මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල නාහිමියන්ගේ චරිතයට සමාන කරන්න සුවිශේෂ භික්‍ෂු චරිතයක්‌ නෑ- මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ වල්පොල නාහිමියන්ගේ අනුස්‌මරණ උළෙලේදී කියයි

රාහුල හාමුදුරුවෝ කුල වශයෙන් පීඩනයට පත් ජන කොටස්‌ නගාසිටුවීමට කටයුතු කළා
- කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ මහාචාර්ය අසංග තිලකරත්න

චමින්ද සිල්වා

මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල හිමියන්ගේ චරිතයට සමාන කරන්න සුවිශේෂී භික්‍ෂු චරිතයක්‌ නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල ස්‌වාමිපාදයාණන් වහන්සේගෙන් ඉටු වූ අධ්‍යාපනික හා ධර්ම ශාස්‌ත්‍රීය සේවය අගය කිරීම සඳහා පෙරේදා (03 වැනිදා) බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අනුස්‌මරණ දේශනයට සහභාගි වෙමිනි.

කෝට්‌ටේ පාර්ශ්වයේ වැඩබලන මහා නායක අග්ගමහා පණ්‌ඩිත ඉත්තෑපානේ ධම්මාලංකාර, කෝට්‌ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ඇතුළු මහා සංඝරත්නය, ඇලෝසීස්‌ පීරිස්‌ පියතුමන්, හිටපු ජනාධිපතිනි චJද්‍රිකා කුමාරතුංග මහත්මිය, විද්වතුන්, උගතුන්, පාසල් සිසුන් ඇතුළු ආරාධිතයන් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

කිසිදු දේශපාලනඥයකු සඳහා හෝ විශේෂ ආරාධනයක්‌ නොමැතිව මෙම උත්සවය සංවිධානය කළ බව සංවිධායක මණ්‌ඩලය පිරිස දැනුවත් කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ මෙසේද පැවසූහ.

මහාචාර්ය රාහුල හිමියන් අපවත් වී මේ වන විට අවුරුදු 17 ක්‌ සම්පූර්ණ වෙනවා. රාහුල හාමුදුරුවන්ගේ චරිතය සුවිශේෂී චරිතයක්‌. මම හිතන්නේ උන්වහන්සේගේ චරිතයට මේ රටේ භික්‍ෂුවක්‌ සමාන කරන්න බැහැ. මොකද උන්වහන්සේ තනියම හැදුණු හාමුදුරුනමක්‌. අපිට නම් ගුරුවරු හිටියා. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ තමයි මම ඇතුළු බොහෝ හාමුදුරුවන් වහන්සේලා හැදී වැඩුණේ.

රාහුල හාමුදුරුවන් විශේෂයි කිව්වේ පාසලෙන් පැනල ගිහින් උන්වහන්සේ තනියමයි හැදී වැඩුනේ. උන්වහන්සේ කළ වැඩ එක්‌ යුගයකට සීමා කරන්න බැහැ. උන්වහන්සේ කළ කාර්ය ලංකාවේ පමණක්‌ නොවෙයි ලෝකය පුරාම මතුවෙනවා. එංගලන්තයේදී මාව කුඩා කල දැක්‌ක ගමන් මට කිව්වේ බෙල්ලන්විල ළමයා කියලයි. එදා ඉඳල අපවත් වන තුරු මට උන්වහන්සේ කිව්වේ බෙල්ලන්විල ළමයා කියලයි. උන්වහන්සේගෙන් මනා අවබෝධයක්‌ ඇතිකර ගත් බව විදේශ රටවලින් මා හමුවෙන්න ආ කිහිපදෙනෙක්‌ම පවසා තිබෙනවා.

