වුෂු පුහුණුකරුවන්ට සුදුසු තැන
දිනාගැනීමට අවස්‌ථාවක්‌
ජාත්‍යන්තරය ඉදිරියේ හැකියාව ඔප්පු කර ශේ්‍රණිගත වෙන්න.
- වූෂු සම්මේලනය

මහාචාර්ය වෙන් ලෝක ශූරතා වුෂු අවසන් සටනක තීරණය ලබාදෙමින්

ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා වූෂු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙරට පුහුණුකරුවන් (ජාතික මට්‌ටමින්) ශ්‍රේණිගත කිරීම සඳහා ශ්‍රී ලංකා වූෂු සම්මේලනය කටයුතු යොදා ඇත.

අන්තර්ජාතික වූෂු සම්මේලනය සහ චීනයේ බීජිං ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ සහයෙන් සිදුකෙරෙන මෙම ශ්‍රේණිගත කිරීම මෙරට වූෂු ක්‍රීඩාවේ අවුල් සහගත තැන් ගණනාවක්‌ නිරාකරණය කිරීමට හේතුවනු ඇතැයි වූෂු සම්මේලනය බලාපොරොත්තු වේ.

වූෂු, නැතහොත් කුංග්µq නමින් මෙරට ජාතික, ප්‍රාදේශීය සහ පාසල් මට්‌ටමේ උපදේශකවරුන් රැසක්‌ සිටියද මේ අතුරින් බහුතරය වූෂු පිළිබඳ විධිමත් පුහුණුවක්‌ නොලැබූ අය බවත් එවන් අය විසින් ක්‍රීඩාවට දැඩි හානියක්‌ කරන බවත් පවසන වූෂු සම්මේලෙනය මෙම ශේ්‍රණිගත කිරීම මගින් මේ තත්ත්වයට පිළියම් යෙදිය හැකි බව පවසයි.

ලබන ජුනි මස 24 සිට 28 වැනිදා දක්‌වා ටොරින්ටන් ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලාවක්‌ අවසානයේ මෙම ශ්‍රේණිගත කිරීම සිදුකිරීමට නියමිත අතර සමස්‌ථ පාඨමාලාව සහ ශේ්‍රණිගතකිරීමේ කටයුත්ත සිදුකරනුයේ බෙයිජිං විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරු දෙපලක්‌ විසිනි.

මෙහිදී තාඔලූ (නර්ථන) අංශයේ පාඨමාලාව, චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ 'තාඔලූ පර්යේෂණ සහ ඉගැන්වීම්' අංශයේ අධ්‍යක්‍ෂ, ඇමරිකාව, ජපානය, ස්‌පාඤ්ඤය, ඉතාලිය යන රටවල වූෂු පුහුණුකාරිණියක ලෙසින් කටයුතු කළ සහ චීනයේ වූෂු වෙනුවෙන් ප§රිනමන උසස්‌ම සම්මානය වන 'වූ යිං' සම්මානයෙන් පුදලද මහාචාර්ය ලී යෑංජුං මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

එම විශ්වවිද්‍යාලයේ සන්දා (ද්වන්ධ සටන්) අංශයේ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු, චීන ජාතික සන්දා ශූරතාව දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකු සහ ලෝක වූෂු ශූරතාවයේදී රන් පදක්‌කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු බිහිකර සිටින, ඇමරිකාව, ඉතාලිය, ස්‌පාඤ්ඤය, පේරු, ඉන්දුනීසියාව, සෙනගල්, මැඩගස්‌කරය, දකුණු කොරියාව, වියට්‌නාමය හා රුසියාව යන රටවල පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කර ඇති මහාචාර්ය වෙන් චාවෝ විසින් මෙහිදී සන්දා අංශයේ පාඨමාලාව පැවැත්වීමට නියමිතය.

මෙයට අමතරව මෙම දෙපළ විසින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් එක්‌දින පාඨමාලාවක්‌ද පැවැත්වීමට යෙදී තිබේ.

මෙරට වූෂු ව්‍යවස්‌ථාවට අනුව පුහුණුකරුවන් දේශීය වශයෙන් ශේ්‍රණිගත වීමක්‌ අවශ්‍ය නමුත් එය මේ තාක්‌ නිසි පරිදි ක්‍රියාවට නැංවී නොතිබුණි.

ජාත්‍යන්තර වශයෙන් වන වුෂු පුහුණුකරුවන් ශේ්‍රණිගතකිරීම සඳහා මින් අනතුරුව යොමුකිරීම් සිදුකරන්නේ ජාතික මට්‌ටමේ ශේ්‍රණිගතවීම් අනුව බව වුෂු සම්මේලනයේ නිලධාරියෙක්‌ 'දිවයින'ට පැවසීය.

මෙරට වුෂු පුහුණුකරුවන්ගේ සෑබෑ සුදුසුකම් සම්බන්ධයෙන් පුහුණුකරුවන් එකිනෙකා විවේචනය කරගන්නා තත්ත්වයක්‌ පසුගිය කාලය පුරාම දක්‌නට ලැබුණු අතර මෙලෙස සුදුසුකම් සපුරන ලද මඩුල්ලක්‌ ඉදිරියේ ශේ්‍රණිගතවීම මගින් නිරවුල් සහතිකයක්‌ හිමිකරගැනීමේ අවස්‌ථාව වුෂු පුහුණුකරුවන්ට ලැබෙන බව එම සම්මේලනයේ විශ්වාසය වී තිබේ.

මේ සඳහා අයෑදුම්පත් භාරගන්නා අවසන් දිනය මැයි 30 වැනිදා වන අතර වැඩි විස්‌තර දුරකථන අංක 0715351910 ඔස්‌සේ ලබාගත හැක. මහ ලේකම්, ශ්‍රී ලංකා වුෂු සම්මේලනය, 63 ඒ, එපිටමුල්ල පාර, පිටකෝට්‌ටේ, කෝට්‌ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් අයෑදුම්පත් යොමුකළ යුතු බව වුෂු සම්මේලනය දන්වා සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.