2014 අප්‍රේල් 21 සඳුදා

 

 
 
    DIVAINA EDITOR

  CONTACT WEBMASTER

 


කටුනායක ගුවන්තොටුපළේදී
තුන් කෝටි 84 ලක්‍ෂයක වල්ලාපට්‌ටා අල්ලා ගනී

නීති විරෝධී ලෙස ගුවන් මගින් ගෙනයැමට තැත්කළ රුපියල් තුන්කෝටි අසූහතර ලක්‍ෂයක්‌ පමණ වටිනා වල්ලාපට්‌ටා කිලෝ 48 ක තොගයක්‌ ඊයේ (20 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුම සුරැකීමේ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට
ග න් න වා ද ?
දිවයින විමසයි
'නෑ.. නෑ.. නීතිය  ක්‍රියාත්මක කරනවා'

- පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක
මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීමට ගිය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පහර දුන්නේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා හම්බන්තොට නගරාධිපති එරාඡ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (20 දා) "දිවයින" ට කීවේය.
"එව බලව" කීවත්
ගියාම ගහනවා

- විජිත හේරත්
එව බලව කියා තමන්ගේ සංවර්ධන ව්‍යාපෘති සොයා බලන්න විපක්‍ෂයට ආරාධනා කරන ආණ්‌ඩුව එසේ එන මන්ත්‍රීවරුන්ට පහරදීම ඉතා කනගාටුදායක තත්ත්වයක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (20 දා) ප්‍රකාශ කළේය.

පාසල් අද යළි ඇරැඹේ

දෙවැනි වාරය සඳහා රජයේ සියලුම පාසල් අද (21 දා) ආරම්භ කෙරෙන අතර අගෝස්‌තු මස 01 වැනිදායින් දෙවැනි වාරය අවසන් කෙරේ.

සැඩ සුළඟින්
විල්ගමුවේ
නිවාස 90කට හානි

විල්ගමුව ප්‍රදේශය හරහා හමා ගිය සැඩ සුළඟින් නිවාස 90 කට හානි සිදුව ඇති බව මාතලේ දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අමරවීර මහතා පැවසීය.
වෑන් රිය වැවට වැටී
එකම පවුලේ 5ක්‌ මරුට

මහනුවර සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්‌ පෙරේදා (19 දා) හිමිදිරියේ මාර්ගයෙන් ඉවතට පැන දෙටගමුව වැවට පෙරළීමෙන් එහි ගමන් කළ එකම පවුලේ මව, පියා සහ දරු දෙදෙනා ඇතුළු පස්‌දෙනකු මියගොස්‌ තිබේ. මරණයට පත් වූ අනෙක්‌ පුද්ගලයා මියගිය කාන්තාවගේ පියා බව පොලිසිය සඳහන් කරයි.

මදුරුකැටියේ බස්‌-යතුරුපැදි ගැටුමෙන්
යතුරුපැදියේ ගිය
පෙම් යුවළ මරු දකී
මොනරාගල - වැල්ලවාය මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු සහ තරුණියක මියගොස්‌ තිබේ.
අක්‌කලා දෙදෙනා
කිඹුලා සමග පොර බදා
නංගීගේ දිවි බේරා ගනිති
කලපුවේ දිය නෑමට ගොස්‌ සිටියදී කිඹුලකු ඇදගෙන ගිය සොහොයුරිය බේරාගත් සොහොයුරියන් දෙදෙනකු පිළිබඳව පුවතක්‌ සමන්තුරේ හෙයිනාකාඩු ප්‍රදේශයෙන් වාර්තාවේ.
විල්පත්තු ජාතික වන උද්‍යානයේ මුස්‌ලිම්
ජනතාව අනවසරයෙන්
පදිංචි වන්නේ නාවික හමුදාව නිසා නොවේ

