බොරෝබුදුර් විහාරයට
ප්‍රහාරයක්‌ එල්ල වුණොත් ඇමරිකාව වගකීම භාර ගත යුතුයි

ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් මුසම්මිල්

චමින්ද සිල්වා

ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් එහි වගකීම ,ෂීෂී අන්තවාදය" බිහිකොට පෝෂණය කළ ඇමරිකා එක්‌සත් ජනපදය භාරගත යුතු යෑයි ජාතික නිදහස්‌ පෙරමුණ කියා සිටී.

ජාතික නිදහස්‌ පෙරමුණ විසින් ඊයේ (31 වැනිදා) බත්තරමුල්ල පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා එසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද අදහස්‌ දැක්‌වීය.

"ස්‌ලැට්‌ෙµdaම් (Sක්‌එදෙරප) නම් වෙබ් අඩවියෙන් සහ ෙµaස්‌ බුක්‌ ජාලයන් හරහා ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප්‍රහාරයක්‌ එල්ල කරන බවට ෂීෂී අන්තවාදී සංවිධානය පසුගියදා ප්‍රකාශ කොට තිබුණා. මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා සාමය සහ සහජීවනය මෙන්ම ඓතිහාසික උරුමයන් අගය කරන බෞද්ධ ආගමිකයන්ගේ පමණක්‌ නොව සියලු ආගමිකයන්ගේ දැඩි පිළිකුලට හා විවේචනයට ලක්‌වුණා. ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාත් මෙම ප්‍රකාශය හෙළා දකිමින් ප්‍රකාශයක්‌ නිකුත් කර තිබුණා.

අවුරුදු 1200 කට වඩා පැරණි මෙම විහාරය ඒ නිසාම ලෝක උරුමයක්‌ ලෙසද නම් කර තිබෙනවා. ක්‍රිස්‌තු වර්ෂ 9 වැනි සියවසේදී ඉදිකර ඇති මෙම විහාරයේ බුද්ධ ප්‍රතිමා 504 ක්‌ තිබෙනවා. මුහුදු මට්‌ටමේ සිට අඩි 869 ක්‌ උසින් පිහිටි මෙම විහාරස්‌ථානය ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගත් ස්‌ථානයක්‌. මෙම විහාරස්‌ථානයට මීට ඉහතදීත් ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වී තිබෙනවා.

බෞද්ධාගමේ තිබෙන පන්සිල් පද 05 පිළිපදින එක අපට ප්‍රශ්නයක්‌ නොවෙයි. ඉන් ජීවිතයට ලැබෙන්නේ හොඳ දෙයක්‌. මම ඉස්‌ලාම් භක්‌තිකයෙක්‌ වූවත් පන්සිල් පදවල තිබෙන හරය ජීවිතයට එකතුකර ගන්න පැකිළෙන්නේ නැහැ. මැදපෙරදිග මුස්‌ලිම් ලක්‍ෂණවලට වැඩි ආසියාතික මුස්‌ලිම් ලක්‍ෂණ සහිත සමාජයක්‌ විදියටයි අපි ජීවත් වුණේ. එම තත්ත්වයන් ආරක්‍ෂා කර ගනිමින් අන්තවාදීව ක්‍රියාකරන පිරිස්‌ පරාජයට පත්කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අත්වැල් බැඳ ගත යුතුයි.

එසේම අපි ජාතික නිදහස්‌ පෙරමුණ ලෙස ඉන්දුනීසියානු රජයෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඓතිහාසික වටිනාකමක්‌ සහිත බොරෝබුදුර් විහාරය ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක්‌ යොදන ලෙස."
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.