2014 අප්‍රේල් 09 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

 


පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය ජය ගනිමින් වසර 18 කට පසු ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක්‌ දිනාදුන් ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (08) පස්‌වරු 3.20 ට එම්. ඡේ. 502 දරණ ගුවන් යානයෙන් "දිවයින" ට සම්ප්‍රාප්ත වූහ.

ලෝක ක්‍රිකට්‌ කිරුළ දිනු ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (08 දා) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවූ අවස්‌ථාවේ සමුහ ඡායාරූපයකට පෙනී සිටි අවස්‌ථාව. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද ඡායාරූපයේ වෙති. ඡායාරූපය-සුදත් සිල්වා

රට යන මේ ස්‌ථාවර තත්ත්වය 2050 වර්ෂය දක්‌වා ස්‌ථිරයි
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ


අද පොල් අතු නිවාස වෙනුවට තිබෙන්න පොල් අතු හෝටල්. හැබැයි ඒවා ඇතුළ වායු සමීකරණය කරලා. මේ තුළ තමයි රටේ වෙනස්‌කම් ඇතිවෙලා තිබෙන්නේ.

ලෝක ශූරයෝ අද පාර්ලිමේන්තුවට

කථානායක චමල් රාජපක්‍ෂ, සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකා ජයග්‍රාහී ක්‍රිකට්‌ කණ්‌ඩායමට පාර්ලිමේන්තුවට ආරාධනා කර ඇත.


ජාතික රෝහලට ඇතු ළත් නොකළ රැඳවියා වැලිකඩදී මරු දකී

රැඳවියකු වහාම ජාතික රෝහලට රැගෙන යා යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබියදීත් ඔහු රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු නොකිරීම නිසා ඊයේ (08 දා) දහවල් ඔහු මරණයට පත් වී තිබේ.


ලෝක කුසලාන පටන් ගන්න පෙර මානසිකත් වය බිඳ දැමීම පිළිබඳව කනගාටු වෙනවා
- මහේල ජයවර්ධන

"අවාසනාවකට වගේ මටයි සංගක්‌කාරටයි ලෝක කුසලාන කාලය තුළ මාධ්‍ය තහනමක්‌ තිබුණා. ඒ කණ්‌ඩායම් කළමනාකාරීත්වයෙන්."

ඇමැති සුමේධාට මොනරාගල නගර මධ්‍යයේදී පේෂල් එකක්‌

මොනරාගල දිස්‌ත්‍රික්‌ රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කරන රූපලාවන්‍ය ජංගම සේවයක්‌ මොනරාගල නගර මධ්‍යයේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනී.....

ඇමැති වෙල්ගමගේ උපන් දිනය වෙනුවෙන් දුගී පිරිසකට තෑගි බෝග


එක්‌ අයකුට රුපියල් 500 බැගින් මුදලක්‌ දීමත් රෙදිපිළි හා ප්‍රණීත ආහාරවේලකින් සංග්‍රහ කිරීමත් එහිදී සිදු කෙරිණි.

අධිවේගයේ මාතර - කොළඹ සැප බස්‌ යළි ඇරඹෙයි

ඊයේ (08 දා) සිට සුඛෝපභෝගී පෞද්ගලික බස්‌ රථ 12 ක්‌ ද ජාතික ගමන මණ්‌ඩලයට අයත් සුඛෝපභෝගී බස්‌ රථ 10 ක්‌ ද මාතර සිට මහරගම දක්‌වා ධාවනය වනු ඇත.

මනුෂගේ පෝස්‌ටරයට වෙන වචනයක්‌ ඇල වූ සැකකරු මනෝ වෛද්‍යවරයකු වෙත

"ඔළු සෝදමු" යන පෝස්‌ටරයේ "ඔළු" යන වචනයට උඩින් ශරීරයේ වෙනත් කොටසක නමක්‌ මුද්‍රණය කොට ඇලවීම සම්බන්ධයෙන්....

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය
රැසක මිල පහතට

ඒ අනුව 2013 වසරට වඩා මේ වසරේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් රුපියල් 20 ත් 160 ත් අතර මිලකින් අඩු වී තිබේ.

කොත්මලේ ජලාශයත් හිඳිලා

ඝන මීටර් මිලියන 174 ක්‌ වන කොත් මලේ ජලාශයේ ජල ධාරිතාව මේ දිනවල 50% කටත් වඩා අඩුවී ඇති අයුරු පැහැදිළිවම දකින්නට ලැබේ.


පොරොන්දු වූ විශ්‍රාම වැටුප් ගන්න අපි පෙළ ගැසී......


2010 මහින්ද චින්තන පොරොන්දු ප්‍රකාශනයෙන් අවුරුදු 65 සම්පූර්ණ කළ වැඩිහිටියන්ට දීමට පොරොන්දුවූ විශ්‍රාම වැටුප මෙතෙක්‌ ලබා නොදීම ගැන......

