බොදු බලයෙන් ප්‍රශ්න මතුවෙයි

අජිත් අලහකෝන්

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය නිසා ආණ්‌ඩුව අභ්‍යන්තරයේ අර්බුද නිර්මාණය වී මේ වන විට මැති ඇමැතිවරු පිල් දෙකකට බෙදී ඇත.

ආණ්‌ඩුවේ පිරිසක්‌ බොදුබල සේනා සංවිධානය රැක ගැනීමට උත්සාහ කරද්දී තවත් පිරිසක්‌ ඊට එරෙහිව කතා කරති.

මේ තත්ත්වය සමථයකට පත්කර ගැනීම සඳහා ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්‌ පසුගිය දින කීපය තුළ මැති ඇමැතිවරු කණ්‌ඩායම් දෙක හමුවී දැඩි උත්සාහයක නිරත වූහ.

මැතිවරණයක්‌ පැවැත්වෙන මේ අවස්‌ථාවේ මෙලෙස පිල්බෙදී කටයුතු නොකළ යුතු බව එම ජ්‍යෙෂ්ඨයන්ගේ ස්‌ථාවරය වී ඇත. රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ යන ඇමැතිවරුන්ට මෙන්ම අගමැතිවරයාටද බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ දොaෂාරෝපණ එල්ල කළහ. තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළැයි පවසමින් ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට ඥනසාර හිමියන්ගෙන් රුපියල් කෝටි 500 ක වන්දි ඉල්ලා එන්තර වාසියක්‌ද යවා ඇත.

එමෙන්ම පසුගිය දා රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ජනක බණ්‌ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු ඇමැතිවරු පිරිසක්‌ මහානායක හිමිවරුන් බැහැ දැකීමට ගොස්‌ බොදු බල සේනා සංවිධානයේ ක්‍රියා කලාපයට එරෙහිව උන්වහන්සේලා හමුවේ කරුණු දක්‌වා ඇත.

මහානායක හිමිවරුන් හමුවට පැමිණීමට පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාද සූදානම්ව සිටි බව එහිදී ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපයන් නිසා මේ වන විට ආණ්‌ඩුවට බරපතළ ලෙස හානි සිදුව ඇතැයි පවසන බොහෝ පිරිසක්‌ ආණ්‌ඩුව තුළ සිටින බව එක්‌ ඇමැතිවරයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක්‌ බොදුබල සේනා සංවිධානයට විරුද්ධ වූවත් එය එළිපිට ප්‍රකාශ කිරීමට මැළිකමක්‌ දක්‌වමින් සිටින බවද එම ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ආණ්‌ඩුවේ පිරිසක්‌ බොදුබල සේනා සංවිධානය රැක ගැනීමට උත්සාහ කරද්දී තවත් පිරිසක්‌ ඊට එරෙහිව කතා කරති.

මේ තත්ත්වය සමථයකට පත්කර ගැනීම සඳහා ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්‌ පසුගිය දින කීපය තුළ මැති ඇමැතිවරු කණ්‌ඩායම් දෙක හමුවී දැඩි උත්සාහයක නිරත වූහ.

මැතිවරණයක්‌ පැවැත්වෙන මේ අවස්‌ථාවේ මෙලෙස පිල්බෙදී කටයුතු නොකළ යුතු බව එම ජ්‍යෙෂ්ඨයන්ගේ ස්‌ථාවරය වී ඇත. රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ යන ඇමැතිවරුන්ට මෙන්ම අගමැතිවරයාටද බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ දොaෂාරෝපණ එල්ල කළහ. තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළැයි පවසමින් ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට ඥනසාර හිමියන්ගෙන් රුපියල් කෝටි 500 ක වන්දි ඉල්ලා එන්තර වාසියක්‌ද යවා ඇත.

එමෙන්ම පසුගිය දා රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ජනක බණ්‌ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු ඇමැතිවරු පිරිසක්‌ මහානායක හිමිවරුන් බැහැ දැකීමට ගොස්‌ බොදු බල සේනා සංවිධානයේ ක්‍රියා කලාපයට එරෙහිව උන්වහන්සේලා හමුවේ කරුණු දක්‌වා ඇත.

මහානායක හිමිවරුන් හමුවට පැමිණීමට පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාද සූදානම්ව සිටි බව එහිදී ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපයන් නිසා මේ වන විට ආණ්‌ඩුවට බරපතළ ලෙස හානි සිදුව ඇතැයි පවසන බොහෝ පිරිසක්‌ ආණ්‌ඩුව තුළ සිටින බව එක්‌ ඇමැතිවරයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක්‌ බොදුබල සේනා සංවිධානයට විරුද්ධ වූවත් එය එළිපිට ප්‍රකාශ කිරීමට මැළිකමක්‌ දක්‌වමින් සිටින බවද එම ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.