නාවික හමුදාව පවසයි
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මුස්‌ලිම් පවුල් අනවසරයෙන් පදිංචි වීමට හේතුව ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ ඉඩම් පවරා ගැනීම බවට විවිධ මාධ්‍ය ඔස්‌සේ ගෙනයනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බවට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

රුසියාව හා පැරණි සෝවියට්‌ දේශයට
අයත් රටවලින් වැඩිම සංචාරක පැමිණීමක්‌

රුසියාවේ ශ්‍රී ලංකා
තානාපති උදයාංග වීරතුංග

ඉකුත් ජනවාරි මස දත්ත අනුව ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් අතුරින් වැඩිම පිරිස පැමිණ ඇත්තේ රුසියාව හා සෝවියට්‌ දේශයට අයත්ව තිබූ රටවල් වන යුක්‌රේනය හා බෙලරුසියාවෙන් යෑයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි.

ලිස්‌සන ගහ කඩාවැටී තිදෙනෙක්‌ රෝහලේ

නිවිතිගල හල්කදිය දෙමටපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකදී ලිස්‌සන ගහ කඩාවැටීමෙන් (18 දා) තිදෙනකු තුවාල ලබා තිබේ.
ශාන්තිකර්මයට
"මළ පෙරේතයෝ"
ඇවිත් යකා නටලා

දිවයින  සැනෙකින් පුවත්

වල්ලාපට්‌ට
රේගු පරීක්‍ෂාවට..

ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට ගනු ලැබූ වල්ලාපට්‌ට තොගය රේගු නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන අයුරු. රේගු අධ්‍යක්‍ෂක දීපාල් සිරිබද්ධන, රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක, මනෝඡ් සමරසේකර, මංජුල කුමාර, තිලංක සමරවීර, චින්තක ශ්‍යාමාල් සහ නිරෝෂා විඡේතුංග යන නිලධාරීහු ඡායාරූපයේ වෙති. ඡායාරූප - ගුවන්තොටුපළ ප්‍රසාද්

මවකගේ සෙනෙහස..
දියතලාවේ පැවති ෆොක්‌ස්‌හිල් සුපර් ක්‍රොස්‌ 2014 මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගයේ ස්‌ටෑන්ඩඩ් මෝටර් රථ 1000 (සී. සී. කාණ්‌ඩය) ප්‍රථම ස්‌ථානය දිනාගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්‍ෂ මහතාට ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය සුබ පැතුම් පිරිනැමූ අයුරු.
පිංතූරය - සජිත් ජයසේකර
වැරදි කරන
භික්‌ෂූන්ට දඬුවම්
දීමට  සංඝාධිකරණ
පනත සම්මත කරනවා

අගමැති
මැණික්‌හින්නේදී කියයි

ජාතික ආගමික වශයෙන් මෙතෙක්‌ රටේ පැවැති සමගිය හා විශ්වාසය බිඳෙන ආකාරයෙන් දැන් ඇතැම් සිවුරු පොරවාගත් පිරිසක්‌ කටයුතු කරනවා. ඒ පිරිස මහා සංඝරත්නය නොවෙයි චීවරධාරීන්. එබැවින් එලෙස වැරදි කරන චීවරධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමටත් අවශ්‍ය වෙනත් පියවර ගැනීමටත් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට බලය ලබාදෙන කතිකාවත් පනත ළඟදීම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නවා යෑයි....

හම්බන්තොට නගරාධිපති ළඟ
පිස්‌තෝලයක්‌
තිබුණු බව  දැන ගත්තේ මාධ්‍ය මගින්

හම්බන්තොට
ඒ. එස්‌. පී. කියයි
හම්බන්තොට නගරාධිපතිවරයා ළඟ පිස්‌තෝලයක්‌ තිබූ බව තමාට දැන ගැනීමට ලැබුණේ මාධ්‍යයෙන් පමණක්‌ යෑයි හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරී ජී. ජී. ධනපාල මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.
එකම පන්තියේ ඉගෙනුම
ලබා හමුදා
සේවයට එක්‌ වූ රණවිරුවෝ පස්‌දෙනෙක්‌

මේජර් ජනරාල්
පදවි ලබති
කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලබා යුද හමුදා සේවයට බැඳුණු රණවිරුවෝ පස්‌දෙනකු මේ වන විට මේජර් ජනරාල් පදවියට පත්ව සිටිති.

