අධික වැසි නැතත් තවදුරටත් වැසි

තුෂාරී කළුබෝවිල

පසුගිය දිනවල පැවැති අධික වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවන නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස්‌ කාලයේදී ගිගුරුම් සහිත වැසි ඉදිරි දින කිහිපයේදී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා "දිවයින"ට පැවැසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් එළිමහන් ස්‌ථානවල ගැවසීම, විද්‍යුත් හා ලෝහ ද්‍රව්‍ය භාවිතය දැඩි අවදානම් බව ඒ මහතා කීවේය.

දිවයින ආශ්‍රිතව පැවැති අඩු පීඩන තත්ත්වය ඊයේ (07 වැනිදා) වන විට දිවයිනෙන් ඉවතට ඇදී ගිය බවද හෙතෙම පැවැසීය.

එසේ වූවත් එහි බලපෑම් තවදුරටත් බටහිර හා වයඹ මුහුදු ප්‍රදේශවලට විටින් විට බලපාන බැවින් ධීවර කටයුතු වලදී විමසිලිමත් වන ලෙසද ඒ මහතා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.