රාහුල හාමුදුරුවෝ අනෙක්‌ ආගම්වල අයට ගැරහෙව්වේ නැහැ. තාඩන පීඩන කළේ නැහැ. ගරු කළා. ඒකත් උන්වහන්සේගේ සුවිශේෂී ගුණයක්‌ ලෙස මම දැක්‌කා. රාහුල හාමුදුරුවෝ ශිෂ්‍යයෝ හැදුවේ නැහැ. පන්සල් හැදුවේ නැහැ. රාහුල හාමුදුරුවෝ මොකවත් හම්බ කළේත් නැහැ. ඒ නිසා කවුරු හරි හිතනවා නම් රාහුල හාමුදුරුවෝ හම්බ කරපු දෙයක්‌ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට ඉතුරු කරලා ඇති කියලා එහෙම දෙයක්‌ නැහැ කියලා මම දන්නවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ මහාචාර්ය අසංග තිලකරත්න මහතා

මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල හිමියෝ ඉපදුණේ 1907 මැයි 07 වැනි දින ගාල්ලේ වල්පොල ගමේදීයි. උන්වහන්සේ පැවිදි වුණේ වයස 13 දීයි. පැවිදි ජීවිතයට අවශ්‍ය මූලික පුහුණුව එවක දකුණු ශ්‍රී ලංකාවේ සිටි ඉතාම ඉහළ පෙළේ උගතතු හා දැඩි ප්‍රතිපත්තිගරුක භික්‍ෂුවක වූ පරගොඩ සුමනසාර හිsමියන් යටතේයි. භික්‍ෂුවක ලෙස ලැබිය යුතු සම්පුර්ණ පුහුණුව, එනම් භාෂා ශාස්‌ත්‍ර ඉගෙනීමත්, පිණ්‌ඩපාතයෙන් යෑපෙමින් භාවනායෝගී ජීවිතයක්‌ ගත කිරීමත් ලැබුයේ මෙම පරගොඩ සුමනසාර හිමියන් යටතේයි. විශ්වවිද්‍යාලයට ඇතුළ වන තුරු උන්වහන්සේ පෙර කී ගුරුවරයා යටතේ හැර කිසිම පිරිවෙනකට හෝ වෙනත් අධ්‍යාපන ආයතනයකට ඇතුළු වී අධ්‍යාපනයක්‌ ලබා නැහැ.

1927 දී (වයස 20 දී) කොළඹ ධර්මදූත සභාවට සම්බන්ධ වූ රාහුල හාමුදුරුවෝ කුල වශයෙන් පීඩනයට පත් ජන කොටස්‌ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ධර්මදූත සේවාවේ නියෑලුන අතරම එබඳු ජන කොටස්‌ නගා සිටුවීමෙහිද නියෑලුණි. තම වැඩසටහන් සඳහා සහභාගි වන ජනයා සමඟÊසාමූහිකව ආහාර වේල, දෙක නොගෙන එම ආහාර සඳහා වෙන් වූ මුදල් මෙබඳු පීඩිත ජන කොටස්‌වල සුබ සාධනය සඳහා යොදවා තිබෙනවා.

රාහුල හිමියන්ගේ මෙම නව ප්‍රවේශය නිසා ගිහි පැවිදි දෙපිරිස අතර රාහුල හිමියන්ට ගරු කරන පිරිසක්‌ මෙන්ම සතුරු පිරිසක්‌ ද බිහිවුණා. භික්‍ෂුන් අතර පවත්නා කුල භේදය ආදිය රාහුල හිමියන් අතින් විවේචනයට ලක්‌ වීම නිසා ඇතැම් භික්‍ෂුන්ගේ ද විරෝධයට ලක්‌වන්නට රාහුල හිමියන්ට සිදුවුණා.

