වවුනියාවේ නිවාස 14 ක්‌ සුළඟේ යයි
තුන් දෙනකුට තුවාල

දිනසේන රතුගමගේ

පසුගියදා වවුනියාවේ මහකච්චකොඩිය ගම්මානය හරහා හමාගිය සුළි කුණාටුවකින් නිවාස 14 කට අලාභ හානි සිදුවි පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා ඇත. ඒ වෙනුවෙන් තමන්ට රජයෙන් කිසිදු වන්දි මුදලක්‌ නොලැබුණැයි විපතට පත් වූ ජනතාව ප්‍රකාශ කරති.

අප්‍රේල් මස 16 වැනිදා මෙම සිද්ධිය අනපේක්‌ෂිතව සිදුවූවත් තමන්ගේ නිවාස අලුත්වැඩියා කරගැනීමටත්, තුවාලකරුවන්ට හානිය වෙනුවෙන් කිසිදු සහනයක්‌ නොලැබීම ගැන විපතට පත්වූවෝ කනගාටුව පළ කර සිsටිති.

තමන්ට සිදුවූ විපත සම්බන්ධයෙන් පළාතේ ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් වන්දි ලබා ගැනීම පිණිස අවශ්‍ය කටයුතු සිදුකොට ඇතත් වහාම ගෙවිය යුතු හානි දීමනාව හෝ තමන්ට නොලැබුණු බව මහකච්චකොඩියේ විපතට පත් ජනතාව පැවැසූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.