ලේකම් කියයි

පළාත් සභාව සඳහා තේරීපත් වූ මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන්ම ආණ්‌ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දිය යුතු බවද පක්‍ෂ නායකයින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියේ දිවුරුම් දීම පළාත් සභා කාර්ය පටිපාටි රීතියට පටහැනි බවද දකුණු පළාත් සභා ලේකම් හේමන්ත සමරකෝන් මහතා "දිවයින"ට කීවේය. පළාත් සභා කාර්ය පටිපාටි රීතිවල අංක 01 යටතේ පළාත් මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය සඳහන්ව ඇතැයිද හෙතෙම කීය.


පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ
මාරාන්තික
උපවාසයකට සැරසෙති

අලුතින් සේවයට බඳවා ගන්නා සියලු හෙද හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිsයන් (වින්නඹු) පිරිසක්‌ කොළඹදී මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය පැවසුවාය.

පිල්ලේගේ මණ්‌ඩලයට ඇතුළත් වීමට
බටහිර රටවල්වලට බැරිවෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා බටහිර රටවල විමර්ශකයන් මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේගේ විමර්ශන මණ්‌ඩලයට ඇතුළත් කිරීමට ඉල්ලීමක්‌ ඉදිරිපත් වී ඇත.

පළමු ශේ්‍රණියේ විදුහල්පති
පුරප්පාඩු 900 ක්‌
පළමු ශේ්‍රණියේ විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව මේ වන විට නවසියය ඉක්‌මවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.

දිවයින  සැනෙකින් පුවත්

විස්‌සයි-විස්‌ස ජය සමරා...
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල විස්‌සයි - විස්‌ස ලෝක කුසලානය දිනාගැනීමත් සමඟ ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ලෝලීහු විවිධ අයුරින් එම ජයග්‍රහණය සැමරූහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද ජයග්‍රහණයෙන් උදම්ව සිටි අයුරු අපි දුටිමු. විස්‌සයි-විස්‌ස ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගවලින් සමුගත් කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන වෙනුවෙන් ද ලසිත් මාලිංගගේ නායකත්වය වෙනුවෙන් ද ඔවුන් කේක්‌ කපා ජයග්‍රහණය සැමරූ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.


යුද්ධය නිමවී
ගෙවී ගිය වසර
පහක්‌ තුළ
සන්ධාන ආණ්‌ඩුව ජනතාවට සහන වෙනුවට
අසහනය පමණක්‌ ගෙන දුන්නා
ඌව මැතිවරණයේදී ජනතාව ආණ්‌ඩුවට "ඌයි" කියන
මැතිවරණ ප්‍රතිඵලයක්‌ දීමට බලා සිටිනවා

එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍යය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක

යුද්ධය නිමවී ගෙවී ගිය වසර පහක කාලය තුළ සහන වෙනුවට අසහනය පමණක්‌ ගෙන දුන් සන්ධාන ආණ්‌ඩුව ඉදිරියේදී පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේදී "ඌයි" කියෑවෙන ඡන්ද ප්‍රතිඵලයක්‌ ලබාදීමට ජනතාව සැදී පැහැදී සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍යය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
 


දුරාචාරයට
දූෂණයට හෝ
මුදලට ජනතාවගේ මතය පාවා නොදෙන්න

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

 

ජනතාවගේ මතය දූෂණයට, දුරාචාරයට හෝ මුදලට පාවා නොදෙන්නැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (07 දා) එම පක්‍ෂයෙන් බස්‌නාහිර සහ දකුණු පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දොළොස්‌ දෙනාගෙන් ඉල්ලා සිටියේය.


අවුරුද්දට
අද සිට බස්‌

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දුරගමන් සේවා පෞද්ගලික බස්‌ රථ රැසක්‌ කොළඹට ආසන්න නගර කීපයකින් අද (08 වැනිදා) සිට ලබන 14 වැනිදා දක්‌වා ගමන් අරඹන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.


පාසල් නිවාඩුව
අද සිට

සියලුම රජයේ පාසල්වල පළමු වාරයේ නිවාඩුව අදින් (8 වැනිදා) ආරම්භ කෙරේ. දෙවැනි වාරය ආරම්භ කෙරෙන්නේ මෙම මස 21 වැනිදාය. සියලුම මුස්‌ලිම් පාසල් සඳහා ලබන 10 වැනිදා නිවාඩු ලබාදී යළි 16 වැනිදා ආරම්භ කෙරේ.


තමිල් අරසු කච්චි පක්‍ෂයට එරෙහිව පෙත්සමක්‌

ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ.) හවුල්කරුවකු වන ඉලන්කෙයි තමිල් අරසු කච්චි නමැති පක්‍ෂය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ බිහිකිරීමේ අරමුණක්‌ ද ඇතිව පිහිටුවා ගත් දේශපාලන පක්‍ෂයක්‌ යෑයි තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කර ඇත.