රාහුල හිමියන්ගේ ජීවිතයේ මීළඟ වැදගත් අවධිය වන්නේ පෞද්ගලිකව ගුරුවරුන් හමුවී කරන ලද අධ්‍යයනයන්හි ප්‍රතිඵලයක්‌ ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළු වී 1941 දී පංති සාමාර්ථයක්‌ ද සහිතව ගෞරව උපාධිය සම්පූර්ණ කිරීමයි. රාහුල හිමියෝ විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව අධ්‍යාපනය ලද පළමු ලාංකේය භික්‍ෂුන් වහන්සේයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස සිටින කාලයේදීත් පීඩිත ජනයා වෙනුවෙන් සේවය කිරීම අත් නොහළ උන්වහන්සේ 1936 දී මැලේරියාවෙන් පීඩාවට පත් වූ ජනයා වෙනුවෙන් කරන ලද සේවය එවක විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වූ ආචාර්ය ඊ. එµa. සී. ලුඩවයික්‌ මහතා ඊමාdයසිඑ Sඑමාසැs සබ Hදබදමර දෙ උaකචදක්‌ Raයමක්‌ නම් කෘතියේ එන තම ලිපියෙහි දීර්ඝ ලෙස විස්‌තර කර තිබෙනවා.

ප්‍රථම උපාධියෙන් පසු තවදුරටත් පර්යේෂණ කටයුතුවල නියෑලුන උන්වහන්සේ 1950 දී ලක්‌දිව බුදුසමයේ ඉතිහාසය මැයෙන් ලියන ලද පර්යේෂණ නිබන්ධනයට ලංකා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබුණා.

නවසිය හතළිහ දශකයේ එවක විද්‍යාලංකාර පිරිවෙනේ සිටි යක්‌කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාත්තන්ඩියේ පCඳ්C¹කර, කොටහේනේ පCඳ්Cඳාකිත්ති, කළල්ඇල්ලේ ආනන්ද සාගර වැනි භික්‍ෂුන් වහන්සේලා සමඟ රාහුල හිමියෝ, නිදහස ලැබීමට ආසන්න ලංකාවේ ඉදිරි ගමන් මාර්ගය සැකසීමේදී පොදු ජනයාගේ යහපත උදෙසා භික්‍ෂුන් වහන්සේලා මැදිහත් විය යුතුය යන ස්‌ථාවරයේ සිට මහජනයා දැනුවත් කිරීමට සක්‍රීයව දායක වුණා. රාහුල හිමියෝ zභික්‍ෂුවගේ උරුමයZ කෘතිය ලියන ලද්දේ මෙකී කාර්යයට මැදිහත් වීමට භික්‍ෂුවට ඇති අයිතිය පහදා දීමටයි.

වසර තුනක්‌ තිස්‌සේ සාකච්ඡාවට ගැනීම වළක්‌වා තිබූ නිදහස්‌ අධ්‍යාපන පනත සාකච්ඡා කරන තත්ත්වයක්‌ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ නිර්මාණය කරනු ලබන්නේ රාහුල හිමි ප්‍රමුඛ පෙර කී විද්‍යාලංකාර භික්‍ෂුන් වහන්සේලා ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක්‌ ලෙසයි. එහෙයින් නිදහස්‌ අධ්‍යාපන අවස්‌ථාව පොදු ජනයාට ලැබීම සම්බන්ධයෙන් විශාල ගෞරවයක්‌ වල්පොළ ශ්‍රී රාහුල හිමියන්ට ද එවක වැඩ සිටි විද්‍යාලංකාර භික්‍ෂුන් වහන්සේලාට ද හිමිවිය යුතුයි.

