බොදු බල සේනා විධායකගෙන් ජනපතිට ලිපියක්‌

සිරිමන්ත රත්නසේකර

සිය ජීවිතයට හානියක්‌ වුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය දිලන්ත විතානගේ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යොමුකරමින් සඳහන් කර තිබේ.

එසේම සිය ජීවිතයට හානියක්‌ වුවහොත් සිය පවුලේ හා දරුවන්ගේ වගකීම ද රජය හා ජනාධිපතිවරයා භාරගත යුතු බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.

තමා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම හෝ වෙනත් කරුණක්‌ පදනම් කර ගනිමින් අත්අඩංගුවට ගැනීමට හෝ සිය ජීවිතයට හානියක්‌ කිරීමට සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවත් දිලන්ත විතානගේ මහතා එකී ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

සත්‍ය තොරතුරු වෙනුවට ඔබතුමා සතුටු වන තොරතුරු නිර්මාණය කිරීම තුළින් රටට වන හානිය පිළිබඳ කනගාටු වන බවත් හෙතෙම එම දීර්ඝ ලිපියේ සඳහන් කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.