ශ්‍රී ලංකාවට පහරදුන් හොංකොං පිළ
ලෝක කුසලාන බලාපොරොත්තුවද රැගෙන යති


රග්බි ලෝක කුසලානට ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීම වෙනුවෙන් පෙරේදා (3 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගයේදී ලකුණු 41-10ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ගෝල 4ක්‌, උත්සාහක දිනුම් 2ක්‌ සහ දඬුවම් පහරක්‌ මගින් ප්‍රතිවාදීන් ලකුණු ලබාගන්නා අතරවාරයේ ශ්‍රී ලංකාවට ලකුණු ලැබිය හැකි වූයේ එක්‌ ගෝලයක්‌ සහ දඬුවම් පහරක්‌ මගින් පමණි.

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විටද නියත ජයකට මග පාදාගෙන සිටි හොංකොං කණ්‌ඩායම ලකුණු 29-0ක්‌ ලෙසින් ඉදිරියෙන් සිටියේය.

දෙවැනි අර්ධයේදී ප්‍රතිවාදීන් ලකුණු 12 ක්‌

රැස්‌කරන අතරවාරයේ ලකුණු 10ක්‌ ලැබීමට ශ්‍රී ලංකාව සමත්වුවද ප්‍රථම අර්ධයේදී සිදු වූ දෝෂ හේතුවෙන් තරගයක්‌ දීමේ අවස්‌ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහුණි.

ලෝක ශේ්‍රණිගත කිරීම අනුව 26වැනි ස්‌ථානයේ සිටින හොංකොං පරාජය කිරීමට ලෝක ශේ්‍රණිගත කිරීම්හිදී 39 වැනි ස්‌ථානයේ සිටින ශ්‍රී ලංකාවට මෙහිදී හැකිවී නම් ආසියාවේ දක්‍ෂතා අතින් තෙවැනි ස්‌ථානයේ සිටින කණ්‌ඩායම ලෙසින් ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ අවස්‌ථාව තිබුණිද මෙම පරාජයත් සමග ඒ සියලු බලාපොරොත්තු අතහැරගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ආසියානු කලාපයේ දක්‍ෂතා අතර ඉදිරියෙන්ම සිටින කණ්‌ඩායම් 3 ට මෙම ලෝක කුසලාන තරග අවස්‌ථාව හිමිවන අතර මේ වන විටත් ආසියාවේ අංක එකේ කණ්‌ඩායම ලෙසින් ජපානයත්, පසුගියදා ශ්‍රී ලංකාව ලකුණු 59-3ක්‌ ලෙසින් පරාජය කළ දකුණු කොරියාව දෙවැනි කණ්‌ඩායම ලෙසිනුත් ලෝක කුසලාන සුදුසුකම් සපුරා තිබේ. මේ වන විට ප්‍රතිඵල අනුව තුන්වැනි කණ්‌ඩායමට හිමි අවස්‌ථාව ලැබීමට වැඩි ඉඩකඩක්‌ හොංකොං සතුව ඇත.

පෙරේදා පැවැති අදාළ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවසරය ලබා සිටින µSජියානු ක්‍රීඩකයන් කිහිපදෙනකුගෙන් සවිමත් වීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා සිටියද අවසන් මොහොතේ එම සහභාගීත්වයේ අපේක්‍ෂාව අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ජපානය සමගින් යෙදී ඇති අතර අවසන් තරගය 17 වැනිදා කොළඹදී පිලිපීනය සමගින් යෙදී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.