හම්බන්තොට වරායේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ඇරඹේ

එම අදියරේදී ගොඩ බිම හාරා ලැබෙන පස්‌ හා ගල් වරාය ආශ්‍රිතව මුහුදේ කෘතිම දූපතක්‌ තැනීම පිණිස යොදා ගන්නා බව...


මධ්‍යම කඳුකරයේ පරිසර විනාශයෙන් මුළු රටම අඳුරු වීමේ අවදානමක්‌

අද සමහර වතුවල සේවකයන්ට වැටුප් දෙන්න කියමින් ගස්‌ කැපීම් සිදු කරනවා. මේ සියලුම දෙයින් සිදු වන්නේ මේ පරිසර විනාශයයි.

රාෆ්ටින් බෝට්‌ටු හිමියෝත් නියඟයට හසුවෙති

කිතුල්ගල ප්‍රදේශයට රාෆ්ටින් බෝට්‌ටු පැදීම සඳහා මසකට දෙස්‌ විදෙස්‌ සංචාරකයන් අටදහසකට ආසන්න ප්‍රමාණයක්‌ පැමිණේ.


රජරට ගැමි ජීවිතයේ
සාරධර්ම සේදිලා ගිහින්

සබන් කෑල්ලේ ලුණුකැටේ ඉඳල හැම දේම කඩෙන්. ඉතිං සල්ලි. හොයල ඉවරත් නෑ. දැන් අපි කන්නෙ සල්ලි එදා කෑවෙ දාඩිය මහන්සියෙන් හදා ගත්තු දේ. ඉතිං කොහොමද ගමකට රටකට හරියන්නෙ.

වල් කරපිංචා බව හඟවා කරුවල අරටු කිලෝ සීයක්‌ විකිණීමට හැදූ දෙදෙනා අත්අඩංගුවට

මෙම ශාක කොටස්‌ කිලෝ ග්‍රෑම් 1 ක්‌ පහළොස්‌ දහසකට විදේශ රටවල්වලට අපනයනය කළ හැකි බවද සැකකරුවන් ව්‍යාපාරිකයාට පවසා ඇත.

දිවයින  සැනෙකින් පුවත්

ශූරයෝ පැමිණෙති


මේ දැක්‌වෙන්නේ ජයග්‍රාහි ශ්‍රී ලංකා පිල ගුවන් තොටේදි සහ කොළඹට පැමිණෙන අතර තුර හරසරට ලක්‌වූ ඇයුරු. ඡායාරූප-
සමන් අබේසිරි වර්ධන

ක්‍රිකට්‌ විරුවන්ට හරසර


ලක්‍ෂ ගණනක මත්පැන් කොල්ලකෑ පොලිසියේ තිදෙනා රිමාන්ඩ්

ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ රුපියල් ලක්‍ෂ පනහක කප්පම් මුදලක්‌ ලබා ගැනීමට උත්සාහ කර එය ව්‍යර්ථ වීමෙන් පසු රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා මත්පැන් තොගයක්‌ කොල්ල කෑ....

නාම යෝජනා දින පෙළපාලි ගිය අයට නඩු

නාම යෝජනා භාර ගැනීම සිදුකරන කාලය ඇතුළත ප්‍රචාරක පෙළපාලි හෝ රථ පෙළපාලි පැවැත්වීම තහනම් බවට කොම සාරිස්‌වරයා විසින් සියලු පක්‍ෂ වෙත දැනුම් දී තිබිණි.

"තිරිමාන්නට අවස්‌ථාව දීල මම ඉවත් වුණේ ලෝක කුසලාන දිනන්නයි"
- දිනේෂ් චන්දිමාල්

නායකයකු ලෙස ලෝක කුසලාන දිනා ගැනීම එකම අරමුණ කරගෙන තමා දක්‍ෂතා අතර නොමැති බැවින් ළහිරු තිරිමාන්නට අවස්‌ථාව හදවතින්ම ලබාදුන් බව විස්‌සයි විස්‌ස නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

ලොකු සැලසුමක්‌ නැතිව අවසන් තරගයට ක්‍රීඩා කළා - මාලිංග

මම වාසනාව ගැන විශ්වාස කරන ක්‍රීඩක යෙක්‌ නෙමෙයි. මේ ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට හැකි වුණේ කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් සහ පුහුණු කරුවන් කළ දැඩි කැපවීම සහ අධිෂ්ඨානය නිසයි.

රජරට සිසුන් 13 දෙනකුගේ පන්ති තහනම්

කළමනාකරණ පීඨයේ සිව්වැනි වසරේ අධ්‍යා පනය ලබන සිසුන්ගේ නේවාසිකාගාරයකට පසුගියදා කඩාවැදී මැර ප්‍රහාරයක්‌ එල්ල කළ බවට චෝදනා ලැබ සිටින....