1950 ප්‍රංශ රාජ්‍යයෙන් ලැබුණු අධි ශිෂ්‍යත්වයක්‌ මත පැරිසියේ සෝ(ර්)බෝන් සරසවියට ඇතුළු වන රාහුල හිමියෝ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයකු ලෙස පෝල් දමියවිල් මහාචාර්යවරයා යටතේ පර්යේෂණ පවත්වමින් හතරවැනි සියවසේදී අසංග නම් මහායාන බෞද්ධ පඬිවරයා විසින් ලියන ලද අභිධර්ම සමුච්චය නම් කෘතිය විස්‌තර සටහන් සහිතව ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරනු ලැබීම උන්වහන්සේ අතින් සිදු වූ ගැඹුරුතම ශාස්‌ත්‍රීය සේවයකි. රාහුල හිමියන් විසින් ඉතා ප්‍රකට බෞද්ධ කෘතියක්‌ වූ උය්එ එයෑ ඊමාdය් ඕමටයඑ (බුදුන් වදාළ ධර්මය) ලියනු ලබන්නේ ද මෙම කාලයේදීයි. මෙම කාලය තුළ බෞද්ධ තානාපතිවරයකු මෙන් කටයුතු කරමින් බටහිර ලෝකය පුරා බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා විශාල සේවයක්‌ උන්වහන්සේ අතින් සිදුවුණා. බෞද්ධ උගතකු ලෙස රාහුල හිමියන්ට තිබූ කීර්තිය හේතුවෙන්ම ඇමරිකාවේ කිතුනු විශ්වවිද්‍යාලයක්‌ වන නෝ(ර්)ත් වෙස්‌ට(ර්)න් විශ්වවිද්‍යාලය එහි ආගමික ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ධුරයට උන්වහන්සේට 1964 දී ආරාධනා කරනු ලැබුවා. එම තනතුර භාරගත් උන්වහන්සේ එතැන් සිට එකී විශ්වවිද්‍යාලයේ සේවය කරමින් පොදුවේ මුළු ඇමරිකාවේම විශ්වවිද්‍යාල තුළ එතෙක්‌ පැවැති අසංවිධානාත්මක බෞද්ධ හැදැරීම් විධිමත් තත්ත්වයකට පත් කිරීමට ද කටයුතු කළා.

විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයේ (වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) උපකුලපති තනතුරේ වැඩ බාර ගැනීම සඳහා 1966 දී ලක්‌ රජයෙන් කරන ලද ආරාධනය පිළිගනිමින් නැවත ලංකාවට වැඩම කළ රාහුල හිමියෝ, එතැන් සිට විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් අධ්‍යාපන ආයතනයක්‌ බවට පත් කිරීමට කටයුතු කළා. ආචාර්යවරුන් විදේශ රටවලට යවා පුහුණු කරවීමට ද විදේශ විශ්වවිද්‍යාලවල කීර්තිමත් ආචාර්යවරුන් විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය වෙත ගෙන්වා ගෙන ඔවුන්ගේ සේවය සිසුන්ට ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළා. මේ අතර එවක සිටි අධ්‍යාපන ඇමැතිවරයා විසින් විශ්වවිද්‍යාල ස්‌වාධීනත්වයට හානිවන පරිදි කරන ලද මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් මෙම තනතුරෙන් ඉල්ලා අස්‌ වූ රාහුල හිමියෝ 1969 දී නැවත ප්‍රංශය බලා පිටත්ව ගියා. එතැන් සිට ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්ය ධුර හෙබ වූ උන්වහන්සේ එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කළා.

එක්‌දහස්‌ නවසිය අසූවේ මුල් භාගයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි රාහුල හිමියෝ භික්‍ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළා. ඊට අමතරව බෞද්ධ අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා කෝට්‌ටේ දියවන්නා ඔය අසල බෞද්ධ අධ්‍යයන හා පර්යේෂණ ආයතනය (දැන් හඳුන්වන පරිදි වල්පොල ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනය) පිහිට වූ උන්වහන්සේ 1997 සැප්තැම්බර් 18 වන දින අවුරුදු 90 ක්‌ ආයු වළ¹ අපවත් වුණා.

උන්වහන්සේගේ අවසන් කැමැති පත්‍රයට අනුව පැය විසිහතරකට අඩු කාලයකදී ආගමික වතාවත් හැර වෙනත් කිසිදු ගිහි කතා හෝ උත්සව ආදියකින් තොරව බොරැල්ල ආදාහනාගාරයේදී උන්වහන්සේගේ ආදාහනය සිදුÊකරන්නට කටයුතු කර තිබුණා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.