ඉරණමඩු ජලය යාපනයට ගෙන යැමට
එරෙහිව කිලිනොච්චියේ ගොවි උපවාස


දිනසේන රතුගමගේ

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය යාපනයේ වැසියන්ට පානීය ජලය වශයෙන් රැගෙන යෑමට ආසියානු සංවර්ධන බැංකුව විසින් ගෙන ඇති තීරණයට එරෙහිව කිලිනොච්චියේ ගොවි සංවිධාන ඉකුත් 20 දා සිට උපවාසයක්‌ ආරම්භකොට තිබේ.

උපවාසකරුවන් ප්‍රකාශ කරන්නේ තමන් යාපනයේ වැසියන්ට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියට එරෙහි වන්නේ ඉරණමඩු ජලාශයේ ජලය කිලිනොච්චියේ වැසියන්ට ගොවිතැන් කිරීමටත්, යාපනයේ වැසියන්ට පානය සඳහාත් ප්‍රමාණවත් නොවන නිසා බවයි.

ගොවීන්ගේ විරෝධය මත ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීම නතර කිරීමට පියවර ගෙන ඇතත් ගොවීන්ගේ විරෝධය නොතකා පළාත් සභාව විසින් පත්කළ කමිටුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම නිසා ගොවීන්ගේ විරෝධය වැඩිවී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.