දොස්‌තර මහත්තයා මට පයින් ගැහුවා
- කයිකාවල පුංචි
නාමල් කියයි

දොස්‌තර මහත්මයා... මට පයින් ගැහුවා යෑයි මාතලේ කයිකාවල පදිංචි නාමල් තරංග රණතුංග දරුවා "දිවයින" නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ දුරකථනයෙන් කියා සිටියේය.


දරුවන් බොරු නොකියන
බව විශ්වාසයි

මාතලේ රෝහල් අධ්‍යක්‍ෂ

දරුවන් කෙදිනකවත් බොරු නොකියන බව ......


  
 
  • බීමත් රියෑදුරන් ඇල්ලීමේ
    මෙහෙයුම් 10 දා ඇරඹෙයි


    අලුත් අවුරුදු සමයේ බීමත් රියෑදුරන් ඇල්ලීමේ විශේෂ රථවාහන මෙහෙයුම ලබන 10 වැනිදා පෙරවරු 6.00 සිට 20 වැනිදා පෙරවරු 6.00 දක්‌වා දිවයින පුරාම ක්‍රියාත්මක බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා "දිවයින"ට පැවැසීය.
     
  • 2013 මහ බැංකු වාර්තාව අද ජනපතිට

    ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය වර්ෂය (2013) සඳහා වන නවතම වාර්ෂික වාර්තාව අද පෙ.ව. 10.00 ට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මහබැංකු මූලස්‌ථානයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගන්වනු ලබයි.

 

 


 
  • ද්‍රවිඩ සන්ධානයෙන්
    දකුණු අප්‍රිකාවට පැමිණිල්ලක්‌


    කොටි ඩයස්‌පෝරා ලැයිස්‌තුවට ස්‌විස්‌ කොටි නායකයාද ඇතුළත් විය. මෙතෙක්‌ කල් ද්‍රවිඩ සංධානය රැඟුම් දැක්‌ වූයේ කොටි ඩයස්‌පෝරාව නිසාය. එහෙත් දැන් සිදු වී ඇත්තේ ද්‍රවිඩ සන්ධානයට බරපතළ පහරක්‌ වැදීමයි. කොටි ඩයස්‌පෝරාව තහනම් කිරීමත් සමග එහි ක්‍රියාකාරීහු 424 කට එල්ල වූ තහනමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රභාකරන්ගේ උපදේශක රුද්රකුමාරන් ප්‍රකාශ කර ඇත.
     
  • ගුරුවරුන් අතර භීෂණය පැතිරවීම

    ශාරීරික දඬුවම් ලබා දෙන්නේ නැතුව විනය පවත්වාගෙන යැමට නොහැකි වීම ගුරුවරයාගේ නොහැකියාව විදහා පාන්නකි. ශාරීරික දඬුවම් දීම වෙනුවට වෙනත් මාර්ග ගත යුතුය. වැරදි හැසිරීමට ඉඩ නොතබන ආකාරයට පාසලේ හා පන්තියේ කටයුතු සංවිධානය විය යුතුය. පාසලේ විනය රීති ගැන හැමෝටම දැනුම් දිය යුතුය.

  

  


 
  • මේ වාසනාව නෙමෙයි,
    කැපවීමේ ප්‍රතිඵලයයි!

    - මාලිංග

    මාස එකහමාරක පමණ කාලයක්‌ බංග්ලාදේශයේ තරග කිරීමට අවස්‌ථාව ලැබීම ලෝක කුසලාන ජයග්‍රහණයට විශාල පිටිවහලක්‌ වූ බවත් එම අත්දැකීමද සමග තරග වැදීමේදී ප්‍රතිවාදී කණ්‌ඩායම්වල ශක්‌තිය පිළිබඳ විමසීමට වඩා තමන් සතු ශක්‌තිය ගැන පමණක්‌ අවධානය යොමු කළ බවත් පවසන විස්‌සයි/20 නායක ලසිත් මාලිංග එම හේතුව මත විස්‌සයි/20 ලෝක ශූරයින් ලෙස කිරුලු පැළඳවීමට අවස්‌ථාව උදා වූ බවත් සඳහන් කර සිටියේය.
     
  • නොවිඳ සතුටක්‌ විද! මා සමුගන්නවා

    අවසන් වශයෙන් හෝ ලෝක කුසලානයක්‌ ජයග්‍රහණය කළ කණ්‌ඩායමක සාමාජිකයකු වීමට හැකිවීම පිළිබඳ තමා ඉමහත් සතුටට සහ ආඩම්බරයට පත්වෙන බව සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර සඳහන් කර සිටියේය.

  

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.