2014 අප්‍රේල් 22 අගහරුවාදා

 

 

    
    
    Divaina Editor
    contact webmaster

 


බුදුරුව පච්ච කොටා
පැමිණි සුද්දිය
රටින් පන්නයි
බුදු දහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා (21 වැනිදා) නියෝග කළේය.

බූමිතෙල් කළවම්
පානීය ජල බෝතල්
37,000ක්‌ අල්ලයි

කැලණිය, දළුගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙරට ජනප්‍රිය වෙළෙඳ නාමයක්‌ යටතේ අලෙවි කරන පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරයක පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීමකදී බූමිතෙල් කළවම් වී තිබූ පරිභෝජනයට නුසුදුසු පානීය ජල බෝතල් 37,000 ක්‌ ඊයේ (21 වැනිදා) සොයාගෙන ඇත.


මන්නාරමේ නැවත
පදිංචි කළ පවුල්
44කට විල්පත්තුවේ
ගෙවල් හදා දීලා

මන්නාරමේ නැවත පදිංචි කළ පවුල් 44 ක්‌ සඳහා නිවාස ඉදිකර ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමියේ කොටසක බව අනාවරණය වී ඇතැයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

මහ මාර්ග සිතියම
අලුත් කරයි

ශ්‍රී ලංකාවේ මහ මාර්ග සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් දැන් අලුත් කර ඇතැයි මැනුම්පති නිහාල් ගුණවර්ධන මහතා "දිවයින" ට ඊයේ (21 දා) පැවසීය.


ඉදිරි දිනවල තද
සුළං හා අකුණු
අවදානමක්‌
දිවයිනේ ප්‍රදේශ රැසකට අකුණු අවදානමක්‌ සහ තද සුළං ඇතිවීමේ අවදානමක්‌ ඉදිරි දිනවල පවතින බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීය.

ටී.එන්.ඒ. ඇතුළත
උග්‍ර මත ගැටුමක්‌

උතුරේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වෙනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) තුළ උග්‍ර මත ගැටුමක්‌ හටගෙන ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

කොටි රැඳවියා
රෝහලෙන් පැන යයි
වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටියදී ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කර සිටි එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදියකු පෙරේදා (20 දා) රැකවලට සිටි බන්ධනාගාර නිලධාරියාගෙන් මිදී පලා ගොස්‌ ඇත.

අරලගංවිලදී
සහ දෙටගමුවේදී
ඇළට සහ වැවට
වැටී මියගිය
15 දෙනාගේ සිරුරු
මිහිදන් කෙරේ

අත්ට්‍රැක්‌ටරයකින් අවුරුදු නෑගම් යමින් සිටියදී අරලගංවිල .....


දිවයින  සැනෙකින් පුවත්

සම සෞඛ්‍ය සිසු උද්ඝෝෂණ....
සම සෞඛ්‍ය සිව් අවුරුදු පාඨමාලාව නැවත ස්‌ථාපිත කරන ලෙසටත් සම සෞඛ්‍ය උපාධිය කප්පාදු නොකරන ලෙසටත් බලකරමින් සම සෞඛ්‍ය පාඨමාලා සිසුන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය එක්‌ව සංවිධානය කළ උද්ඝෝෂණයක්‌a ඊයේ (21 දා) විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී පැවති අයුරු.
ඡායාරූපය - සුජාතා ජයරත්න



දුම්රිය සේවක මාරාන්තික උපවාස..

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක කප්පාදුව වහා නතර කරන ලෙසත් ආදේශක/ අනියම්/ තාවකාලික සේවකයන් වහා ස්‌ථීර කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස්‌ දුම්රිය සේවක සංගමය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන ලදී.
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත


බොදු බල සේනා විධායකගෙන් ජනපතිට ලිපියක්‌

සිය ජීවිතයට හානියක්‌ වුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය දිලන්ත විතානගේ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යොමුකරමින් සඳහන් කර තිබේ.


පොලිසියට බඳවාගත් 1500කට පුහුණුව
ඉදිරි සති කීපයේදී

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 200 දෙනකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් 1500 දෙනෙක්‌ ඉදිරි සති කීපය ඇතුළතදී පුහුණුවීම් සඳහා බඳවාගැනීමට නියමිතය.


දින නියමයක්‌ නැතිව සතුන්වත්තේ අලි නැටුම් නවතී

දෙහිවල සතුන්වත්තේ අලි රැඟුම් ඊයේ (21 වැනිදා) සිට දින නියමයක්‌ නොමැතිව නවතා දැමූ බව සතුන්වත්තේ අතිරේක අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසූවාය.


  
 
 

 


 
  • සංවර්ධනයට වින කටින ආර්ථික උද්ධමනය

    කිසිම රටකට හෝ ජාතියකට ගැති නොවී තම රටවල ස්‌වාභාවික සම්පත් ශ්‍රමය හා ප්‍රාග්ධනය උපයෝගී කර ගැනීමටද තම රටවලට සුදුසු වන ආර්ථික ආධාර හා විදේශීය ණය ලබා ගැනීමටද මේ ආදී වශයෙන් ස්‌වාධීන විදේශ ප්‍රතිපත්තියක්‌ කෙරෙහි තුන්වන ලෝකයේ රටවලට ඉඩ ප්‍රස්‌ථා ලැබේ නම් එම රටවල ආර්ථික ප්‍රශ්නයන් කෙරෙහි එල්ල වී ඇති ධනවාදී තර්ජනයන්ගෙන් බැහැර විය හැකි වන්නේය.

  • ළමා අයිතීන් නිසා සිසුන්ට බය ගුරුවරු
    - හතර වන කොටස
    1995 දණ්‌ඩ නීති සංග්‍රහයේ
    සංශෝධනයෙන් සිදු වූ වින්නැහිය


    දණ්‌ඩ නීති සංග්‍රහයට 1995 දී ඇතුළත් කරන ලද 308 අ වගන්තිය කොතරම් අපැහැදිලි ලෙස ලියා තිබෙනවාද කියතොත් එයට අනුව ළමයකුට ගෙදරදී පහරක්‌ ගැසීම හෝ පාසලේදී වේවැල් පහරක්‌ දීම වුවත් ළමුන්ට කරන කෲරකමක්‌ හැටියට නිර්වචනය කළ හැක.

  

  


 
  • ෆාබ්‍රේස්‌ අද ශ්‍රී ලංකා
    ක්‍රිකට්‌ දික්‌කසාද කරයිද?


    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රය ආන්දෝලනයකට ලක්‌කරමින්, ජාතික කණ්‌ඩායමේ පුහුණුකරු ධුරයෙන් හිටි හැටියේ සමුගැනීමට සැරසී සිටින එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස්‌ ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග තීරණාත්මක සාකච්ජාවකට එක්‌විය.

  

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.