අලුත්ගමට බේරුවලට පොලිස්‌ ඇඳිරි නීතිය
දර්ගා නගරයේ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්

අලුත්ගමට බේරුවලට පොලිස්‌ ඇඳිරි නීතිය

උසිගැන්වීම්වලට අහුවෙන්න එපාථ සාමකාමීව කටයුතු කරන්න
 - යුද හමුදාපති ඉල්ලයි


ආරක්‍ෂාව තරකර තිබූ අයුරු...
ඡායාරූපය -බෙන්තොට දර්ශන කරුණාරත්න


පසුව පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණු අතර එසේ තිබියදී ඊයේ (15 වැනිදා) අලුත්ගම නගරයේ රැස්‌වීමක්‌ පැවැත්වීමට පැමිණෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රධාන පිරිසක්‌ ගමන් ගත් රථයකට දර්ගා නගරයේදී ගල් ප්‍රහාරයක්‌ එල්ල වීමෙන් පසු මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබේ.

ගැටුම හටගැනීමත් සමග ප්‍රකෝපකාරී වූ පිරිස්‌ බේරුවල හා දර්ගා නගරයේ වූ කඩ සාප්පුවලට පහර දීමෙන් ප්‍රදේශය යුද පිටියක්‌ බවට පත්වී තිබුණු අතර එහිදී කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරමින් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි වෙහෙසක්‌ ගනු ලැබීය.

ගැටුම් ඇතිවීමත් සමග අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලට අවට පොලිස්‌ ස්‌ථාන එකොළහක නිලධාරීන් හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මෙන්ම යුද හමුදාවද කැඳවීමට කටයුතු කෙරුණු බව කළුතර කොට්‌ඨාසයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මුලින්ම බේරුවල හා දර්ගා නගරය යන ප්‍රදේශවලින් ආරම්භ වූ මෙම ගැටුම ඊයේ (15 වැනිදා) රාත්‍රි 7.00 පමණ වන විට අලුත්ගම නගරය දක්‌වාම පැතිර තිබිණි.

මෙහිදී පහරදීම්වලින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රකෝපකාරී පිරිස්‌ සිදුකළ පහරදීම්වලින් දර්ගා නගරය, අලුත්ගම හා බේරුවල ප්‍රදේශයේ කඩ සාප්පු රැසකට හානි සිදුව තිබූ බව ඊයේ (15 වැනිදා) රාත්‍රි වන විට වාර්තා විය.

මෙම ප්‍රදේශවල ඇතිවී තිබූ තත්ත්වය පාලනය කිරීමට ඊයේ (15 වැනිදා) රාත්‍රි වන විට පොලිසිය හා ආරක්‍ෂක හමුදා දැඩි වෙහෙසක්‌ ගනිමින් සිටි අතර ප්‍රකෝපකාරී කණ්‌ඩායම් ඇඳිරි නීතියද නොතකමින් තැන් තැන්වල රැඳී සිටි බව ප්‍රදේශවාසීහු පිරිසක්‌ "දිවයින"ට පැවසූහ.

ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊයේ (15 වැනිදා) සවස සිට ගාලු කොළඹ මාර්ගයේ මගී බස්‌ රථ ඇතුළු වාහන ධාවනයටද බාධා එල්ල වූ අතර රියෑදුරන් විකල්ප මාර්ග භාවිත කරනුද දක්‌නට ලැබිණි.

මේ අතර අලුත්ගම හා බේරුවල ඇතුළු ප්‍රදේශවල ඊයේ (15 දා) ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවකුගේත්a උසිගැන්වීම්වලට හා කටකතාවලට හසු නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ඉල්ලීමක්‌ කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩාකප්පල්කාරී පිරිස්‌ විවිධ ප්‍රචාර ගෙන යන නිසා ඒවාට නොරැවටී සාමකාමී ලෙස කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.