උත්තර දෙන්න ඇමැතිවරුන් නැත්නම්
මාත් මුලසුනෙන් බැස යනවා
කථානායක කියයි

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට නොඑන්නේ නම් තමාටද මුලසුනෙන් බැස යැමට සිදුවන බව කථානායක චමල් රාජපක්‌ෂ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී පී. හැරිසන් මහතා අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා ඇමැතිවරයා සභාවේ නොසිටි නිසා කථානායකවරයා එසේ පැවැසුවේය.

අදාළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ආණ්‌ඩුපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් විය.

ඉන්පසු දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මියද විදුලි සංදේශ හා තොරතුරු තාක්‌ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට එම ඇමැතිවරයාද සභාවේ සිටියේ නැත.

"ඔබ තුමාටම තමයි මේකටත් උත්තර දෙන්න වෙන්නේ...." යෑයි කථානායකවරයා දිනේෂ් ගුණවර්ධන මහතා දෙස බලා කීවේය.

මේ අවස්‌ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා නැගී සිට "ජෝනුත් අමාරුවේ මමත් අමාරුවේ" යෑයි ප්‍රකාශ කළේ විපක්‌ෂයේ මන්ත්‍රීන් සභාගැබෙහි නොසිsටින අවස්‌ථාවන්හිදී ප්‍රශ්න අසන්නට සිදුවන්නේ විපක්‌ෂයේ සංවිධායක ජෝන් අමරතුංග මහතාට වන බැවිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.