ද්‍රවිඩ සන්ධානය උතුරේ රහස්‌ මෙහෙයුමක

උතුරේ ද්‍රවිඩ ජනතාව ලවා රජයට එරෙහිව විරෝධතා ඇති කිරීමේ පරමාර්ථයෙන් ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රජා සංවිධාන ධීවර හා සමුපකාර සමිතිවලට සාමාජිකයන් බඳවා ගැනීමේ රහස්‌ මෙහෙයුමක්‌ දියත් කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට හෙළිවී ඇත.
දින දහයට අනතුරු මරණ අසූඑකයි
ගතවූ දින දහයක කාලය තුළදී දිවයිනේ සිදුවූ මාරක රිය අනතුරු හැටපහකින් පුද්ගලයන් අසූ එක්‌ දෙනෙකු මියගොස්‌ ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය. ඊට අමතරව මෙම කාලය තුළදී සිදුවූ මුළු රිය අනතුරු හයසිය පනහකින් පුද්ගලයන් 700 දෙනකු තුවාල ලබා තිබේ.

 
  • භික්‍ෂුව හා මැරකම

    අපි සිංහල අවුරුද්දට පෙරත් පසුත් දේශපාලනික මැර ක්‍රියා දෙකක්‌ රූපවාහිනී නාලිකා ඔස්‌සේ දුටුවෙමු. මේ කාරණා දෙකම ගැන කතා කළ යුතු යෑයි සිතුවෙමි. ඉන් එක මැර ක්‍රියාවක්‌ වූයේ බොදුබල සේනාවේ භික්‍ෂූන් පිරිසක්‌ බෞද්ධ භික්‍ෂූන් හා වෙනත් ආගම්වල පූජකයන්ද හවුල් වී ජාතික බල සේනාව නමින් සංවිධානය කර තිබූ පුවත්පත් සාකච්ඡාවක්‌ රූපවාහිනී කැමරාවල සටහන් වන අයුරින්ම කඩාකප්පල් කිරීමයි. අවුරුද්දෙන් පසුව සිදුවූ මැර ක්‍රියාව වූයේ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ නිරීක්‍ෂණය කීරීමට ගිය එජාප මන්ත්‍රීවරුන් පස්‌ දෙනකුගේ සංචාරය දෙනෝදාහක්‌ බලා සිටියදී කඩාකප්පල් කිරීමයි.

  


 
  • ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු
    එංගලන්තයෙ උස්‌සයි ?


    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු පෝල් ෆ්‍රබ්‍රේස්‌ මහතා හදිසියේම සිය තනතුර හැර යාමට පිඹුරු පත් සකස්‌ කරමින් සිටින බවත් ඒ පිළිබඳව ඔහු කිසිවක්‌ ඊයේ (20 දා) රාත්‍රිය වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා නොමැති බවත් වාර්තා වේ.
     

  • තිළිණ පණ්‌ඩිතරත්න සහ
    වෛද්‍ය මනිල් ප්‍රනාන්දුට
    ආසියානු පාපන්දුවෙන් 'ටොක්‌කක්‌'


    ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට එරෙහිව උසාවිය හමුවට ගිය හිටපු පාපන්දු සභාපතිවරයෙක්‌ වන තිළිණ පණ්‌ඩිතරත්න මහතා විසින් දැරූ ආසියානු පාපන්දු සම්මේලනයේ නීති කමිටුවේ සාමාජිකත්වයෙන් ඔහුව ඉවත් කිරීමට ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

  

Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.