2014 මැයි 08 බ්‍රහස්‌පතින්දා

 

    
   Divaina Editor
    contact webmaster
   

'මුළු පොලිසියෙන්ම පළිගන්න කළ වැඩක්‌'
"තොපිත් අහිංසක මිනිසුන්ට එල්ලලා ගහනවා නේද?"
කියා අසමින් ඔවුන් පහර දුන් බව
දිවි ගලවා ගත් නිලධාරියා කියයි

කුරුණෑගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ කෲර වදහිංසා පමුණුවා එක්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුව කෙරෙහි දැඩි වෛරයකින් පසුවූ සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔබාමාගේ දියණියන්
පසුපස පැන්නූ බිල්ලා අල්ලයි

ධවල මන්දිරයට ඇතුල්වීම තහනම් කරයි

ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාගේ දියණියන් දෙදෙනා ගමන්කළ මෝටර් රිය පසුපස පන්නාගෙන පැමිණි බව කියන මෝටර් රථයක රියදුරු රහස්‌ සේවා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනපතිගේ 'කෝල්' එකෙන් රාජපක්‍ෂ නම කැපේ
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් 'මහින්ද රාජපක්‍ෂ' ක්‍රීඩාංගණය නමින් අද (08 දා) විවෘත කිරීමට නියමිතව තිබෙන නවීකරණය කරන ලද අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය අනුරාධපුර රජරට ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයා පෙරේදා (6 දා) අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහතාට උපදෙස්‌ දුන්නේය.

අධික වැසි නැතත් තවදුරටත් වැසි
පසුගිය දිනවල පැවැති අධික වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවන නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස්‌ කාලයේදී ගිගුරුම් සහිත වැසි ඉදිරි දින කිහිපයේදී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා "දිවයින"ට පැවැසීය.

ආණ්‌ඩුවට එරෙහි එජාප විශ්වාස භංගය විවාදයට ගැනීම 20 සහ 21 වැනිදා
ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්‌ථානය බවට පත්කිරීම මගින් රට ලෝකයේ හමුවේ අපකීර්තියට ලක්‌කළේ යෑයි පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ආණ්‌ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙම මස 20 වැනිදා සහ 21 වැනිදා යන දෙදිනේ පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට තීරණය කර ඇත.

'දිවයින'  සැනෙකින් පුවත්

අන්තරේ අරලියගහ මන්දිරය ඉදිරිපිටට පෙළපාලියකින් එයි
සම සෞඛ්‍ය උපාධිය වසර තුනක්‌ දක්‌වා සීමා කිරීම හා සරසවි ශිෂ්‍ය නේවාසිකාගාර ගැටලුවලට විසඳුම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක්‌ මුල්කරගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය සංවිධානය කළ පෙළපාලියක්‌ ඊයේ (7 වැනිදා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ සිට අරලියගහ මන්දිරය ඉදිරිපිට තෙක්‌ ගමන් කළ අතර එහිදී ඔවුන් විරෝධතාවයේ නිරතවූ අයුරු.ඡායාරූපය - කමල් බෝගොඩ

අලුත්ගම දුම්රිය ස්‌ථානයේදී
එකම පීල්ලේ ගිය තවත් කෝච්චි දෙකක්‌ ගැටෙයි
වේගය අඩු කළ යුතු සංඥ සලකා නැහැ!
තෙල් ටැංකි දුම්රියක්‌ අලුත්ගම දුම්රිය ස්‌ථානයේ දෙවැනි වේදිකාවේ නවතා තිබූ බලවේග දුම්රියක පසුපස ගැටීමෙන් එම බලවේග දුම්රියෙන් මැදිරි දෙකක්‌ පීලි පැන ඇති අතර මේ හේතුවෙන් ඊයේ (7 දා) මාතර සිට කොළඹ බලා පැමිණෙන කාර්යාල දුම්රියවල තරමක ප්‍රමාදයක්‌ ඇතිවිණි.

පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනය අත්හිටුවයි
සේවා ඉල්ලීම් දෙකක්‌ මුල් කරගෙන රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් පෙරේදා (06දා) සිට පළාත් තුනක රෝහල්වල ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය ඊයේ (07දා) උදැසන 08 ට අත්හිටුවූ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

ලෝක රතුකුරුස
දිනය අද
ලොව පුරා රටවල් 189 ක ජාතික රතු කුරුස සමාජ, රතු අඩසඳ සමාජයන්, අන්තර් ජාතික රතු කුරුස කමිටුව හා අන්තර් ජාතික රතු අඩසඳ සමාජ සම්මේලනය, ලෝක රතුකුරුස හා රතු අඩසඳ දිනය ලෙස සෑම වසරකම මැයි 08 දා සමරයි.

  • උත්තර දෙන්න ඇමැතිවරුන් නැත්නම්
    මාත් මුලසුනෙන් බැස යනවා

    කථානායක කියයි
    මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට නොඑන්නේ නම් තමාටද මුලසුනෙන් බැස යැමට සිදුවන බව කථානායක චමල් රාජපක්‌ෂ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී පී. හැරිසන් මහතා අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීම...
     
  • රාඡ්ට එරෙහි නඩු විභාගයට
    ඇමරිකානු අධිකරණයෙන් අවසර

    කොටි බෝම්බ ප්‍රහාරවලින් ඝාතනය වූ ශ්‍රී ලාංකිකයන්ගේ ඥතීන් තිස්‌එක්‌දෙනකු විසින් ඇමරිකානු ව්‍යාපාරික රාඡ් රාජරත්නම්ගෙන් රුපියල් කෝටි 55 ක වන්දියක්‌ ඉල්ලා පවරා තිබූ නඩුව විභාග කිරීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අවසරදී ඇත.වැලිවේරියේදී කොටි බෝම්බයකට ගොදුරුවූ මැරතන් කරුගේ බිරිය හා නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ පිපිරීමෙන්...
 
  • ගොවියාට රජකම දෙන්නේ මෙහෙමද?
    අම්පාරේ ගොවීහු වතුර නැතිව උද්ඝෝෂණයක

    අම්පාර දිස්‌ත්‍රික්‌කයේ උහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගලපිටගල, සින්නවත්ත, ගෝනගල, කොත්මලේ යන ජනපදවල ගොවීන්ට 2014 යල කන්නයේ කුඹුරු වගා කටයුතු කිරීමට ජලය නොදීම හේතුවෙන් එයට විරෝධය දක්‌වමින් සියලු ජනපදවාසීහු ගොනාගොල්ල නගරයේ දී උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ.මෙම පිරිස ගලපිටගල ගමට එකතුවී විහාරාධිපති...

 

  • චෙන්නායි දුම්රියේ බෝම්බ
    පිපිරීම ජයලලිතා වසන් කිරීම

    තමිල්නාඩුවේ චෙන්නායි දුම්රිය ස්‌ථානයේ නතර කර තිබූ බැංගලෝර් - ගුහාවති සීග්‍රගාමී දුම්රියේ සිදු වූ ද්විත්ව බෝම්බ පිපිරීම සම්බන්ධව නවදිල්ලි විමර්ශන කාර්යාංශයේ සහය තමිල්නාඩු රජය ප්‍රතික්‍ෂේප කළේ මන්ද යන්න ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත.මෙම පිපිරීමෙන් එක්‌ කාන්තාවක්‌ මියගියාය. මේ නිසා නවදිල්ලි ත්‍රස්‌ත කාර්යාංශය එකී පිපිරීම සම්බන්ධව...

  

  • වුෂු පුහුණුකරුවන්ට සුදුසු තැන
    දිනාගැනීමට අවස්‌ථාවක්‌

    ජාත්‍යන්තරය ඉදිරියේ හැකියාව ඔප්පු කර
    ශ්‍රේණිගත වෙන්න.
    - වූෂු සම්මේලනය
    ශ්‍රී ලංකා වූෂු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙරට පුහුණුකරුවන් (ජාතික මට්‌ටමින්) ශ්‍රේණිගත කිරීම සඳහා ශ්‍රී ලංකා වූෂු සම්මේලනය කටයුතු යොදා ඇත.අන්තර්ජාතික වූෂු සම්මේලනය සහ චීනයේ බීජිං ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ සහයෙන් සිදුකෙරෙන මෙම ශ්‍රේණිගත කිරීම මෙරට වූෂු ක්‍රීඩාවේ අවුල් සහගත තැන් ගණනාවක්‌ නිරාකරණය කිරීමට හේතුවනු ඇතැයි වූෂු...

  

Kapruka Shopping |  News




 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.