දීගකෑමට බිරිඳ අකැමැති වූ විට සැමියා පොලිසියේදී වස බීලා

තම සැමියා සමග දීග කෑමට බිරිඳ අකැමැති බව පැවසීමත් සමඟ සැමියා සඟවාගෙන සිටි වස වර්ගයක්‌ පානය කර ඇති බව පොලිසිය පවසයි.

කාන්තාවක යට කර මරා බස්‌ රථය පලා යයි

ඇය හපුතලේ තැපැල් කාර් යාලය වෙත සිය මාසික මහජනාධාර මුදල රැගෙන ඒමට යමින් සිටියදී අනතුරට පත්වී තිබේ.


බස්‌නාහිර පළාත් මන්ත්‍රී වරු හෙට දිවුරුම් දෙති

පළාත් ආණ්‌ඩුකාර අලෙවි මව්ලානා මහතා ඉදිරියේදී පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පළාත් ඇමැතිවරුන් සහ මන්ත්‍රී වරුන් හෙට පෙරවරු 9.30 ට දිවුරුම් දෙති.

හොඳම මිතුරියගේ පෙට්‌ කාඩ්පතට විදී

ගිණුමේ රහස්‌ අංකය සොරාගෙන මිතුරියගේ ගිණුමෙන් රුපියල් 91,000 ක මුදලක්‌ වංචනිකව ලබාගත් ගැබිනි කතක්‌ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගැනීම....

සිංහල ජාතිය සුළු ජාතිය වෙනවා සැකයක්‌ නැහැ
- බොදුබල සංවිධානයේ ගලගොඩඅත්තේ ඥනසාර හිමි

අද වන විට බහුතර ගම් මානද මුස්‌ලිම් ජාතිකයන් සිංහල ජනතාවගේ ඉඩම් හා නිවාස විශාල ලෙස මුදල් වැයකර ලබාගෙන පදිංචි වී සිටිනවා. අපේ මෝඩ සිංහල ජනතාව මුස්‌ලිම් ජාතිකයන්ට තම ඉඩම් විකුණා දුර ඈත ප්‍රදේශවල පදිංචියට යනවා.

බොරපොළ සිටිනා
දුර්ලභ 'වන්දා'

මෙම වර් ගයේ කොළ පැහැයට හුරු සතුන් සුලබව දක්‌නට ලැබුණත් මෙවැනි දුඹුරු පැහැයට හුරු සතුන් දක්‌නට ලැබීම දුර්ලභ බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.


පොස්‌පේට්‌ දැන් ඕනෑ තරම්

මීට පෙර පොස්‌පේට්‌ ලබාගැනීමට වුවමනා ගොවියන් එප්පාවල නගරයේ සිට කිලෝමීටර් හතරක්‌ පමණ දුරට වනගත පෙදෙසට යා යුතුවිය.


පාසල නිමවී ගෙදර යමින් සිටි විදුහල්පතිගේ රන්මාලය කොල්ලකාලා

විදුහල්පතිවරයාගේ ගෙල බැඳි රුපියල් විසිහතර දහසක්‌ පමණ වටිනා රන්මාලය කොල්ලකා පලාගොස්‌ ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

සඳුනිගේ බෙල්ල වෙන් වෙන්න කපා කන්දෙන් පහළට තල්ලු කළා
- සැකකරු පාපොච්චාරණය කරයි

ඔහු මීට පෙරත් බාල වයස්‌කාර දැරියන් දෙදෙ නෙක්‌ ගෙදරට එක්‌කර ගෙන ඇවිත් අඹුසැමියන් වශයෙන් වසර ගණ නාවක්‌ ජීවත්ව සිට නැවත ඒ දෙදෙනාම පන්නා දැමුවා.


  


 
  • ශ්‍රී ලංකාව පළමු කාණ්‌ඩයට ළංවෙයි

    පසුගියදා නිමවූ තෙදින ඩේවිස්‌ කුසලාන ටෙනිස්‌ තරගාවලියේදි සත්කාරක වියට්‌නාමය 3-2 කින් පරාජය කල, ශ්‍රී ලංකා පිරිමි කණ්‌ඩායමට සුබපැතූ ශ්‍රී ලංකා ටෙනිස්‌ සංගමයේ වර්තමාන සභාපති ඉක්‌බාල් බින් දුසාක්‌ මහතා, ලබන වසරේදී කළාපීය දෙවන කාණ්‌ඩයේ සිට ප්‍රථම කාණ්‌ඩය දක්‌වා ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට අවස්‌ථාවක්‌ ඇති බව ප්‍රකාශ කළේය.

  

Kapruka Shopping |  News





 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.