රාජස්‌තාන් පිළට පහසු ජයක්‌

අයි.පී.එල් තරගාවලිය යටතේ පෙරේදා පැවැති ඩෙල්ලි කණ්‌ඩායම සහ රාජස්‌තාන් අතර තරගයේදී රාජස්‌ථාන් කණ්‌ඩායම කඩුලු 7 ක පහසු ජයක්‌ ලැබීය.

මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙල්ලි පිල පන්දුවාර 20 දී කඩුලු 5 ක්‌ දැවී රැස්‌කළ ලකුණු 152 ට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රාජස්‌තාන් කණ්‌ඩායම පන්දුවාර 18.3 කදී කඩුලු 7 ක්‌ පමණක්‌ දැවි අදාළ ඉලක්‌කය සපුරාගත්තේය.

16 වැනි පන්දුවාරයේදී කඩුලු 4 ක්‌ දැවී ලකුණු 95ක්‌ පමණක්‌ ලබා සිටි ඩෙල්ලි කණ්‌ඩායමට ඉනිම අවසානයේ ජීවයක්‌ ලබාදීමට ඡේ. පී. ඩුමිනි සහ කේඩර් ජාදේව් සමත්වූ අතර ජාදෙව් හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 2ක්‌ සමග පන්දු 14 කදී ලකුණු 28 ක්‌ ලැබීය.

රාජස්‌තාන ජයග්‍රහණයේ නියමුවා වූ කරූන් නායර් පන්දු 50 කදී හතරේ පහර 8ක්‌ සහ හයේ පහර 2ක්‌ සමගින් ලකුණු 73 ක්‌ ලැබීය.

ලකුණු සටහන

ඩෙල්ලි- පන්දුවාර 20දී කඩුලු 5 ක්‌ දැවී ලකුණු 152 යි

(ක්‌වින්ටන් දි කොක්‌ 42, ඡේ. පී ඩුමිනි 39, කේඩර් ජාදේව් 28, ෙµdaල්ක්‌නර් 26/2, තම්බි 25/2)

රාජස්‌තාන් - පන්දුවාර 18.3 කදී කඩුලු 3 ක්‌ දැවී ලකුණු 156 යි

(කරූන් නායර් 73, සංජු සැම්සන් 34, ෂේන් වොට්‌සන් නොදැවී 16, මොහොමඩ් සාමි 22/1)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.